බොරතෙල් බැරලයක ආනයන මිලෙහි සාමාන්‍ය ඩො. 84.7 ක සිට ඩො. 73.2ක් දක්වා පහළ වැටීම හේතුවයි
මැදපෙරදිග අර්බුදය හේතුවෙන් 2026 ඉන්ධන ආනයන වියදම කැපී පෙනෙන ලෙස ඉහළට
වාර්ෂික ආනයන වියදමින් සියයට 20ක් පමණ ඉන්ධන ආනයනයට
පසුගිය වසරේ මෙරට ඉන්ධන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 4,000 ක් පමණ වූ බව වාර්තා වෙයි. ඒ අනුව මෙය 2024 වසරේදී මෙරට ඉන්ධන ආනයන වියදම වූ ඩොලර් මිලියන 4,400 හා සැසඳීමේදී ඩොලර් මිලියන 400 ක පමණ අඩුවීමකි.
මෙහිදී 2024 වසරට සාපේක්ෂව 2025 දී ආනයනය කළ බොරතෙල් සහ පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන පරිමාව ඉහළ ගියද වියදම පහළ ගිය බව මහ බැංකුව 2025 වසර සඳහා නිකුත් කළ වාර්ෂික ආර්ථික විවරණය තුළ පවසයි.
“බොරතෙල්, පිරිපහදු කළ ඛනිජ තෙල් සහ ගල් අඟුරු ඒකක මිල අඩුවීම ඊට හේතු විය. එසේම බොරතෙල් බැරලයක ආනයන මිලෙහි සාමාන්‍ය 2024 වසරේදී එක්සත් ජනපද ඩොලර් 84.7 ක සිට 2025 දී එ.ජ. ඩොලර් 73.2ක් දක්වා පහත වැටීමත් ඊට හේතු වී තිබේ.” මහ බැංකුව පවසයි.
කෙසේ වෙතත් මැදපෙරදිග යුද්ධයෙන් පසුව ඉහළ ගිය භූ දේශපාලනික අර්බුද මැද ගෝලීය තෙල් මිල ඉහළ සහ අස්ථාවර මට්ටමක පැවතීමේ අපේක්ෂාවත් සමගින්ම 2026 වසරේදී මෙරට ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයිද අදහස වී තිබේ.
දත්ත වාර්තා අනුව පසුගිය වසර 10 තුළ සාමාන්‍යයෙන් මුළු වාර්ෂික ආනයන වියදමින් සියයට 20ක් පමණ ඉන්ධන ආනයනය සඳහා වැය වී තිබෙන බවත් සඳහන්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd