
(රංජන් කස්තුරි)
ජාත්‍යාන්තර ‘‘ටෝස්ට්මාස්ටර්ස්‘‘ සමාජයේ අනු ශාඛාවක් වන කටුනායක නිදහස් වෙළෙඳකලාපීය ටෝස්ට්මාස්ටර් සමාජයේ 2022 -2023 වසර සඳහා අභිනව නිලධාරී මඩුල්ල පත් කළේය.
එහි ප්‍රධාන අමුත්තා ලෙස නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන සහ ඉංජිනේරු අර්ජුල ජයදර්ශන යන මහත්වරු සහභාගී වූහ.
මෙම රැස්වීම සඳහා ප්‍රධාන දායකත්වය ඇමේසින් ට්‍රයිබ්ස් සමූහයට අයත් ඇමේසින් සෝලාර් සමාගමේ සභාපති සහ ඒ.ටී.ජී. සමූහයේ මූල්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ ටෝස්ට්මාස්ටර් සාමාජික සුදත් ප්‍රනාන්දු මහතා ලබා දුන්නේය.
නිදහස් වෙළෙඳ කලාපීය ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ නව සභාපතිවරයා ලෙස වේරංග තෙන්නකෝන් මහතා පත් වූ අතර උප සභාපති ලෙස නිලක්ෂි රණසිංශ, අරුන් ජෙගනාදන්, ධනංජය මුණසිංහ, දිලිනි ප්‍රනාන්දු සහ අනිල් සිරිලාල් ක මහත්වරු පත් වූහ.
මෙම අවස්ථාවට නිදහස් වෙළෙඳකලාපයේ ටෝස්ට්මාස්ටර් සාමාජකයන් විශාල පිරිසක් එක් වූහ

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.