
Al-Futtaim සමූහයේ සාමාජිකයකු වන, ඇසෝසියේට් මෝටර්වේස් (පෞද්ගලික) සමාගමAMW විසින්, සිය නවතම මෝටර් රථ ප්‍රදර්ශනාගාරය, අංක 262, හලාවත පාර, මීගමුව හි දී විවෘත කරන ලදී. මෙම අවස්ථාවටAMWහි ජ්‍යෙෂ්ඨ නායකත්වය, ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන්, ප්‍රාදේශීය නිලධාරීන් ඇතුළු ගෞරවනීය අමුත්තෝ සහභාගී වූහ.
බස්නාහිර පළාත තුළ තම මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරමින් විවෘත කළ නවතමAMW මීගමුව මෝටර් රථ ප්‍රදර්ශනාගාරය, පාරිභෝගික කේන්ද්‍රගත නවීන මෝටර් රථ සේවා ලබාදීමට සමාගම දක්වන කැපවීම යළිත් තහවුරු කරයි. මෙම අවස්ථාවේ දී අදහස් දැක් වූ, AMWහි කළමනාකාර අධ්‍යක්ෂ ජවහර් ගනේෂ් මහතා, වාණිජ කේන්ද්‍රස්ථානයක් ලෙස මීගමුව නගරයේ උපායමාර්ගික වැදගත්කම අවධාරණය කළ අතර, එම ප්‍රදේශයේ පාරිභෝගිකයන් සඳහා පහසුකම් සහිත, උසස් මට්ටමේ වාහන අත්දැකීම් ලබා දීම වෙනුවෙන් AMW සමාගම කටයුතු කරන බව ද අවධාරණය කළේය.
මෙම මෝටර් රථ ප්‍රදර්ශනාගාරය තුළ විවිධ වාහන මාදිලි රැසක් ප්‍රදර්ශනය කර ඇති අතර, පාරිභෝගිකයාට වාහන භාර දීමේ සියලු ක්‍රියාවලි කාර්යක්ෂමව කිරීමට අවශ්‍ය පහසුකම් මෙහි දී සපයනු ලබයි.
Nissan සන්නාමය යටතේ Magnite සහAlmera මාදිලි මෙහි ප්‍රදර්ශනය කර ඇත. Nissan Magnite හා Almera වාහන දැනට තිබෙන බැවින් දිගු කාලයක් බලා නොසිට, පාරිභෝගිකයාට අවශ්‍ය වේලාවටම කඩිනමින් වාහනය ලබා ගත හැකි වේ. Nissan හි අනෙකුත් නවතම මෝටර් රථ මාදිලි ද මෙහි දී ඉදිරියේ දී හඳුන්වා දෙනු ඇත.
Suzuki සන්නාමය වෙතින් ගෙනෙන Fronx සහ Jimny මෝටර් රථ ද මෙහි ප්‍රදර්ශනය කරන අතර,Jimny මාදිලිය ද දැනට තිබෙන බැවින් දැන්ම පාරිභෝගිකයාට අවශ්‍ය විට මිල දී ගත හැකි වේ.Suzuki වෙතින් ද සිය පාරිභෝගිකයා වෙනුවෙන් සුවිශේෂී නව මෝටර් රථ මාදිලි හඳුන්වා දීම ඉදිරියේ දී සිදු කිරීමට නියමිතය. Celerio සහAlto මාදිලි ද ඉදිරියේ දී මෝටර් රථ ප්‍රදර්ශනාගාරයට එක් කිරීමට නියමිතය.
පාරිභෝගිකයාට වඩාත් හොඳ සේවාවක් ලබා දීම සඳහා, මීගමුව ප්‍රදර්ශනාගාරයේ දී, AMW කැපිටල් ලීසින් සහ ෆයිනෑන්ස් ඔස්සේ මූල්‍ය සහ ලීසිං විසඳුම් ද ලබා දෙයි. මෙය ගනුදෙනුකරුවන්ට එකම වහලයක් යට දී වාහන නැරඹීමට, විශේෂඥ උපදෙස් ලබා ගැනීමට සහ මූල්‍ය සැලසුම් සම්පූර්ණ කිරීමට හැකියාව ලබා දී කාලය ඉතිරි කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd