• Introduction  ක්‍රමවේදය යටතේ ඒකක 841,263,375 ක් ලැයිස්තුගත කෙරේ
කැපිටල් එලායන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් සමාගමේ වසර 3ක සංවෘත ඒකක (units) අරමුදල (CAL 03 year closed end fund) කොළඹ කොටස් හුවමාරුව (CSE ) තුළ ලැයිස්තුගත කිරීමට සූදානමින් සිටින බව පවසයි. 
Introduction ක්‍රමවේදය යටතේ මෙම ලැයිස්තුගත කිරීම සැලසුම වී තිබේ. මෙහිදී අරමුදලට අයත් ඒකක (units) 841,263,375 ක් ලැයිස්තුගත කෙරෙන බව සමාගම සඳහන් කරයි.  
කොළඹ කොටස් හුවමාරුව තුළ සිදුකරන මූලික මහජන කොටස් නිකුතුවකින් (IPO) තොරව එහි ලැයිස්තුගතවීම සඳහා අලු‍ත් සමාගම් වෙත අවස්ථාව ලබා දෙන ක්‍රමවේදයක් ලෙස මෙම Introduction ඉදිරිපත්ව තිබේ.