Agrovista Plantation සමාගම පාරිසරික තිරසරභාවය හා වගකීම්සහගත ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරමින් “මාතෘභූමියට 2030 වන විට ගස් මිලියනයක්” යන පරිසර වැඩසටහන අරඹා තිබේ. 2030 වන විට ශ්‍රී ලංකාව පුරා ගස් මිලියනයක් වගා කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙහි ආරම්භක අදියරේදීම සැලකිය යුතු ප්‍රගතියක් ලබමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගස් 250,000කට වැඩි සංඛ්‍යාවක් වගා කිරීමට සමාගම සමත් වී ඇත. 
මෙම වැඩසටහනට විශේෂයෙන්ම තරුණ පරපුර, පාසල් සිසුන් සක්‍රීයව සම්බන්ධ කර ගැනේ. එහිදී ගස් වැවීමට හා රැක බලා ගැනීමට අවශ්‍ය උපකරණ හා මඟපෙන්වීම සිසුන්ට ලැබේ. පාසල් සමාජය මෙවැනි අර්ථවත් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ කිරීම හරහා තරුණයන් අතර පරිසරය පිළිබඳ අවබෝධය සහ වගකීම්සහගතභාවය වර්ධනය කිරීම සමාගමේ අරමුණ වේ.
වර්තමානයේදී ගස් වැවීමේ වැදගත්කම අවබෝධ කරගන්නා දරුවන් අනාගතයේදී පරිසරය ආරක්ෂා කරන වගකීම්සගත පුරවැසියන් බවට පත්වනු ඇතැයි Agrovista Plantation විශ්වාස කරයි. “මාතෘ භූමියට 2030 වන විට ගස් මිලියන එකක්” යන මෙම වැඩසටහන ඔස්සේ දේශගුණික ස්ථායීතාවට, ජෛව විවිධත්ව සංරක්ෂණයට සහ හරිත පරිසරයක් නිර්මාණය කිරීමට දායක වීම Agrovista Plantation හි පුළුල් දර්ශනය වේ. දිගුකාලීනව පවත්වාගෙන යන ගස් වගා කිරීමේ වැඩසටහන් හා ප්‍රජා සම්බන්ධතා හරහා රටේ පරිසරයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සමාගම අපේක්ෂා කරයි. මෙම උතුම් වැඩසටහනට දායකත්වය දැක්වීමට, ගස් වැවීමට සහභාගී වීමට, පැළ සැපයීමට හෝ සමාගම සමග එක් වී කටයුතු කිරීමට Agrovista Plantation සියලු‍ පුද්ගලයන්ට, සංවිධානවලට, පාසල්වලට ආරාධනා කරයි. සාමූහික උත්සාහය හා ප්‍රජා සහභාගීත්වය මගින් හරිත ශ්‍රී ලංකාවක් සහ අනාගත පරපුර සඳහා සෞඛ්‍ය සම්පන්න ලෝකයක් ගොඩනැගිය හැකි බව Agrovista Plantation විශ්වාස කරයි.