කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ප්‍රමුඛ සමාගමක් වන Chevron Lubricants Lanka PLC (LLUB), 2025 වසරේදී තම ඉතිහාසයේ ඉහළම ආදායම වාර්තා කරමින් සුවිශේෂී මූල්‍ය සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.
CSE වෙත නිකුත් කරන ලද සිව්වැනි කාර්තුවට අදාළ අතුරු මූල්‍ය ප්‍රකාශනවලට අනුව Chevron Lanka සමාගම රුපියල් බිලියන 24.39 ක වාර්තාගත පිරිවැටුමක් (Topline) හිමිකරගෙන ඇති අතර සමාගමේ ශුද්ධ ඉපැයීම් පළමු වරට රුපියල් බිලියන 4 සීමාව ඉක්මවා යමින් මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමටද සමත්ව තිබේ. මෙය එම සමාගම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ වසර 32ක කාලය තුළ වාර්තා කළ ඉහළම ඉපැයීම ලෙස සැලකේ.
2025 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සමාගම වාර්තාගත ආදායමක් උපයා ඇති අතර, විකුණුම් පරිමාවේ වාර්තා වූ ඉහළ ප්‍රතිශතාත්මක වර්ධනය ඒ සඳහා මූලික විය. මෙම විශිෂ්ට මූල්‍ය ක්‍රියාකාරීත්වය හේතුවෙන් වසර නවයකට පසු වාර්තා වූ ඉහළම කොටසකට ලාභාංශය (Dividend per share) වන රුපියල් 16ක් සහ වසර පහකට පසු වාර්තා වූ ඉහළම ලාභාංශ ගෙවීමේ ප්‍රතිශතය percentage) වන සියයට 95ක් සිය කොටස්හිමියන් වෙත ලබා දීමට සමාගමට හැකියාව ලැබී ඇත.
Chevron Lanka සමාගම මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සිය විශිෂ්ටත්වය තහවුරු කරමින්, Business Today වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවේ ඉහළම ලැයිස්තුගත සමාගම් 40 අතරට අඛණ්ඩව ඇතුළත් වී තිබේ. එසේම, වත්කම් මත ප්‍රතිලාභ (ROA), කොටස් හිමියන්ගේ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ (ROE) සහ වත්කම් භාවිතය වැනි ප්‍රධාන මූල්‍ය දර්ශක මත පදනම්ව LMD ශ්‍රේණිගත කිරීම්වල ඉහළම සමාගම් 10 අතරටද මෙම සමාගම පත්ව ඇත. මීට අමතරව, ඔවුන්ගේ ‘කැල්ටෙක්ස්‘ (Caltex) සන්නාමය මෙරට තෙල් හා ගෑස් ක්ෂෙත්‍රයේ වඩාත්ම ජනප්‍රිය සන්නාමය ලෙස ඇගයීමට ලක්ව ඇති අතර, 2025 වසරේ ලංකා සේවායෝජක සම්මේලනයෙන් මෙරට හොඳම සේවායෝජකයන් 15 දෙනා අතරටද චෙව්රොන් ලංකා සමාගම තේරීපත්වීම සුවිශේෂීජයග්‍රහනයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd