ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ විශ්වාසදායී පුරෝගාමියකු ලෙස සිය ස්ථානය නැවත වරක් තහවුරු කරමින්, Groundworth (PVT) Ltd, Asia Property Guru Awards 2025 හිදී Land Investments කාණ්ඩය යටතේ විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. ආයෝජකයන්ට දිගුකාලීන වටිනාකමක් සහතික කරමින්, සුවිශේෂී ආයෝජනයක් අත්පත් කර දෙන ආකාරයේ ඉඩම් හඳුන්වා දීම සඳහා Groundworth හි කැපවීම මෙම සම්මානයෙන් පිළිබිඹු කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් Groundworth හි සම නිර්මාතෘ කසුන් අන්ද්‍රහෙන්නදි මහතා මෙසේ පැවසුවේය. “මෙම සම්මානය හුදෙක් ඉඩමක් ලබාදීමකට වඩා වැඩි යමක් නිර්මාණය කිරීමේ අපගේ දැක්ම පිළිබඳ සාක්ෂියක්. අප විසින් සිදු කරන සෑම ව්‍යාපෘතියක්ම සැලසුම් කර ඇත්තේ ආයෝජන හැකියාව උපරිම කිරීම සඳහායි.”
“අපගේ පොරොන්දුව, සැමවිටම පාරිභෝගිකයන්ට ආරක්ෂිත, අනාගතයට සූදානම් ආකාරයේ ආයෝජන ලබා දීමයි. මෙම සම්මානය දිනා ගැනීමෙන් අපගේ ප්‍රවේශය තවදුරටත් තහවුරු කරන අතර දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නවෝත්පාදන බිහි කරමින් නව මං සලකුණු තැබීමට අපව දිරිමත් කරනවා.” Groundworth හි සම නිර්මාතෘ හාන්ස් ක්‍රිස්ටියන් ගට් මහතා මෙසේ සිය අදහස් දැක්වීය.
COMMENTS