
මෙරට ප්‍රමුඛතම තේ වෙන්දේසි සැපැයුම් සේවා සපයන්නකු වන Asia Siyaka Warehousing පෞද්ගලික සමාගම ගෝලීය වශයෙන් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ZeroCarbon සහතිකය ලැබූ පළමු තේ සැපැයුම් සමාගම බවට පත් වී තිබේ. ඒ තුළින් තිරසාරත්වය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ වගකීම්සහගත සැපැයුම් දාම කළමනාකරණය වෙනුවෙන් එම සමාගම සතු කැපවීම තහවුරු වේ.
Sustainable Future Group (SFG) සංවිධානය හරිතාගාර වායු විමෝචනය විද්‍යාත්මක සහ පුළුල් ලෙස ගණනය කිරීම, විමෝචන වායු අවම කිරීම සඳහා ඵලදායි උපායමාර්ග අනුගමනය කිරීම සහ කාබන් දහනය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුගත වෙමින් විමෝචන වායු පිටුදැකීම යන අංශවලට අදාළව විශිෂ්ට කාර්යසාධනයක් සහිත සමාගම්වලට ZeroCarbon සහතිකය පිරිනමයි.
Asia Siyaka සමාගමේ විශේෂ ගබඩාව LEED (බල ශක්ති සහ පාරිසරික නිර්මාණ නායකත්ව) සහතිකයද ලබා ඇත. ගෝලීය වශයෙන් LEED සහ ZeroCarbon යන සහතික දෙකම ලැබූ පළමු තේ සැපයුම් සමාගම එය වේ. ගුණාත්මකභාවය, සුරක්ෂිතභාවය සහ අන්තර්ජාතික යහ පුරුදු ඉහළින් සළකන එම සමාගම ආහාර සුරක්ෂිතතාව සඳහා වන ISO 22000 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයටද හිමිකම් කියයි. සහතිකකරණ ක්‍රියාවලිය අතරතුර Asia Siyaka සමාගමේ බල ශක්ති භාවිතය, සම්පත් කාර්යක්ෂමතාව සහ විමෝචන කළමනාකරණය ඇතුළු සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය දැඩි පරීක්ෂාවට ලක් විය. එම සමාගම කාබන් විමෝචනය පූර්ණ වශයෙන් පිටුදැකීමේ අරමුණෙන් තිරසාරත්ව සහ පාරිසරික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම ජයග්‍රහණයෙන් නිෂ්පාදකයන්, තැරැව්කරුවන් සහ අපනයනකරුවන් සැපැයුම් ආශ්‍රිත වායු විමෝචනය අවම කර ගනිමින් පාරිසරික, සමාජීය සහ පරිපාලන කාර්යසාධනය ඉහළ නංවා ගැනීමට පෙළඹෙනු ඇත. Asia Siyaka Warehousing Pvt Ltd කොළඹ වරායට ආසන්නව වත්තල මුතුරාජවෙල ප්‍රදේශයේ පිහිටා ඇත. එය ඕනෑම අවස්ථාවක තේ කිලෝ ග්‍රෑම් මිලියන 11ක් දැරිය හැකි රාක්ක 29,000ක ධාරිතාවකින් සමන්විත වන අතර වර්ග අඩි 240,000ක් අක්කර 6 ක භූමියක පිහිටා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd