
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම්. මානගේ
CNCI සභාපති ප්‍රදීප් කහවලගේ
ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) විසින් කාර්මික විශිෂ්ටත්වය සඳහා වන “CNCI ජයග්‍රාහක සම්මාන 2026” නිල වශයෙන් දියත් කිරීමේ මාධ්‍ය හමුව පසුගියදා කොළඹ “ටාජ් සමුද්‍රා” හිදී පැවැත්විණි. මෙම වසරේ සම්මාන උළෙල අඛණ්ඩව 25 වැනි වරටත් පැවැත්වේ.
තම ව්‍යාපාරවල හොඳින් දක්ෂතා දක්වන කර්මාන්තකරුවන් හඳුනාගෙන ඔවුන්ට ත්‍යාග පිරිනැමීමෙන් රට තුළ කාර්මික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා CNCI විසින් ජයග්‍රාහක සම්මාන යෝජනා ක්‍රමය ආරම්භ කර ඇත. ජයග්‍රාහක සම්මාන යෝජනා ක්‍රමය කාර්මික අංශය අතර ඉතා ජනප්‍රිය වන අතර පළාත් සහ ජාතික මට්ටමින් තරග කිරීමට අති විශාල, විශාල, මධ්‍යම, කුඩා සහ ක්ෂුද්‍ර කාණ්ඩවල සියලුම කර්මාන්තකරුවන්ට වටිනා අවස්ථාවක් ලෙස සැලකේ.
“CNCI ජයග්‍රාහක සම්මාන” තරගය රාජ්‍ය අංශයේ කාණ්ඩය යටතේ තරග කිරීමට රාජ්‍ය ආයතන සඳහා විවෘතය.
CNCI සභාපති ප්‍රදීප් කහවලගේ මහතා රැස්ව සිටි පිරිස පිළිගනිමින් පැවසුවේ, “CNCI ජයග්‍රාහක සම්මාන” උළෙල ආයතනික නිෂ්පාදන සහ සේවා අංශවල කාර්මික විශිෂ්ටත්වයේ මිණුම් ලකුණක් ලෙස පිළිගෙන ඇති බවත්, මෙම විශිෂ්ට සම්මාන ප්‍රදානය කිරීමේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාවේ සුදුසු කර්මාන්ත හඳුනා ගැනීම බවත්ය.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම්. මානගේ මහතා පැවසුවේ, තරගකාරී සමාගම් ගුණාත්මක ප්‍රමිති, ඵලදායිතාව, ආයතනික සැලැස්ම, පර්යේෂණ සහ සංවර්ධනය, සේවක ප්‍රතිලාභ, කම්කරු සබඳතා යනාදී ක්ෂේත්‍රවල ඔවුන්ගේ කාර්ය සාධනය මත පදනම්ව ඇගයීමට ලක් කරන බවත්, සමාජීය හා පාරිසරික බැඳීම් පිළිබඳ සැලකිලිමත් වෙමින් මෙම කර්මාන්ත තවදුරටත් ඉහළට යාමට දිරිමත් කරන බවත්ය. කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහා ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ නොසැලෙන කැපවීම ඔහු අවධාරණය කළේය.
CNCI සහ ජයග්‍රාහක සම්මාන විනිශ්චය කිරීමේ සභාපති අමිල සුගතපාල මහතා, CNCI ජයග්‍රාහක සම්මාන සඳහා වන අයදුම්පත් දැඩි ඇගයීමේ ක්‍රියා පටිපාටියකට යටත් වන බව අවධාරණය කළේය. මුලදී, ලැබෙන අයදුම්පත් බාහිර විගණන කණ්ඩායමක් විසින් පරීක්ෂා කරනු ලබන අතර අභ්‍යන්තර විනිශ්චය මණ්ඩලයක් විසින් ඒවායේ කාර්ය සාධනය මත පදනම්ව අයදුම්පත් ඇගයීමට ලක් කරනු ඇත. අවසාන වශයෙන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් බාහිර විනිශ්චය මණ්ඩලයක් විසින්, එක් එක් සමාගම විසින් ලබා ගන්නා ලද සම්පූර්ණ ක්‍රියාවලිය/ ලකුණු පරීක්ෂා කර, පසුව අවසන් තීරණය ගනු ලැබේ.
CNCI මහලේකම් මේජර් ජෙනරාල් සමන්ත වික්‍රමසේන (විශ්‍රාමික) මහතා ස්තූති කතාව පැවැත්වීය.
ජයග්‍රාහක සම්මාන අයදුම්පත් අංක 20, ගාලු මුවදොර 2, කොළඹ 3, CNCI ලේකම් කාර්යාලයෙන් ලබා ගත හැකිය, නැතහොත් ඒවා www.cnci.lk වෙබ් අඩවියෙන් බාගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd