යෝජිත 2026 දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් සමග ක්‍රියාකාරීව සම්බන්ධ වීමට ලංකා වාණිජ මණ්ඩලය, එහි බදු මෙහෙයුම් කමිටුව හරහා කටයුතු යොදා ඇති බවත්, ව්‍යාපාර සහ පුළුල් ආර්ථිකය සඳහා එහි විභව ඇඟවුම් හඳුනා ගෙන ඇති බවත් පවසයි.
මෙම යෝජිත පනත් කෙටුම්පත පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය මෙම කරුණු සඳහන් කර සිටියි. ඒ අනුව බදු රාමුව යාවත්කාලීන කිරීමේ වැදගත්කම පිළිගන්නා අතරම, වාණිජ මණ්ඩලයේ උත්සාහය, යෝජිත සංශෝධනවල බලපෑම තක්සේරු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, සමීප අවධානයක් යොමු කළ යුතු විධිවිධාන කිහිපයක් ඉස්මතු කරන බවත් සඳහන් කර සිටියි.
“වාණිජ මණ්ඩලයේ බදු මෙහෙයුම් කමිටුව විසින් යෝජිත සංශෝධන සමාලෝචනය කරන ලද අතර ව්‍යාපාර අඛණ්ඩතාව, ආයෝජන, බදු ගෙවන්නන්ගේ අයිතිවාසිකම් සහ ශ්‍රී ලංකාවේ තරගකාරිත්වය කෙරෙහි ඒවායේ බලපෑම තක්සේරු කෙරුණා. ඒ අනුව කමිටුව මගින් මූල්‍යකරණය, අනුකූලතාව සහ සමස්ත ව්‍යාපාරික පරිසරයට බලපෑ හැකි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් පුළුල් ඇගයීමක් සිදු කළා.’’
ඒ අනුව මෙම කටයුතු මත පදනම්ව, බදු මෙහෙයුම් කමිටුව විසින් යෝජිත සංශෝධනවල විභව බලපෑම සහ රජයේ පුළුල් ප්‍රතිපත්ති දිශාවට ඒවායේ ඇඟවුම් ගෙනහැර දක්වමින් මුදල් අමාත්‍යාංශය වෙත සවිස්තරාත්මක නිර්දේශ ඉදිරිපත් කළ බවත් පවසයි.
“මෙහිදී තුනී ප්‍රාග්ධනීකරණ නීති සඳහා සංශෝධන, සාක්ෂි ඉදිරිපත් කිරීමේ සීමාවන්, අනුකූලතා අඩුපාඩු සඳහා දඬුවම්, රක්ෂණ ව්‍යාපාරවල බදුකරණය, කොමසාරිස් ජනරාල්වරයාගේ අභිමත බලතල යනාදිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා“ ලංකා වාණිජ මණ්ඩලය පවසයි.
ඒ අනුව මෙම පනතේ ඇති ව්‍යාපාරික හැඟීම්වලට අහිතකර ලෙස බලපෑ හැකි බවට හඳුනාගෙන ඇති විධිවිධාන, කාරක සභා අවධියේදී සුදුසු ලෙස සංශෝධනය කිරීම හෝ ක්‍රියාත්මක කිරීමට පෙර වැඩිදුර උපදේශනය සඳහා කල් දැමීම සහතික කිරීම සඳහා මණ්ඩලය ප්‍රතිපත්ති සම්පාදකයන් සමග සෘජුවම සම්බන්ධ වී ඇතැයිද සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd