ශ්‍රී ලංකාවේ විද්‍යුත් රථ (EV) වෙළෙඳපොළ නව මාවතකට ගෙන එමින්, Evolution Auto, විසින් XPENG G6 රථය ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වා දීමට සූදානමින් සිටියි. මැයි මස 15 වැනිදා, බම්බලපිටිය XPENG මෝටර් රථ ප්‍රදර්ශනාගාරයේ දී පැවැත්වීමට නියමිත මෙම නිල උත්සවය, මෙරට දැකිය හැකි වඩාත්ම ස්මාර්ට් හා ආකර්ෂණීය විද්‍යුත් රථය එළි දැක්වීමේ අවස්ථාව බවට පත්වනු ඇත.
XPENG G6 යනු ගෝලීය වශයෙන් Tesla Model Y හා ඍජුවම තරග කරන රථයකි. දියුණු තාක්ෂණය, නවීන නිර්මාණය, හා උසස් සුඛෝපභෝගී අත්දැකීම එකට එක් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රිමියම් විද්‍යුත් වාහන වෙළෙඳපොළට නව මුහුණුවරක් ලබා දීමට XPENG G6 සූදානම්ය. මෙම හඳුන්වාදීමෙන් දේශීය වාහන ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් පෙන්වා දෙයි. එහිදී සම්පූර්ණ අලෙවිය, සේවා සහ අලෙවියෙන් පසු සේවා සහාය සමග ලෝක මට්ටමේ විද්‍යුත් වාහන වඩාත් පුළුල් ලෙස ලබා ගැනීමේ හැකියාව ලබා දෙයි.
Evolution Auto වෙතින් XPENG ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දීම, හුදෙක් තවත් එක් වාහන මාදිලියක් හඳුන්වාදීමක් පමණක් නොවේ. මෙය වේගයෙන් ලෝකය පුරා වර්ධනය වන, උසස් තාක්ෂණයෙන් සමන්විත ජාත්‍යන්තර වාහන සන්නාමයක් හඳුන්වා දීමකි. මෙහිදී ස්මාර්ට් පද්ධති, ස්වයංක්‍රීය ධාවන තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය දිනපතා ධාවනයට එක් කර ඇත. G6 මාදිලිය මෙම දැක්ම නිරූපණය කරමින්, කාර්ය සාධනය සහ උසස් තාක්ෂණය අතර එකතුවක් ලබා දෙයි.
මේ වාහනයේ විශේෂ ලක්ෂණ අතර, එක් වරක් charge කරගත් විට (WLTP අනුව) කිලෝමීටර් 480 දක්වා ධාවනය කළ හැකි වීමත්, XPILOT හරහා Level 2 ස්වයං ධාවන පහසුකම් තිබීමත් ඇතුළත් වේ. එසේම අඟල් 15.6ක විශාල touch screen එකක් සහ වාහනය තුළ ගමන් අත්දැකීම තවත් උසස් කිරීමට උපකාරී වන 18-speaker X-opera ශබ්ද පද්ධතියක් ද ඇත.
මේ වාහනයේ තවත් ප්‍රායෝගික පහසුකම් කිහිපයක් ද තිබේ. ලීටර් 570ක විශාල බූට් එකක් (භාණ්ඩ ඇසිරීමේ ඉඩ), ඇතුළත මෘදු ආලෝක පද්ධතියක්, ඉදිරි ආසනවල වාතාශ්‍රය සහ සුවපහසුව පවතියි.
එසේම mobile app එකක් හරහා වාහනය දුරස්ථව පාලනය කළ හැක. එනම් මෙමගින් දුරස්ථව වාහනය පාක් කිරීම, charge කිරීම සඳහා වේලාව සකස් කිරීම, වාහනයේ ඇතුළත උෂ්ණත්වය දුරස්ථව පාලනය කිරීම සඳහා සහ digital key බෙදා ගැනීම වැනි පහසුකම් ලබාගත හැක. මේ සියල්ල නිසා G6 මාදිලිය තාක්ෂණිකව උසස් වාහනයක් පමණක් නොව, නවීන ජීවන රටාවට හොඳින් ගැලපෙන වාහනයක් බවට පත් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd