
මගීන් 2,000ක් සහ කාර්ය මණ්ඩලය 620 ක් තායිලන්තයේ සිට රැගෙන ඇවිත්
සංචාරකයන්ගෙන් බහුතරයක් ජර්මානු ජාතිකයෝ
AIDAdiva සුඛෝපභෝගී මගී නෞකාව, 2026 පෙබරවාරි මස, හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත සේන්දු විය. මෙම නෞකාව වරාය වෙත සිදු කළ පළමු සංචාරය මෙය වන අතර, AIDA සංචාරක නැව් සමාගම හම්බන්තොට වෙත සිදු කළ දෙවැනි සංචාරය වේ.
ජෙනෝවා හි ලියාපදිංචි, ඉතාලි ධජය යටතේ යාත්‍රා කරන, මීටර් 251.89 ක දිගකින් යුත් AIDAdiva නෞකාව, ඉදිකර ඇත්තේ 2007 දීය. තායිලන්තයේ සිට HIP වෙත ගමන් කළ නෞකාව මගීන් 2,000ක් සහ කාර්ය මණ්ඩලය 620 ක් රැගෙන ආ අතර, සංචාරකයන්ගෙන් බහුතරයක් ජර්මානු ජාතිකයෝ වූහ.
සංචාරකයන් 1,400 ක් පමණ ශ්‍රී ලංකාවේ දකුණු පළාත පුරා සංවිධානාත්මක විනෝද චාරිකාවල යෙදුනි. ගොඩබිම විනෝද චාරිකා ලෝටස් ඩී.ඇම්.සී ආයතනය විසින් සංවිධානය කළ අතර, එයිට්කන් ස්පෙන්ස් නැව් සමාගම, නෞකාවේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන ලදී. අමුත්තන් යාල ජාතික වනෝද්‍යානය, කුරුලු උද්‍යානය සහ ගාල්ල ඇතුළු ප්‍රධාන ආකර්ෂණීය ස්ථාන අත්දැකීමට ගිය අතර, කලාපයේ වනජීවී, උරුමය සහ වෙරළබඩ දසුන් ද නරඹන ලදී.
මෙම සංචාරය AIDAdiva නෞකාවේ ආසියානු ගමන් සැලැස්මේ කොටසක් වන අතර, එහි ගමන් ගන්නා ඇතැම් සංචාරකයන් ඉන්දියාව ඇතුළු අනෙකුත් කලාපීය ගමනාන්තයන්හි ගොඩබැසීමටද නියමිතව ඇත.
AIDAdivaහි පැමිණීම මෙන්ම මෑතකදී Celebrity Millennium නෞකාව විසින් සිදු කරන ලද සංචාරයත්, ජාත්‍යන්තර සංචාරක නැව් සමාගම් හම්බන්තොට ජාත්‍යන්තර වරාය කෙරෙහි දක්වන තිරසාර උනන්දුව තහවුරු කරයි. AIDA සංචාරක නැව් සමාගමේ තවත් නෞකාවක් වන AIDAstella ද, මෙම වසර අග කොළඹ සහ හම්බන්තොට වරාය වෙත පැමිණීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd