
ශ්‍රී ලංකාවේ තීන්ත ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ (Asian Paints Causeway) සමාගම සිය SmartCare ‘AquaSafe’ නිෂ්පාදනය වෙනුවෙන් දියත් කළ සුවිශේෂී අලෙවි ප්‍රචාරණ ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන්, මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රයේ ඉහළම සම්මාන උළෙලක් වන ‘Effie Awards 2025’ සම්මාන ප්‍රදානෝත්සවයේදී අදාළ නිෂ්පාදන කාණ්ඩයට හිමි වූ ඉහළම Effie සම්මානයෙන් පිදුම් ලැබීය.
“වැස්සත් මට්ටුයි, ගෙදරත් දිස්නෙයි” යන තේමාව ඔස්සේ දියත් කෙරුණු මෙම අලෙවි ප්‍රචාරණ ව්‍යාපෘතිය, එහි නිර්මාණාත්මක විශිෂ්ටත්වය සහ Waterproofing (ජලරෝධක) ආලේපන වෙළෙඳපොළේ එය අත්පත් කරගත් සාර්ථකත්වය යන කරුණු මත පදනම්ව මෙලෙස ඇගයීමට පාත්‍ර වීමට විය.
Effie Awards 2025-2026 සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාර්ක් ඉම්පීරියල් හිදී පසුගියදා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම ඇගයුමට ලක්කළ රජත සම්මානය එහිදී පිරිනමනු ලැබිණි. අලෙවිකරණ සන්නිවේනයේ සඵලතාව මැන බැලීමේ ස්වර්ණමය ජාත්‍යන්තර ප්‍රමිතිය ලෙස සැලකෙන Effie සම්මාන ප්‍රදානය හරහා වෙළෙඳපොළේ ප්‍රායෝගික සැබෑ වෙනසක් සිදුකළ නිර්මාණාත්මක ප්‍රචාරණ ව්‍යාපෘති පමණක් ඇගයුමට ලක් කෙරෙන අතර පිළිගත් ජාත්‍යන්තර ක්‍රියාවලියක් අනුගමනය කරන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් සම්මාන සඳහා ජයග්‍රාහකයන් තෝරා ගැනීම කරනු ලබයි. එම නිසා ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම ලැබූ මෙම ජයග්‍රහණය ඉතා සුවිශේෂී වන අතර එය, පාරිභෝගික රුචිකත්වය හඳුනාගැනීමට සහ නවෝත්පාදනයට මෙන්ම සාර්ථක අලෙවි සන්නිවේදනයටද සමාගම සතු හැකියාව මැනවින් පිළිබිඹු කරයි.
‘වැස්සත් මට්ටුයි, ගෙදරත් දිස්නෙයි’ ප්‍රචාරණ ව්‍යාපෘතිය ශ්‍රී ලාංකේය නිවෙස් හිමියන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන තෙතමනය සහ බිත්තිවලට සිදුවන ව්‍යුහාත්මක හානි සඳහා සාර්ථක විසඳුමක් වශයෙන් .’AquaSafe’ නිෂ්පාදනය පාරිභෝගික මනස තුළ සාර්ථකව ස්ථානගත කළ ව්‍යාපෘතියකි. සාම්ප්‍රදායිකව Waterproofing විසඳුම් නිවසේ අලංකාරයට බාධා පමුණුවන තාක්ෂණික අවශ්‍යතාවක් ලෙස පමණක් සැලකුණද, මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය හරහා එම මතය වෙනස් කිරීමටත්, ‘AquaSafe’ යනු නිවසේ බාහිර අලංකාරයට කිසිදු හානියක් නැතිව, ඇදෙනසුළු බව දෙගුණයක් (2 x superior elongation) වැඩි කරමින්, ඇල්ගී සහ දිලීර වලට එරෙහිව උපරිම ආරක්ෂාව සපයන ප්‍රමුඛ පෙළේ නිමවුමක් ලෙස සාර්ථකව ස්ථානගත කිරීමට ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමට හැකි වී ඇත.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමේ ශ්‍රී ලංකා ප්‍රධානී වයිතිලිංගම් කිරිතරන් මහතා මෙසේ පැවසීය.
අපගේ සෑම නවෝත්පාදනයක්ම පදනම් වන්නේ පාරිභෝගිකයා පිළිබඳව අප සතු ගැඹුරු අවබෝධය මතයි. ශ්‍රී ලාංකේය නිවෙස්වලටම ආවේණික වූ අවශ්‍යතා හඳුනාගනිමින් ඒ සඳහා හොඳින්ම ගැළපෙන විසඳුම් ලබා දීමට අප නිරන්තරයෙන් කැපවී සිටිනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd