- ඉල්ලුම් තත්ව ක්‍රමයෙන් යථා තත්වයට පත්වීම හේතුව වේවිලු
මෙම වසරේ දෙවැනි භාගය වනවිට උද්ධමනය ඉහළ ගොස් සියයට 5ක ඉලක්කගත මට්ටමට ළගා වෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර සිටියි. 2026 පෙබරවාරි මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති වාර්තාව ඉදිරිපත් කරමින් මහ බැංකුව මෙම කරුණු සඳහන් කරයි.
එහිදී ඉල්ලුම් තත්ව ක්‍රමයෙන් යථා තත්වයට පත්වීම මෙම ඉහළ යෑමේ ප්‍රවණතාවට පුළුල් ලෙස දායක වනු ඇති බව මහ බැංකුව පවසයි. එහිදී අපේක්ෂිත පරිදි අඩු බලශක්ති සහ ප්‍රවාහන උද්ධමනය සාමාන්‍යකරණය වීම සහ සාපේක්ෂව ඉහළ ගිය ආහාර උද්ධමනයද මෙම ඉහළ යෑමට සහාය වනු ඇතැයි මහ බැංකුව පෙන්වා දෙයි.
“සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, මැදි කාලීනව උද්ධමනය සියයට 5ක ඉලක්ක ගත මට්ටමට ළගා වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මූලික උද්ධමනයද මතුපිට උද්ධමනයෙහි ඉලක්කයට අනුකූල මට්ටමක ස්ථාවර වනු ඇති.“ මහ බැංකුව පවසයි.
මේ අතර උද්ධමන ඉදිරි දැක්ම සම්බන්ධයෙන් ඉහළ සහ පහළ යෑමේ අවදානම් දෙකම පවතින අතර, සමස්ත අවදානම නුදුරු හා මැදි කාලීනව බොහෝ දුරට මධ්‍යස්ථව පවතින බවට තක්සේරු කරන බවත් මහ බැංකුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd