පෙබරවාරි 21 බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත Global Synergy 2026 සම්මාන උළෙල සඳහා සියලු‍ කටයුතු සූදානම් කර අවසන් බව සංවිධායකයන් නිවේදනය කර තිබේ. ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් සහ නිර්මාණකරුවන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන ආරාධිතයන් රැසක් ඊට සහභාගී වීමට නියමිතය. 

පෙබරවාරි 10 දක්වා නිල වෙබ් අඩවිය ඔස්සේ ජනප්‍රිය කාණ්ඩය යටතේ කලාකරුවන් සඳහා වන සම්මාන සඳහා ඡන්දය ප්‍රකාශ කළ හැකිය. පෞද්ගලික සහ ව්‍යාපාරික යන අංශ යටතේ සම්මාන සඳහා අයැදුම් පත් භාර ගැනීම එදින දක්වා සිදු කෙරේ.

ඕස්ට්‍රේලියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මෘදුකාංග සංවර්ධන සමාගමක් වන Global Synergy Tea පෞද්ගලික සමාගම විසින් සංවිධානය කරනු ලබන Global Synergy 2026 සම්මාන උළෙල කර්මාන්ත රැසකට අදාළ විශිෂ්ටත්වය, නවෝත්පාදනය, නායකත්වය සහ සුවිශේෂ ජයග්‍රහණ ඇගැයීමට ලක් කරයි. 

මේ වන විට ලැබී ඇති උද්‍යෝගිමත් ප්‍රතිචාරය පිළිබඳව අදහස් දැක්වූ සංවිධායකයන් සඳහන් කළේ Global Synergy වේදිකාව කෙරෙහි විශ්වාසය තැබූ සියලු‍ දෙනාට ස්තුතිවන්ත වන බවයි. මෙරට ආර්ථික සහ සාමාජීය අභිවෘද්ධිය වෙනුවෙන් දායක වන සුවිශේෂ පුද්ගලයන් සහ ව්‍යාපාර ආයතන තව තවත් දිරි ගැන්වීම මෙම මුලපිරීමේ අරමුණ බවද ඔවුහු පැවසූහ. මීගමුව Global Synergy ලේකම් කාර්යාලය අමතා හෝ www.globalsynergyawards.com ඔස්සේ වැඩි තොරතුරු ගත හැකිය.