සෙලාන් බැංකුව, 2023 වර්ෂයේ පළමු මාස 6 තුළ රු. බිලියන 4.2 ක බදු-පෙර ලාභයක් (PBT) වාර්තා කරගැනීමට සමත් වී ඇත. මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 104.65 ක වර්ධනයකි. මීට අමතරව මෙම කාලසීමාව තුළ රු. බිලියන 2.6 ක බදු-පසු ලාභයක් (PAT) වාර්තා කිරීමට සෙලාන් බැංකුවට හැකි වී ඇති අතර, මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 71.29 ක වර්ධනයකි.
අනාගත වර්ධනය සඳහා අවශ්‍ය වන ප්‍රාග්ධනය සහ ප්‍රමාණවත් ආරක්ෂිත සීමාවන් සහිත යහපත් ද්‍රවශීලතා මට්ටමක් බැංකුව මගින් පවත්වාගෙන ගොස් ඇත.
2023 ප්‍රථම අර්ධයේදී සෙලාන් බැංකුවේ සමස්ත ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය සියයට 32.30 ක් වූ අතර, එමගින් ව්‍යවස්ථාපිත අවශ්‍යතා සීමා ඉක්මවා යමින්, සාර්ථක ලෙස මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට හැකි විය. එමෙන්ම, ශක්තිමත් මුල්‍ය පදනමක් පවත්වාගෙන යාම සඳහා දක්වන කැපවීම නිරූපණය කරමින්, ඉතා යහපත් ප්‍රාග්ධන මට්ටමක් පවත්වා ගැනීමට සෙලාන් බැංකුව සමත් වූ අතර, 2023 ප්‍රථම අර්ධයේ බැංකුවේ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය සියයට 15.51 ක් විය. බැංකුවේ පොදු හිමිකම් පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය සියයට 11.85 ක් වූ අතර, එය බැංකුවේ විචක්ෂණශීලී ප්‍රවේශයට සාක්ෂි දරයි.
සෙලාන් බැංකුවේ ශුද්ධ පොලී ආදායම සියයට 21.47 කින් වර්ධනය වී රු. බිලියන 20.5 ක් ලෙස සටහන් වන අතර, ශුද්ධ පොලී ආන්තිකය සියයට 6 ක් වැනි ස්ථාවර අගයක පවතී. බැංකුවේ ශුද්ධ ගාස්තු පදනම්කර ගත් ආදායම ද සියයට 26.72 වැනි ඉහළ ප්‍රතිශතයකින් වර්ධනය වී රු. බිලියන 3.5 ක් ලෙස වාර්තා වී තිබේ. ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධ ආදායම, ඇපකර වෙනුවෙන් ලැබෙන කොමිස් මුදල් සහ ප්‍රේෂණ ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
2023 වර්ෂයේ ප්‍රථම අර්ධය තුළ සෙලාන් බැංකුවේ මෙහෙයුම් ආදායම සියයට 13.31 ක් වැනි කැපීපෙනෙන මට්ටමකින් වර්ධනය වී, රු. බිලියන 24.6 ක් ලෙස සටහන් වී තිබේ. ශුද්ධ පොලී ආදායම සහ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් සෙලාන් බැංකුව ක්‍රමෝපායික අවධානයක් යොමුකිරීම ඇතුළු සාධක මීට බලපා ඇත.
විදේශ විනිමය හුවමාරු අනුපාතවල සිදු වූ වෙනස්කම් නිසා ඇතැම් ආදායම් කාණ්ඩවල අඩුවීමක් පෙන්නුම් කළද, සිය වියදම් ව්‍යුහය ප්‍රශස්තකරණය කිරීම සඳහා සෙලාන් බැංකුව අඛණ්ඩව කටයුතු කළේ ය. සේවක ප්‍රතිලාභ ඉහළ නැංවීම සහ ආර්ථික වාතාවරණයෙහි සිදු වූ වෙනස්කම්වලට අනුගත වීමට සිදුවීම වැනි සාධක හේතුවෙන් බැංකුවේ සමස්ත පිරිවැය සියයට 25.88 කින් ඉහළ ගොස් තිබේ.
ණය හා අනෙකුත් හානිකරණ අලාභ සාර්ථක ලෙස කළමනාකරණය කිරීමට හැකිවීම නිසා එම අගය පෙර වසරට සාපේක්ෂව සියයට 15.88 කින් පහළ ගොස් ඇත.
2023 ජූනි 30 දින වන විට සෙලාන් බැංකුවේ වත්කම්වල මුළු වටිනාකම රු. බිලියන 689 ක් වූ අතර, එය බැංකුවේ ශක්තිමත් මූල්‍ය තත්ත්වයට සාක්ෂි දරයි. ණය හා අත්තිකාරම්වල වටිනාකම රු. බිලියන 421 ක් වූ අතර, තැන්පතුවල වටිනාකම සුළු වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 549 ක් ලෙස වාර්තා වී ඇත.
මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ හිමිකම් මත ප්‍රතිලාභය සියයට 9.22 ක් වූ අතර, සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය (බදු-පෙර ලාභය) සියයට 1.23 කි. සමස්ත බැංකුව, බැංකුවේ දේශීය බැංකුකරණ ඒකකය සහ විදේශ මුදල් බැංකුකරණ ඒකකය සඳහා ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාත, 2023 ජූනි 30 දින වනවිට පිළිවෙළින් සියයට 32.30, සියයට 32.13 සහ සියයට 25.22 ක් ලෙස වාර්තා වී තිබේ.
පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ රු. 2.44 ක් වූ සෙලාන් බැංකුවේ කොටසක් සඳහා ඉපැයුම, 2023 වසරේ ප්‍රථම අර්ධය තුළ රු. 4.18 ක් දක්වා ඉහළ ගොස් තිබීම, සෙලාන් බැංකුවේ ස්ථාවර කාර්යසාධනයට තවත් සාක්ෂියකි.
595
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සෙලාන් බැංකුවටට කැපීපෙනෙන ලාභයක්