ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ දිගු කාලයක් මුළුල්ලේ අඛණ්ඩව අරමුදල් කළමනාකරණයෙහි නියුතු, Ceybank ඒකකභාර අරමුදල් කළමනාකරණ ආයතනය (Ceybank Asset Management Ltd), මෙරට සියලු‍ම පුරවැසියන්ට පහසුවෙන් ප්‍රවේශය විය හැකි, විශ්වාසනීය මෙන්ම වෘත්තීය වශයෙන් ප්‍රවීණත්වය ලැබූ විශිෂ්ට කළමනාකරණ මණ්ඩලයක මඟපෙන්වීම යටතේ ආයෝජන අවස්ථා සහ විසඳුම් ලබා දෙමින්, ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ ප්‍රමුඛතම මූල්‍ය කළමනාකරණ ආයතනයක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකා ඒකකභාර සංගමය (UTASL) විසින් පසුගිය ඔක්තෝම්බර් මස 27 වැනිදා සිට 31 දක්වා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ දී පවත්වන ලද ඒකකභාර අරමුදල් ආයෝජනය පිළිබඳ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා UTASL) හි ප්‍රමුඛතම සාමාජික සමාගමක් වන Ceybank ඒකකභාර අරමුදල් කළමනාකරණ ආයතනය විසින් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන ලදී. එහි දී වෘත්තීය ආයෝජන කළමනාකරණයෙන් ලැබෙන ප්‍රතිලාභ මෙන්ම ආකර්ෂණීය ආයෝජන අවස්ථා සහ ආයෝජන තීරණ ගැනීම පිළිබඳ දැනුවත්භාවය ලබා දීමත්, ඒකකභාර අරමුදල් පිළිබඳ මහජන උනන්දුව වර්ධනය කිරීමත් මූලික අරමුණු කරගෙන, ඒකකභාර ක්ෂේත්‍රයේ අනෙකුත් ප්‍රවීණයන් සමග එක්ව සාමුහික ප්‍රයත්නයක් ලෙස එම වැඩසටහන සාර්ථකව දියත් කෙරිණි.
Ceybank ඒකකභාර අරමුදල් කළමනාකරණ සමාගමෙහි ශක්තිමත් පදනම වනුයේ එහි සිය කොටස් හිමිකාරිත්වය දරණ ව්‍යුහය වන ලංකා බැංකුව (BOC), ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (SLIC), Carson Cumberbatch PLC, සමාගම වැනි මෙරට ඉතා ඉහළ පිළිගැනීමක් ඇති ආයතන ත්‍රිත්වය සහ කලාපීය වශයෙන් දැවැන්තයකු වන ඉන්දීය ඒකකභාර අරමුදල (SUUTI) යන ආයතනවල එකතුවයි.
මෙම ශක්තිමත් වූ කොටස් හිමිකාර සමාගම් පදනම හරහා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන අරමුදල් කළමනාකරණ සමාගමක් ලෙස Ceybank ඒකකභාර අරමුදල් සමාගම ඉස්මතු වේ. 
එමෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) විසින් Ceybank හි සියලු‍ම අරමුදල් සඳහා භාරකරු ලෙස ක්‍රියා කරන අතර, එමගින් ද අයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් ඉහළ නියාමන අධීක්ෂණයක් සහ සුරක්ෂිතභාවයක් ලබා දී තිබේ.
මේ වන විට Ceybank ඒකකභාර අරමුදල් කළමනාකරණ සමාගම විසින් සමාගමෙහි වර්ධනය හා ව්‍යාප්තිය වේගවත් කිරීමේ ඉදිරිගාමී පියවරක් ලෙස නව පරිගණක පාදක තොරතුරු පද්ධතියක් ස්ථාපනය කර ඇති අතර, ඒ මගින් අයෝජකයන්ට තම සේවා වඩ වඩාත් කාර්යක්ෂමව ඉටු කර ගැනීමට සහ නව්‍ය අයෝජන අත්දැකීමක් ලබා ගැනීම සඳහා අවකාශය ලබා දී තිබේ.
Ceybank ඒකකභාර කළමනාකරණ ආයතනය, ක්‍රමක්‍රමයෙන් තම සේවා ප්‍රවර්ධනය කරමින්, “ඔබ කවරෙකු වුව ද, ඔබ කුමක් කළ ද, Ceybank ඒකකභාර අරමුදල තුළ ඔබ වෙනුවෙන් ආයෝජන විසඳුමක් පිරිනමා ඇත” යන පදනම ගම්‍ය කරයි. මූල්‍ය ස්ථාවරත්වය සහ ජනතා විශ්වාසය සමඟ සෑම ලාංකික පුරවැසියකුට විශ්වාසයෙන් තම අයෝජන කිරීමට අවශ්‍ය වපසරිය සකසමින්, Ceybank වර්තමානයේ දී පෙරටත් වඩා එම වගකීම ශක්තිමත්ව ඉටු කිරීමට කැපවී සිටී.