(දසුන් රාජපක්ෂ)
රුපියල් මිලියන 1000ක වටිනාකමින් යුතු, ධීවර යාත්‍රා සහ ආම්පන්න නිපදවීමේ ව්‍යාපෘතියක් නෝර්වේ රාජ්‍යය සහ යාපනය කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනගාරය එක්ව ආරම්භ කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය කියයි.
නෝර්වේජියානු ආයෝජකයන් පිරිසක් සහ සී-නෝර් ආයතනයේ ඉහළ නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවක දී පැමිණි එකඟතාවයකට අනුව, යාපනය කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනාගාරය වැඩි දියුණු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (18) සඳහන් කළේය.
ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික ඥානය කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනාගාරය වෙත ලබා දීමට නෝර්වේජියානු ආයෝජකයන් කැමැත්ත පළ කළ බව ද ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා පැවසීය.
මේ සමඟම තවත් ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් රටට අවශ්‍ය නවීන තාක්ෂණයෙන් යුත් බෝට්ටු හා අනෙකුත් ධීවර ආම්පන්න නිෂ්පාදනය කරන ආයතනයක් ලෙස කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනාගාරය වැඩි දියුණු කිරීම සිය අපේක්ෂාව යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ කොටින්ගේ හොර වැඩවලට උදව් වෙන්න නව ක්‍රමයක් හදාගෙන වාගෙයි.
කව්රුත් විරුද්ධ වෙයි අපගේ අදහස්වලට. නමුත් මේ නෝවේකාරයන් යනු හීන් නුලෙන් රටවල් විනාශ කිරීමට උපන් හපන්නු බවනම් කිව යුතුය. හොදින් විපරම් කර බැලීමේදී මේ අය කිසියම් රටකට උදව් කරන්නේ නම් සහ එසේ උදව් කළ රටවලට දැන් වෙලා තිබෙන හදිය එමගින්ම මෙම හිවලුන්ගේ චර්යාව අප සැමට හිතාගත හැකිය. අයි කරේ නගර් වලට ඔය කියන යෝජනාව ගෙනෙන්නේ පුළුවන්නේ කොළඹ වරායට ගෙන ඒමට කෙසේ වෙතත් මෙම අය ප්‍රභාකරන්ට කෙසේ උදව් කළේද යන්න ශ්‍රී ලාංකිකයන්ට අමතක නොමැති යයි අප විස්වාස කරන්නෙමු. (ලෝකයේ ඉහළින්ම දියුණුයි කියන රටවල් කිසියම් රටකට උදව් කරන්නේද එහි යටි අරමුණු ඉතාම භයානකය.එය තමයි යතාර්ථය.) කෙනෙකුට කිව හැක අපි වතුර බොන කෝප්පයේ අලි පැටවා දකින බවට නමුත් අන්තර්ජාලයේ සැරිසැරීමේදී මෙම රටවල් අනෙකුත් ජාතින් භේද බින්න කිරීමට කර ඇති දේවල් දෙස බැලිමේදී මේ අය රටකට ඇතුලු වීමට ද ඉඩදීම වැරදිය.
ඕක ගාල්ලේ පැත්තේ කරන්න බැරිද?
කව්ද ඕකට අනුමැතිය දීපු ඇමති ?රට නොවේ ව්‍යාපෘතිය යාපනේ. සම්බන්දතාවය පැහැදිලියිනේ. රාජ්‍ය තාන්ත්‍රිකව ඔවුන්ගේ උදව් ප්‍රතික්ෂේප කළ යුතුයි. හේතුව ඔවුන්ගේ රජයේ ඉහළ පෙලේ නිලදාරීන් රජයේ අනුග්‍රහය ඇතිව ලංකාව දෙකඩ කිරීමට ගත උත්සාහයයි.
ආයෝජන හොදයි නමුත් කරෙයිනගර් කියන්නේ ප්‍රධාන භූමියෙන් වෙන් උන කොටසක්, අනික රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරකම් වැඩි ප්‍රදේශයක්, එහෙම තැනක නොර්වේ වගේ රටක් ආයෝජනය කරද්දී සුපරික්ෂාකාරී වෙන්න ඕනි.