
මෙරට ආර්ථිකයට ලබාදුන් තිරසර දායකත්වය සහ ක්‍රමෝපායික දැක්ම අගයමින් බවර් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් මහතා 2025 වසරේ හොඳම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී සංසදයේ සම්මානයට පාත්‍ර විය.
ප්‍රමුඛ පෙළේ වෘත්තීය ආයතනයෙන් සිදුකරන ස්වාධීන ඇගයීමකින් අනතුරුව මෙම සම්මානයට බ්ලාසර් මහතා නිර්දේශ වී සම්මාන ලැබීය. එහි නිල සම්මාන ප්‍රදානෝත්සවය 2026 පෙබරවාරි 26 වැනිදා කොළඹදී පැවැත්වුණි.
2018 වසරේ සිට බවර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස රාජකාරි ආරම්භ කළ මොහොතේ පටන් බවර් සමාගමේ විවිධාංගීකරණය වූ නිෂ්පාදන සමූහය තිරසර ලෙස වර්ධනය කිරීමට ඔහුගෙන් ලැබුණු නායකත්වය සුවිශේෂී වේ.
ඔහුගේ නායකත්වය යටතේ බවර් සමූහයේ සෞඛ්‍යසේවා අංශය වසර හතරක් තුළ දෙගුණයකින් සිය මෙහෙයුම් වර්ධනය කරගැනීමට සමත්විය. විශේෂයෙන්ම ගෝලීය ඖෂධ සමාගම් රැසක් සමඟ නව හවුල්කාරීත්ව ගිවිසුම්වලට එළඹීම එහිලා කැපීපෙනේ. තව ද ගෝලීය සෞඛ්‍ය සේවා නවෝත්පාදන මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක ද නියැළෙමින් ඖෂධවල සිට රෝග නිවාරණ උපකරණ ද, සැත්කම් උපාංග සහ වෛද්‍ය පෝෂණ අංශය ද ආවරණයවන පරිදි සිය සේවා සැපයීමට බවර් සමූහයට හැකිවිය.
මේ අතර, ලංකාවේ කෘෂිකර්මාන්තයට ද නවමු තිරසර විසඳුම් රැසක් හඳුන්වාදීමට බවර් සමූහය සමත්විය. 2021 වසරේදී ශ්‍රී ලංකා රජය රසායනික පොහොර තහනම් කළ අවස්ථාවේදී ස්විට්සර්ලන්තයේ FiBL සහ HAFL ඇතුළු ගෝලීය කෘෂි ආයතන/ සංවිධාන සමඟ සම්බන්ධ වෙමින් තිරසර කෘෂිකර්මාන්ත භාවිතාවන් වෙනුවෙන් විශිෂ්ටත්ව මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද බවර් සමූහය ක්‍රියාකළේය. ඉන් අනතුරුව යූරියා පොහොර මගින් සිදුවන පරිසර හානිය අවම කරන අතර බෝග අස්වැන්න වැඩිකරන සුපර් යූරියා නිෂ්පාදනය වෙළෙඳපොළට හඳුන්වාදීම ද පසුගිය කාලයේ බවර් සමූහය ජයගත් සුවිශේෂ කඩඉමකි.
මීට ඉහතදී 2022 වසරේදී ද වසරේ වඩාත්ම ඇගයීමට ලක්වූ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස බ්ලාසර් මහතා සම්මානයට ලක්විය. 2024 වසරේදී ද ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී නායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී බවර් සමූහයේ නායකත්ව කණ්ඩායමට පොදු ඇගයීමක් හිමිවිය. රොල්ෆ් බ්ලාසර් මහතාගේ නායකත්වය යටතේ බවර් සමූහයේ ඩිජිටල්කරණය ද වේගවත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස SAP Analytics Cloud Live reporting තාක්ෂණය ඔස්සේ SAP S/4 HANA on cloud deployment ක්‍රමවේදය භාවිතයට ගත් පළමු ලාංකික සමාගම බවට බවර් සමූහය පත්විය. ඒ වෙනුවෙන් 2023 වසරේදී SAP Finance Transformation සම්මානය දිනාගැනීමට ද සමූහය සමත්විය. 2022 වසරේදී මයික්‍රොසොෆ්ට් සමාගම සමග පැවැති සිය හවුල්කාරීත්වය තවත් පුළුල් කරමින් සිය අතිශය වැදගත් තොරතුරු තාක්ෂණ සහ SAP පද්ධති, Azure වෙත ඒකරාශී කරමින් බවර් සමූහය ඩිජිටල් අනාගතයට සූදානම් කිරීමට ද බ්ලාසර් මහතා මඟපෙන්වීය.
සංචාරක අධ්‍යාපන ක්ෂේත්‍රය ද බවර් සමූහය මෑතකදී ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කළ තවත් ක්ෂේත්‍රයකි. ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය හරහා ස්ව්ට්සර්ලන්තයේ cole htelire de Lausanne මගින් හඳුන්වාදී ඇති ගෝලීය මට්ටමේ සංචාරක සේවා අධ්‍යාපනයක් මෙරට සංචාරක වෘත්තිකයන් වෙත ළඟාකරවීමට බවර් සමූහය පියවර ගත්තේය. ස්විස් රජය සහ සංවර්ධනය සහ සහයෝගීතාව සඳහා වූ ස්විස් ආයතනය යටතේ ක්‍රියාත්මක Skills for Sustainable Growth වැඩසටහන මගින් ඊට අරමුදල් සම්පාදනය කරගැනීමට ද සමූහයට හැකිවිය.
බ්ලාසර් මහතාගේ වසර 30ක වෘත්තීය ජීවිතය යුරෝපය සහ අග්නිදිග ආසියානු කලාපය තුළSony, Johnson & Johnson, සහ Safilo වැනි සෙසු දැවැන්ත සමාගම් ගණනාවක් පුරා විහිදයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd