
AMW කළමනාකාර අධ්‍යක්ෂ ජවහර් ගනේෂ්
Al-Futtaim සමූහ ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකාවේ Nissan සහ Suzuki රථ වාහන සඳහා බලයලත් නියෝජිත Associated Motorways (Private) Limited - (AMW), 2025 වසරේ මෙරට ‘Class A SUV’ අංශයේ සියයට 55ක වෙළෙඳපොළ කොටසක් හිමි කර ගනිමින් එහි ප්‍රමුඛයා බවට පත්ව ඇත. Nissan Magnite සහ Suzuki Fronx යන රථ මාදිලි ද්විත්වය ලැබූ ඉහළ ජනප්‍රියත්වය මෙම සුවිශේෂී සන්ධිස්ථානයට ප්‍රධානතම හේතුව වී තිබේ.
2025 වසරේ මෙරට සමස්ත ‘Class A SUV‘ රථවාහන අලෙවිය ඒකක 6,860 ක් ලෙස සටහන් වූ අතර, ඉන් ඒකක 3,774 ක්ම අලෙවි කිරීමට AMW සමාගම සමත්ව ඇත. මෙය එම කාණ්ඩය යටතේ මෙරට තනි නියෝජිතයකු වාර්තා කළ ඉහළම අලෙවියයි. මෙහි දී Nissan Magnite රථය වෙළෙඳපොළෙන් දළ වශයෙන් සියයට 40 ක ප්‍රතිශතයක් ද, Suzuki Fronx රථය දළ වශයෙන් සියයට 15 ක ප්‍රතිශතයක් ද හිමි කර ගනිමින් මෙම රථ වාහන කාණ්ඩය තුළ නව පෙරළියක් ඇති කිරීමට සමත්ව තිබේ.
Magnite සහ Fronx රථවල ඇති නවීන නිර්මාණශීලි සැලසුම්කරණය, උසස් තාක්ෂණික අංග, ඉන්ධන පිරිමැස්ම සහ ආරක්ෂිත බව, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සමඟ මනා ලෙස ගැළපීම මෙම සාර්ථකත්වයට පදනම වී ඇත. Al-Futtaim සමූහ ව්‍යාපාරයේ ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ ආයතනික පාලන ප්‍රමිතීන්ගේ සහාය ඇතිව, AMW සමාගම සතු දිවයින පුරා විහිදුණු අලෙවි සහ අලෙවියෙන් පසු සේවා පහසුකම් මගින් මෙම විශිෂ්ට ක්‍රියාකාරීත්වය තවදුරටත් ශක්තිමත් කෙරිණි. විශේෂයෙන්ම, වසරේ දෙවැනි භාගයේ දී මෙම වාහන මාදිලි අලෙවිය වේගවත් වූ අතර, එමගින් මෙම මාදිලි ද්විත්වය කෙරෙහි පවතින අඛණ්ඩ ඉල්ලුම සහ පාරිභෝගික විශ්වාසය යළිත් තහවුරු විය.
මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් AMW සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජවහර් ගනේෂ් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “මෙම සුවිශේෂී ජයග්‍රහණය කරා ළඟා වීමට හැකි වූයේ Nissan Magnite සහ Suzuki Fronx රථ සඳහා ශ්‍රී ලාංකිකයන් දක්වන ඉහළ ප්‍රතිචාරය නිසයි. ‘Class A SUV‘ කාණ්ඩයේ සියයට 55ක වෙළෙඳපොළ කොටසක් හිමිකර ගැනීම හුදෙක් අලෙවි සන්ධිස්ථානයක් පමණක් නොව, එය අපගේ නිෂ්පාදන, අපගේ සේවකයන් සහ අප ලබා දෙන උසස් සේවාව කෙරෙහි පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසය තහවුරු කරන්නක්. Al-Futtaim සමූහ ව්‍යාපාරයේ ශක්තිය සමගින්, සෑම පාරිභෝගිකයකුටම ජාත්‍යන්තර මට්ටමේ සේවාවක් සැපයීමට අප සැමවිටම කැපවී සිටිනවා. AMW සමාගම තෝරා ගැනීම පිළිබඳව අපගේ පාරිභෝගිකයන්ටත්, මේ සඳහා කැපවූ අපගේ කණ්ඩායමටත් මා ස්තූතිය පුද කරනවා.”
Class A SUV අංශයේ AMW සමාගම අත්පත් කරගෙන ඇති මෙම නායකත්වය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ බෙදාහරින්නකු ලෙස සමාගම සතු ස්ථානය තවදුරටත් තහවුරු කරයි. වසර 75 කට අධික කාලයක් දේශීය මෝටර් රථ ක්ෂේත්‍රයේ ගොඩනගා ඇති විශ්වාසනීයත්වය සමගින්, ජාත්‍යන්තරව පිළිගත් රථවාහන සන්නාම, දේශීය වෙළෙඳපොළ පිළිබඳ මනා අවබෝධය සහ Al-Futtaim සමූහ ව්‍යාපාරයේ ප්‍රමිති මනාව ඒකාබද්ධ කිරීමට AMW සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි. ඒ අනුව, Nissan Magnite සහ Suzuki Fronx මාදිලි සිය කාණ්ඩයේ ක්‍රියාකාරීත්වය, ජනප්‍රියත්වය සහ වටිනාකම අතින් නව ප්‍රමිති පිහිටුවීමට සමත්ව ඇත.
අඛණ්ඩ නිෂ්පාදන නවෝත්පාදන, පාරිභෝගික අත්දැකීම් තවදුරටත් ඉහළ නැංවීම සහ තිරසාර වර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් සිය වෙළෙඳපොළ නායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට AMW සමාගම කැපවී සිටියි. ඒ හරහා, තම සන්නාම ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ ප්‍රමුඛතම සහ වඩාත් ප්‍රියතම තේරීම ලෙස අඛණ්ඩව පවත්වා ගෙන යාම සමාගමේ මූලික අරමුණයි.
මූලාශ්‍රය: මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV).
සමස්ත දිග මිලිමීටර් 4,000 ට නොවැඩි වාහන Class A SUV කාණ්ඩය ලෙස අර්ථ දක්වා ඇත.
COMMENTS