DFCC බැංකුව පසුගිය 06 වැනිදා කොළඹ කොටස් හුවමාරුවෙහිදී විවෘත කළ හරිත, සමාජ සහ තිරසාර (GSS+) බැඳුම්කරය වෙත අධිදායකත්වයක් හිමි වූ බව පවසයි.
ඒ අනුව එම නිකුතුව මිලදී ගැනීම සඳහා විවෘත කළ ටික වේලාවකින් ඉල්ලුම්පත්‍ර මිලියන 100කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් වූ බව බැංකුව සඳහන් කරයි. එම තත්වයත් සමගින්ම එදින පස්වරු 4.30 ට ඉල්ලුම්පත් භාර ගැනීම අත්හිටුවා තිබේ.
බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවා ගත හැකි බැඳුම්කර ලෙස මෙම GSS+ නිකුතුව සිදු කෙරිණි. මේවා වසර පහකින්, හතකින් සහ දහයකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරී තිබේ. මෙහිදී මූලික නිකුතුව ලෙස බැඳුම්කර කොටස් මිලියන 70ක් නිකුත් කෙරුණු අතර, ඊට හිමි වූ අධි දායකත්වයත් සමගින් තවත් කොටස් මිලියන 30ක් නිකුත් කෙරිණි. ඒ අනුව සමස්ත නිකුතුව හරහා කොටස් මිලියන 100ක් නිකුත් කෙරුණු අතර, කොටසක් රුපියල් 100ක් බැගින් සමස්ත නිකුතුව හරහා රැස් කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 10කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd