- පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය සමග වෙළෙඳාම, ආයෝජන සහ ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ අවධානය
- 2024 දී පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් වෙත සිදු කළ අපනයනයේ වටිනාකම ඩොලර් මිලියන 923.73 ක්
පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යවසාය සහ ආයෝජන කවුන්සිලයේ (CWEIC) සභාපති ලෝඩ් මාර්ලන්ඩ් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා පැවැත් වූ බව එම කවුන්සිලය පවසයි.
එම හමුවේදී ශ්‍රී ලංකාව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර වෙළෙඳාම, ආයෝජන සහ ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව සඳහන් වෙයි.
“මෙහිදී ක්‍රමෝපායික හවුල්කාරීත්වය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය වෙළෙඳ පොළේ තිරසාර සංවර්ධනය සහ සමෘද්ධිය හුවමාරු කර ගැනීම සඳහා වන දිගුකාලීන සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කෙරුණා.” යනුවෙන් එම කවුන්සිලය පවසයි.
විශේෂයෙන්ම CWEIC ශ්‍රී ලංකාව සමගින් පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් ව්‍යාපාර, ආයෝජන සහ ආර්ථික සංවර්ධනය සඳහා වන නව අවස්ථා විවෘත කර ගැනීම සඳහා වඩාත් සමීපව කටයුතු කරන බවත් මෙහිදී පවසා සිටියි.
2024 වසරේදී ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය වෙත සිදු කළ අපනයනයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් ඩොලර් මිලියන 923.73 ක් වාර්තා කර තිබේ. එහිදී එක්සත් රාජධානිය, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ප්‍රධානතම වෙළෙඳපොළ ලෙස හඳුනාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd