වැසිකිළි හා අපජල පිරිපහදු නිෂ්පාදන සැපයුම්කරුවකු වන Daiki Axis Environment (Pvt) Ltd  සමාගම 14 වැනි වාර්ෂික  Green Building 2025  සම්මාන උළෙලේදී  විශේෂ ඇගයීම් ත්‍රිත්වයක් හිමි කර ගන්නා ලදී. 

ලංකාව පුරා තිරසාර පරිසර හිතකාමී නිෂ්පාදන සහ පරිසරය වෙනුවෙන් ඉටු කරන මෙහෙය අගය කිරීම වෙනුවෙන් ධයිකි ඇක්සිස් සමාගමට, ඉදිකිරීම් ද්‍රව්‍ය සහ නිෂ්පාදන අංශයේ 2025 වසරේ හරිත ව්‍යාපාර නායකත්වය (Green Business Leadership of the Year) ) සඳහා වන සම්මානය සහ Green Building Council of Sri Lanka (GBCSL) විසින් එහි ප්ලැටිනම් සාමාජිකත්වය පිරිනමන ලදී. 

ධයිකි ඇක්සිස් සමාගම සතු උසස් Johkasou පද්ධති වන XH සහ BAE මාදිලි සඳහා ලංකාවේ පළමු සහ එකම හරිත සහතිකය ලද අපජල කළමනාකරණ නිෂ්පාදනය සඳහා වන සම්මානය ද එහි දී හිමි විය. එමගින් ලංකාවේ පළමු සහ එකම හරිත සහතිකය ලද අප ජල කළමනාකරණ සමාගම බවට ධයිකි ඇක්සිස් සමාගම පත්විය. Johkasou පද්ධති යනු ස්වායු සහ නිර්වායු ජීව විද්‍යාත්මක ක්‍රියාවලි ඒකාබද්ධ කරනු ලැබූ  සංයුක්ත අපජල පිරිපහදු ඒකක වේ. ජපානයේ මධ්‍යගත පවිත්‍රකරණ පද්ධති  නොමැති ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන මෙම ඒකකවල විශ්වසනීයත්වය, කාර්යක්ෂමතාව සහ ක්‍රියාකාරීත්වයේ පහසුව හුදෙක් අගය කරනු ලබයි.

ධයිකි ඇක්සිස් සමාගමේ ලාංකීය අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රභාත් දහනායක සිය අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.”‍ ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය මගින් ප්‍රදානය කරන ලද සම්මාන ත්‍රිත්වයක් ධයිකි ඇක්සිස් සමාගමට හිමි වීම පිළිබඳව  ලාංකිකයන් ලෙස අපි ආඩම්බර වන්නෙමු. ජපන් තාක්ෂණයෙන් මුල් බැසගත් අති නවීන, පාරිසරික වශයෙන් වගකිවයුතු අපජල විසඳුම් ලබා දීමේ අපගේ මෙහෙවර විශිෂ්ට සේවය මෙමගින් තහවුරු කරයි. ධයිකි සමාගම ලංකාවේ කුඩා ප්‍රමාණයේ සිට දැවැන්ත අති සාර්ථක ව්‍යාපෘති 600කට වඩා අවසන් කරමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝ සමාගම් සමග එක්ව කටයුතු කරනු ලබයි. මෙම සම්මාන සඳහා අප තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයට අපගේ කෘතඥතාව පළ කර සිටිනවා. ”‍ 

පූර්ණ ජපන් හිමිකාරීත්වය සහිත ධයිකි ඇක්සිස් එන්වයර්මන්ට්ස් සමූහයේ අනුබද්ධිත ආයතනයක් වන ධයිකි ඇක්සිස් ශ්‍රී ලංකා සමාගම, මෙරට තුළ කාර්යක්ෂම අපජල කළමනාකරණ පද්ධති ජාලයක් ගොඩ නැගීමට  අති නවීන තාක්ෂණික දැනුම එක් කරමින් තිරසාර පරිසර හිතකාමී විසදුම් ගෙන ඒමට නිරන්තරයෙන් කැපවී කටයුතු කරයි.