IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සංචාරක මගපෙන්වන්නන්ට රුපියල් 20,000ක සහන මුදලක්


(දසුන් රාජපක්ෂ) 

සංචාරක මගපෙන්වන්නන් වෙත රුපියල් 20,000ක සහන මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

නව කොරෝනා තත්ත්වය හමුවේ බලපෑමට ලක්ව සිටින සංචාරක මගපෙන්වන්නන් 2,500කට මෙම සහන මුදල් පිරිනමන බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය සදහන් කළාය.

සහන මුදල් ලබා දීමේ පළමු අදියර යටතේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය යටතේ ලියාපදිංචි වී සිටින සංචාරක මගපෙන්වන්නන්ට මෙම සහන මුදල් ලබා ගැනීම සඳහා අයදුම් කළ හැකි බව කිමාලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

මහමැතිවරණ කටයුතු නිසා තාවකාලිකව සහන මුදල් ලබාදීම නවතා දමා ඇති බව පැවසූ ඒ මහත්මිය මේ වන විට සහන මුදලින් කොටසක් තෝරාගත් සංචාරක මගපෙන්වන්නන්ට පිරිනමා තිබෙන බව පැවසුවාය.

මෙම සහන වැඩසටහනට අමතරව සංචාරක කර්මාන්තයේ යෙදී සිටින වාහන රියදුරන් සහ සහායකයන් වෙත රුපියල් 15,000ක සහන මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙන බව ඒ මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.
 



අදහස් (1)

සංචාරක මගපෙන්වන්නන්ට රුපියල් 20,000ක සහන මුදලක්

de silva Wednesday, 29 July 2020 12:13 PM

මුලින්ම සංචාරක හෝටල්වල සේවය කර රැකියා අහිමිවුණු සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට යම්කිසි සහනයක් දෙන්න. ආණ්ඩුව කළොත් කරන්නේ අසාධාරණ වැඩක්... විදේශ සේවා නියුක්ති කාර්යාංශයට රක්ෂණ මුදල් ගෙවලා ලියාපදිංචිවෙලා රට ගිය මිනිස්සු එහෙ දුක් විඳිනකොට ඔවුන්ට සලකන්නේ නැතිව... සල්ලි කාරයින්ගේ තරුණ ළමුන් ලංකාවට ගෙන්නා ගත්තා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site