වසර තුළ සමස්ත තේ නිෂ්පාදනය කිලෝ මිලියන 264.12 ක්
2025 දෙසැම්බරයේදී තේ නිෂ්පාදනයේ කිලෝ මිලියන 0.44 ක අඩුවීමක්
භානුක අමරසිංහ
පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාල සීමාව තුළ මෙරට සමස්ත තේ නිෂ්පාදනය තේ කිලෝ මිලියන 264.12 ක් (264,122,455ක්) ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2024 වසරේ මෙරට සමස්ත තේ නිෂ්පාදනය වූ කිලෝ මිලියන 262.69 ක (262,693,830ක) ප්‍රමාණය හා සැසඳීමේදී කිලෝ මිලියන 1.43ක එනම් සියයට 0.54ක සුළු වර්ධනයක් ලෙස සටහන්ව තිබේ.
එහිදී සියලුම ආකාරයේ වගාබිම්වල තේ නිෂ්පාදනය 2024 වසරට සාපේක්ෂව 2025 දී සුළු ඉහළ යාමක් වාර්තා කර තිබෙන බව තේ තැරැව්කාර ආයතනයක් වන Forbes & Walker පවසයි. ඒ අනුව උස් වගාබිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 54.45 ක සිට කිලෝ මිලියන 55.13 ක් දක්වා කිලෝ මිලියන 0.68 කින් (සියයට 1.25කින්) ඉහළ නැග තිබේ. එසේම මැදි වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 46.38 ක සිට 47.04 ක් දක්වා කිලෝ මිලියන 0.67 කින් (සියයට 1.44කින්) ඉහළ නැග තිබේ. මීට අමතරව පහත් බිම් තේ නිෂ්පාදනයත් කිලෝ මිලියන 159.60ක සිට කිලෝ මිලියන 159.61ක් දක්වා කිලෝ මිලියන 0.01 කින් (සියයට 0) ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
“2024 ට සාපේක්ෂව 2025 දී ග්‍රීන් ටී නිෂ්පාදනය කිලෝ මිලියන 2.26 ක සිට කිලෝ මිලියන 2.33 ක් දක්වා කිලෝ මිලියන 0.07 කින් එනම් සියයට 3.19කින් ඉහළ යාමක් සටහන්ව තිබෙනවා.“ Forbes & Walker’ පවසයි.
මේ අතර 2025 දෙසැම්බර් මාසයේදී මෙරට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 21.37ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2024 දෙසැම්බරයේදී වාර්තා කළ කිලෝ මිලියන 21.81 ක නිෂ්පාදනය හා සැසඳීමේදී කිලෝ මිලියන 0.44 ක අඩුවීමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd