ශ්‍රී ලංකාවේ නිසාන් වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (පුද්ගලික) සමාගම  (AMW) විසින්, Diamond Best Foods  සමාගමට නිසාන් Magnite SUV රථ සමූහයක් භාර දෙන ලදී. මෙය, මෙම ආයතන දෙක අතර ඇති සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, Diamond Best Foods සමාගමේ ව්‍යාපාරික මෙහෙයුම් ශක්තිමත් කිරීමට සහය වේ.
නිල වාහන භාරදීමේ උත්සවයට මෙම ආයතන දෙකෙහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සහභාගී  වූ අතර,Diamond Best Foods නියෝජනය කරමින්, සමාගම් අධ්‍යක්ෂවරු වන අලි ෆහ්මි සහ අෂ්රෆ් ෆහ්මි, ප්‍රධාන විධායක නිලධාරී ෂම්මි කරුණාරත්න, අලෙවි ප්‍රධානි රිම්සන් ෆරූක්, සහ ජාතික  අලෙවි කළමනාකරු පී.එල්.පී ප්‍රියදර්ශන යන මහත්වරු සහභාගි වූහ.
AMW නියෝජනය කරමින් අලෙවි අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා, නිසාන් අලෙවි ප්‍රධානි ජගත් විජේසේකර, අලෙවිකරණ ප්‍රධානි උදාර ගුණසිංහ සහ ජාල ප්‍රධානි රාම් ගෝමතිනායගම් යන මහත්වරු ඇතුළු තවත් නිලධාරීහු සහභාගී වූහ. 
ශ්‍රී ලංකාවේ A ශේණියේ SUV  රථ අතර වැඩිම අලෙවියක් ලබාගත් SUV  රථය ලෙස හඳුනා ගෙන ඇති නිසාන් Magnite,  පුද්ගලික  පාරිභෝගිකයන් සහ සංවිධානමය පාරිභෝගිකයන් අතර ඉහළ ඉල්ලු‍මක් දිනා ගෙන ඇත. එහි උසස් සැලැස්ම, ඉන්ධන කාර්යක්ෂමතාව, ඉහළ ආරක්ෂාව සඳහා ලැබූ Global NCAP තරු පහේ ශේණිගත කිරීම, සහ නවීන තාක්ෂණික විශේෂාංග හේතුවෙන් නවීන ගමනාගමන විසඳුම් සොයන ආයතන සඳහා එය ආකර්ෂණීය තේරීමක් වේ.
Diamond Best Foods සමාගමේ මෙහෙයුම් සහ ව්‍යාපාරික ගමනාගමන අවශ්‍යතා වඩාත් කාර්යක්ෂම ලෙස සපුරාලීමට Magnite වාහන පෙළ සහය වනු ඇත.  එමගින් කළමනාකරණ හා ක්ෂේත්‍ර කණ්ඩායම් සඳහා වැඩි කාර්යක්ෂමතාවක් ලබා දෙන අතර, සමාගමේ ආයතනික වාහන පෙළ නවීකරණය  කිරීමට ඇති කැපවීම තවදුරටත් තහවුරු කරයි.
මෙම අවස්ථාවේ දී අදහස් දැක් වූ AMW හි අලෙවි අධ්‍යක්ෂ, ප්‍රසන්න ද සිල්වා මහතා, සඳහන් කළේ ආයතන අතර වාණිජ මෝටර් රථ සහයෝගීතාව (corporate fleet partnerships) ආයතනවල මෙහෙයුම් පහසු කිරීම හා වර්ධනය කිරීම සඳහා හේතු වන බවයි. ව්‍යාපාරික ආයතන තම මෙහෙයුම් සඳහා විශ්වාසදායක, පිරිවැය අතින් ඵලදායී  සහ තාක්ෂණිකව උසස් වාහන වැඩි වශයෙන් සොයමින් සිටින බැවින් මෙවන් සහයෝගීතාවේ අවශ්‍යතාව වැඩිවෙමින් පවතින බව ද ඔහු පැවසීය.
ශ්‍රී ලාංකික රියදුරන් අතර නිසාන් Magnite ලබා ඇති ශක්තිමත් වෙළෙඳපොළ ප්‍රතිචාරය සහ ජනප්‍රියත්වය, ව්‍යාපාරික මෙන්ම පුද්ගලික ගමනාගමන අවශ්‍යතා සඳහා ද එය යෝග්‍ය තේරීමක් බව තවදුරටත් තහවුරු කරයි.