ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වන New Jayasekara Auto Motors සමාගම විසින් New Jayasekara පෞද්ගලික සමාගම සමග අත්වැල් බැඳ ගනිමින් පසුගිය නොවැම්බර් මස 13 වැනිදා සිය නවතම බහු සන්නාම විද්‍යුත් වාහන ප්‍රදර්ශනාගාරය කුරුණෑගල දී විවෘත කරන ලදී. ඕනෑම පාරිභෝගිකයකුට කිසිදු බාධාවකින් තොරව විද්‍යුත් වාහන පිරික්සා බලමින්, පරීක්ෂණ මට්ටමේ ධාවන සිදු කරමින් එම වාහන මිල දී ගැනීමට අවශ්‍ය වාතාවරණය සකසා දීම වෙනුවෙන් මෙම ප්‍රදර්ශනාගාරය නිර්මාණය කර තිබේ.
කුරුණෑගල ස්ථාපිත කරන ලද මෙම නව ප්‍රදර්ශනාගාරය තුළ Changan වෙතින් Avatr, SAIC Motor වෙතින් IM Motors, Xpeng, Geely Auto Group වෙතින් Riddara, King Long සහ KYC විද්‍යුත් වෑන් වැනි ලොව ප්‍රමුඛතම විද්‍යුත් වාහන දක්නට ලැබෙන අතර, මේ නිසා ඕනෑම පාරිභෝගිකයකුට සිය අවශ්‍යතාව අනුව විද්‍යුත් වාහනයක් මිලට ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ Evolution Auto සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා මහතා මේ පිළිබඳව මෙලෙස සිය අදහස් පළ කළේය.
“කුරුණෑගල දී මෙම ප්‍රමුඛ පෙළේ Evolution Auto ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් සමග ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි විද්‍යුත් වාහන මිල දී ගැනීමට බලා සිටින පාරිභෝගිකයන් වෙනුවෙන් අපි අලුත් බලාපොරොත්තුවක් ලබා දීමට සමත් වුණා. අපේ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ විද්‍යුත් වාහන සිහිනය සමග ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් මෙන්ම විශේෂඥ මගපෙන්වීමක් ද ලබා දෙමින් ඔවුන්ට සම්පූර්ණ සහාය ලබා දීමට අපි කැප වී සිටිනවා. එමෙන්ම මෙම ප්‍රදේශයේ වාහන පිළිබඳ ඉහළ ගෞරව නාමයක් දිනා ඇති New Jayasekara Auto Motors ආයතනය සමග ඇති කරගත් මෙම සබඳතාව මගින් අප පාරිභෝගිකයන්ට කිසිදු ගැටලුවලින් තොරව තම වාහන වෙනුවෙන් අලෙවියෙන් පසුව ද ඉහළ සේවාවක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවෙනවා.”
මීට අමතරව මෙම අවස්ථාවට සම්බන්ධ වූ New Jayasekara Auto Motors ආයතනයේ ආයතන ප්‍රධානී සුනිල් ජයසේකර මහතා විසින් මේ පිළිබඳව මෙසේ සිය අදහස් පළ කළේය.
“Evolution Auto ආයතනය සමග එක් වී මෙම නවතම බහු සන්නාම විද්‍යුත් වාහන ප්‍රදර්ශනාගාරය කුරුණෑගලට ගෙන ඒමට ලැබීම අපට ගෞරවයක්. New Jayasekara Auto Motors ආයතනය වසර 48කට අධික කාලයක් තිස්සේ කුරුණෑගල කලාපයේ ක්‍රියාත්මක වන අතර අලෙවියෙන් පසු සේවා ලබාදීමේ ප්‍රමුඛතමයා ලෙස අපි දඹුල්ල දක්වා අපගේ ප්‍රවේශය පුළුල් කර තිබෙනවා.”
ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රමුඛතම විද්‍යුත් වාහන දැන් අංක 485, කුරුණෑගල-පුත්තලම පාර, කුරුණෑගල පිහිටි Evolution Auto බහු සන්නාම විද්‍යුත් වාහන ප්‍රදර්ශනාගාරයෙන් මිල දී ගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd