
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස අර්ජුන හේරත් මහතා පත් කරගන්නා බව එම සමාගම පවසයි. ඒ අනුව ලබන මැයි 01 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර ගැනීමට නියමිතව තිබේ.
මෙම පත්වීම ලැබීමට පෙර අර්ජුන හේරත් මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) හි සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, පසුගිය ජනවාරි 31 වැනිදා සිට ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් විය.
සුප්‍රසිද්ධ Ernst & Young (EY) ආයතනයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ජ්‍යෙෂ්ඨ හවුල්කරුවකු සහ උපදේශක ප්‍රධානී ලෙස කටයුතු කළ අර්ජුන හේරත් මහතා දැනට වසර කිහිපයකට පෙර ඉන් විශ්‍රාම ගොස් තිබේ. ඊට පෙර ඒ මහතා සිලෝන් ටොබැකෝ කම්පැනි හි අලෙවි සංවර්ධන නිලධාරිවරයා ලෙස මෙන්ම මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා හි සාංගමික මූල්‍ය අධ්‍යක්ෂවරයා ලෙසින්ද කටයුතු කර තිබේ.
අද වනවිට ඒ මහතා කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂවරයකු ලෙස මෙන්ම තවත් ලැයිස්තුගත සහ පෞද්ගලික සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල ධුර දරන බව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd