

බ්‍රවුන්ස් EV, PickMe සහ LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී සමග හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක කරන “Drive to Own’’ ව්‍යාපෘතිය යටතේ විද්‍යුත් වාහන 125ක් බෙදා දීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන - ගමනාගමන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. 2026 මාර්තු 20 වැනිදා ගාලු මුවදොර හෝටලයේදී පැවති මෙම උත්සවයේදී ශ්‍රී ලංකාවේ වාහනයක් හිමිකර ගැනීම සඳහා ප්‍රවේශ විය හැකි, තිරසාර සහ නව්‍ය විසඳුම් කරා වර්ධනය වෙමින් පවත්නා හැකියාව කැපී පෙනුණි.
මෙම ඉදිරි පියවර විශේෂයෙන් වර්ධනය වන ගෝලීය, භූ දේශපාලනික තත්වය හා ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවිය හැකි ඉන්ධන පිළිබඳ අභියෝග සැලකිල්ලට ගෙන, බ්‍රවුන්ස් EV, LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී සහ PickMe, ඉදිරිය ගැන සිතමින් ඇතිකරගත් උපායමාර්ගික සහයෝගීතාවේ වැදගත්කම අවධාරණය කරයි. ඉන්ධන මත යැපීමෙන් තොරව විද්‍යුත් වාහන වෙත යොමුවීමට සහාය වීමෙන් බ්‍රවුන්ස් EV, විශ්වාසදායක සහ අඛණ්ඩ ගමනාගමනය සහතික කරමින් ජීවනෝපාය සුරක්ෂිත කිරීමටද උපකාරී වේ.
මෙම වැඩසටහන යටතේ ලබාදෙන Wuling Binguo, Wuling Cloud මෙන්ම E6, E7සහ මෑතකදී හඳුන්වා දුන් E7 Pro සහ BAW E පන්තියේ වාහන ඇතුළු මාදිලි මගින් බ්‍රවුන්ස් EV හි පුළුල් වන විද්‍යුත් වාහන පෙළ නියෝජනය කරයි. මේ සෑම මාදිලියක්ම දේශීය රිය පැදවීමේ තත්වයට සරිලන ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර, රියැදුරන්ට ඔවුන්ගේ ඉපැයීමේ හැකියාව වර්ධනය කරලීමට සහ සමස්තයක් ලෙස ඔවුන්ගේ ජීවන තත්වය වැඩිදියුණු කරලීමට සහාය වේ. දිවයින පුරා විද්‍යුත් ප්‍රවාහන - ගමනාගමන ප්‍රවේශය පුළුල් කිරීමේ අරමුණින් ස්ථාපිත කළ මෙම ව්‍යාපෘතිය සාමාන්‍ය රියැදුරකුගේ එදිනෙදා ජීවන රටාව සැලකිල්ලට ගෙන සකසා ඇත. එහිදී දැරිය හැකි මිල ගණන්, නම්‍යශීලීත්වය, දිගුකාලීන මූල්‍ය සවිබල ගැන්වීමෙන් වාහනයක හිමිකාරීත්වය සඳහා පැහැදිලි මාවතක් ලබාදීම විශේෂත්වයකි.
මෙය බ්‍රවුන්ස් EV, LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී සහ PickMe, ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් මෙන්ම, ශ්‍රී ලංකාවේ විද්‍යුත් ප්‍රවාහන ගමනාගමන කටයුතු ප්‍රවර්ධනය කිරීමේ මහඟු මෙහෙවරක් ඉටුකරන මාධ්‍ය සහ රියැදුරු හවුල්කරුවන් එක්වූ අවස්ථාවක්ද විය. ප්‍රමුඛ පෙළේ දේශකයකු විසින් සියල්ලන් දිරිගන්වමින් පවත්වන ලද ප්‍රධාන දේශනයෙන් අද දක්නට ලැබෙන ආර්ථික වටපිටාව තුළ ඔරොත්තු දීමේ හැකියාව, අභිලාෂ සහ අනාගතය කෙරෙහි අවධානයෙන් කටයුතු කිරීමේ වැදගත්කම, වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
‘Drive to Own’ ආකෘතිය යටතේ ගනුදෙනුකරුවන්ට රු. 400,000 මූලික තැන්පතුවකින් වාහනයක හිමිකාරීත්වය උදෙසා සිය ගමන ආරම්භ කළ හැකි අතර, රු. 3,614 ක තරගකාරී දෛනික කුලියකින් එය ගෙවාගෙන යා හැකි වේ. එමෙන්ම වැඩි මූලික තැන්පතුවක් ගෙවීමෙන් රියැදුරන්ට ඔවුන්ගේ ආපසු ගෙවීමේ කාලය හෝ දෛනික කුලී ගාස්තු අඩුකර ගත හැකි වේ. මෙම විශේෂාංග PickMe රියැදුරන්ට සහ සිය ආදායම වර්ධනය කර ගැනීම සහ පවත්වා ගැනීම සඳහා තිරසාර ප්‍රවාහනය මත විශ්වාසය තබන අනෙකුත් ස්වාධීන ව්‍යවසායකයන්ට සහායක් වන ලෙසින් සකස් කර ඇත. බ්‍රවුන්ස් EV හි මෙම මං සලකුණ පිළිබඳව අදහස් දක්වමින් එහි විධායක අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා මෙසේ පැවසීය. “Drive to Own බොහෝ ශ්‍රී ලාංකිකයන්ට අධික මූල්‍ය බරකින් තොරව වාහනයක් හිමිකර ගැනීමට අවස්ථාව උදා කරන නව්‍ය විසඳුමක් වන අතර, එමගින් ඉහළ ස්වාධීනත්වයක් සහ දිගුකාලීන ස්ථාවරත්වයක් ප්‍රවර්ධනය කරයි”.
බ්‍රවුන්ස් EV, ප්‍රධාන විධායක නිලධාරිණී පවිත්‍රා ජයසේකර මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. “මෙම වැඩසටහන, නම්‍යශීලී මූල්‍ය සහාය සහ උසස් තත්වයේ EV විසඳුම් හරහා මෙරට විද්‍යුත් වාහන ගමනාගමනය මහජනතාවට වඩාත් ප්‍රවේශ විය හැකි තත්වයට පත්කිරීම සඳහා අපගේ කැපවීම පිළිබිඹු කරයි. එමඟින් දුෂ්කර අභියෝග හමුවේ වුවද සුරක්ෂිත සහ තිරසර අනාගතයක් ගොඩනැංවීම සඳහා රියැදුරන් සවිබල ගන්වයි.’’
මෙලෙස වාහන 125ක් ලබාදීම ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන භාවිතය වේගවත් කිරීම උදෙසා වඩාත් පුළුල් ප්‍රයත්නයක ආරම්භය සලකුණු කරන අතර, වැඩි විශ්වාසයක්, සුරක්ෂිතතාවක් සහ අවස්ථාවලින් රියැදුරන්ට සහායක් පිරිනමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd