
Bureau Veritas සමාගමට අනුබද්ධිත Bureau Veritas Consumer Products Services Lanka පුද්ගලික සමාගම සිය සේවක අභිවෘද්ධිය සහ ආයතනික සංස්කෘතිය වෙනුවෙන් පසුගියදා පැවැති Great HR Awar - 2025 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවිය. ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනය (CIPM) මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කෙරුණි.
Bureau Veritas CPS සමාගම සිය මානව සම්පත් කළමනාකරණය වෙනුවෙන් ජාතික මට්ටමේ සම්මානයක් දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය වීම ද කැපීපෙනේ. වසර ගණනාවක් මුළුල්ලේ සිය කාර්ය මණ්ඩලයට පෞද්ගලිකව මෙන්ම වෘත්තීයමය වශයෙන්ද දියුණු වීම සඳහා සමාගම ලබාදුන් මගපෙන්වීමට මෙය වටිනා සහතිකයකි.
‘‘අධ්‍යාපනික, සහතික කිරීමේ සහ උපදේශන සේවා” අංශයේ මහා පරිමාණ ව්‍යාපාර කාණ්ඩය යටතේ තරග කළ සමාගම සුවිශේෂී මානව සම්පත් භාවිතාවන් සහ සමාගමේ සෑම ක්‍රියාකාරකමකදීම සේවකයන්ට මුල් තැන දීම සඳහා පැහැදිලි කැපවීමක් පෙන්නුම් කිරීම සම්මාන ඇගයීමේදී සැලකිල්ලට බඳුන්වී තිබුණි. මෙම සම්මානය පිරිනැමීමේදී විවිධ ආයතන තම සේවකයන් කළමනාකරණය කරන සහ සංවර්ධනය කරන ආකාරය මැන බැලීම සඳහා නිර්මාණය කර ඇති විවිධ තක්සේරු ක්ෂේත්‍ර 16 ක් ආවරණය වන පරිදි සම්පූර්ණ ඇගයීම් ක්‍රියාවලියක් අනුගමනය කර තිබුණි.
සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් කිහිපයක් මෙම සම්මානය දිනාගැනීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන ලදී. සමාගමේ සෑම මට්ටමකම නායකයන් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක “Adding Life to Years නායකත්ව සංවර්ධන වැඩසටහන, සේවකයන් සහ මානව සම්පත් අංශය එකට එක්ව ගැටලු විසඳාගැනීමට කටයුතු කරන “HRtogether” වැඩසටහන, සේවක අභිවෘද්ධියෙන් ආයතනික අභිවෘද්ධිය ළඟාකරගැනීමේ “Together We Grow” වැඩසටහන යන වැඩසටහන් ඒ අතර විය.
පසුගිය වසර කිහිපය තුළ, Bureau Veritas සේවකයන්ට වටිනාකමක් පිරිනමන, සවන්දෙන සහ සහයෝගය පිරිනමන සේවා සංස්කෘතියක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇත. සමාගමේ සියලු මානව සම්පත් ක්‍රියාකාරකම් මූලික අදහස් තුනක් මත රඳා පවතී. ඒවා නම්, සවිබලගැන්වීම, සම්බන්ධකරගැනීම සහ ප්‍රීතිමත්බව වේ.
සතුට සහ අයිතිවාසිකම් අගය කරන සේවා ස්ථාන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා සමාගම විශාල වශයෙන් ආයෝජනය කර ඇත.
COMMENTS