
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (Sunshine Foundation for Good-SFG) තෝරාගත් පාසල්වල දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට 4 වැනි වරටත් තෑගි වවුචර් ලබා දීමෙන් අධ්‍යාපනය සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීම නැවතත් අවධාරණය කර ඇත.
ඒ අනුව මේ වසරේදී මෙම වැඩසටහන හරහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම් ඒකක ක්‍රියාත්මක වන කැලණිය, කඩවත, රත්මලාන, මෝදර සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පාසල්වල සිසු දරු දැරියෝ 750 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබා ගත්හ.
මෙම වැඩසටහන මගින් ප්‍රාථමික සහ ද්විතීයික පාසල් දෙකම ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසු දරු දැරියන්ට වවුචර්පත් ලබා දෙන ලදී. මෙම දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතුවලට උපකාර කිරීම සඳහාත් නව පාසල් වර්ෂයට හොඳ ආරම්භයක් ලබා දීම සඳහාත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මෙය සමාගමේ “යහපත් දේ ජීවිතයට ගෙන ඒම” යන දැක්ම සහ ආයතනයේ ජාතිය ගොඩනැගීමේ මෙහෙවරට අනුකූලව සිදු කරන ලදී-
මෙම වැඩසටහන, අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ අත්‍යවශ්‍ය ඉගෙනුම් සම්පත් සැපයීම මගින් ප්‍රජාවට සහාය වීම අරමුණු කරගත් සන්ෂයින් ප්‍රජා සත්කාර පදනමෙ හි අධ්‍යාපන වැඩසටහනේ කොටසකි.
මේ පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා මෙසේ පැවසුවේය. “අපගේ අසල්වැසි ප්‍රජාවන්ට සහ දරු දැරියන්ට සහාය වීම ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා කරන ආයෝජනයක්. මෙම වැඩසටහන හරහා ඔවුන්ට බාධාවකින් තොරව ඉගෙනීමටත් විශ්වාසයෙන් යුතුව නව පාසල් වාරය ආරම්භ කිරීමට උපකාර කිරීමටත් අපි බලාපොරොත්තු වනවා. ඒ සමඟම වඩාත් හොඳ ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අපගේ දිගුකාලීන ඉලක්කයට ද අප දායකත්වය ලබා දෙනවා.”
මෙම වැඩසටහන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සන්නිවේදන සහ සමාජ සත්කාරක අංශය විසින් කළමනාකරණය සහ සම්බන්ධීකරණය කරන ලද අතර යශෝධරා ප්‍රාථමික විද්‍යාලය (කැලණිය), දිප්පිටිගොඩ රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය (කැලණිය), දළුපිටිය ප්‍රාථමික විද්‍යාලය (කැලණිය), බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය (කඩවත), ක්‍රිස්තුදේව විද්‍යාලය (රත්මලාන), කොතලාවලපුර මධ්‍ය මහා විද්‍යාලය (රත්මලාන), ශාන්ත ජෝන්ස් විද්‍යාලය (මෝදර) සහ තොටවත්ත මෙතෝදිස්ත විද්‍යාලය (කොළඹ උතුර) යන පාසල්වලට මෙම වවුචරපත් බෙදා දෙන ලදී. සන්ෂයින් නායකත්ව කණ්ඩායමේ සාමාජිකයන්, කළමනාකරුවන් සහ ජ්‍යෙෂ්ඨ විධායකයන් මෙන්ම Sunshine Healthcare Lanka, Healthguard Distribution” Healthguard, Lina Manufacturing, Sunshine Tea iy Sunshine Consumer Lanka යන ව්‍යාපාරික අංශවල නියෝජිතයන් මෙම අවස්ථාව සඳහා එක් වූ අතර ප්‍රජාවගේ ජීවිත නගා සිටුවීම සඳහා සමූහයේ සාමූහික කැපවීම මින් අවධාරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd