- අවසන් ගනුදෙනු දිනය වූ පසුගිය සිකුරාදා (23) එම දර්ශකය ඒකක 23,956.51ක් ලෙස නව වාර්තාවක් තැබීමට සමත්වෙලා
කොළඹ කොටස් හුවමාරුවේ සියලු කොටස් මිල දර්ශකය නව වාර්තාවක් තබමින් අද දිනයේදී ඒකක 24,000 ඉක්මවනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. අවසන් ගනුදෙනු දිනය වූ පසුගිය සිකුරාදා (23) එම දර්ශකය ඒකක 23,956.51ක් ලෙස නව වාර්තාවක් තැබීමට සමත් විය.
එහිදී පෙර දිනයට සාපේක්ෂව එම දර්ශකය ඒකක 142.74 ක එනම් සියයට 0.60 ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. දිනයේ එක් අවස්ථාවකදී එම දර්ශකය ඒකක 23,999.15ක් ලෙසද සටහන් විය. මේ අතර ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&PSL 20) දර්ශකයත් ඒකක 6,649.50ක අගයකට පත් වූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 31.65ක එනම් සියයට 0.48 ක වර්ධනයක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd