
මාලබේ SLIIT සරසවිය තුළ පරිශ්‍රයේ පිහිටි ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික ආගන්තුක සත්කාර සහ සුපවේදී පුහුණු ආයතනයක් වන Colombo Academy of Hospitality Management (Pvt) Ltd (CAHM), සිය මංගල ‘CAHM 7-Star Junior Chef’ තරගාවලිය නිල වශයෙන් ආරම්භ කර ඇත.
මීළඟ පරම්පරාවේ සුපවේදී වෘත්තිකයන් බිහි කිරීම අරමුණු කරගත් මෙම තරගාවලිය සඳහා සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් පුද්ගලික සමාගම සිය ප්‍රමුඛතම සන්නාමය වන ‘‘7 Star තිරිඟු පිටි‘ හරහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක්ව සිටී. වයස අවුරුදු 13 සිට 16 දක්වා වූ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම තරගාවලිය හරහා සුපවේදී කලාව කෙරෙහි උනන්දුවක් ඇති කිරීම, කුසලතා වර්ධනය කිරීම සහ සාම්ප්‍රදායික උසස් අධ්‍යාපනයෙන් ඔබ්බට ගිය ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ විකල්ප වෘත්තීය මංපෙත් පිළිබඳව අවධානය යොමු කිරීම ද අපේක්ෂා කෙරේ. ලංකාවේ ආගන්තුක සත්කාර අංශය වේගයෙන් වර්ධනය වන මොහොතක, දක්ෂ වෘත්තිකයන් සඳහා පවතින ඉල්ලුම සපුරාලීමටත්, කුඩා අවධියේදීම සිසුන් මෙම ක්ෂේත්‍රයට හඳුන්වා දීම හරහා ඔවුන්ගේ නිර්මාණශීලිත්වය සහ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමටත් CAHM ආයතනය මෙමගින් උත්සාහ කරයි.
මෙම අවස්ථාවට එක්වෙමින් Colombo Academy of Hospitality Management (Pvt) Ltd හි සභාපති එරල් වීරසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය. CAHM 7-Star Junior Chef’ තරගාවලිය නිර්මාණය කරන ලද්දේ සුපවේදී සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට සහජ දක්ෂතා ඇති දරුවන් හඳුනාගෙන ඔවුන් දිරිමත් කිරීමටයි. කුඩා අවධියේදීම සිසුන් මෙවැනි වෘත්තීය මට්ටමේ වේදිකාවකට හඳුන්වා දීමෙන්, ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය ගෞරවනීය මෙන්ම සාර්ථක වෘත්තීය මාවතක් ලෙස දැකීමට ඔවුන්ට උපකාර වනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd