
ව්‍යාපාර හිමියන්ගේ විශේෂ සන්නිවේදන අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් සිය ව්‍යාපාරික පරිභෝගිකයන් වෙනුවෙන් වාසිදායක ඇමතුම් සහ ඬේටා පහසුකම්වලින් යුත් සුවිශේෂී පසුගෙවුම් පැකේජ රැසක් හඳුන්වාදීමට ඩයලොග් ආසිආටා පීඑල්සී කටයුතු කර ඇත. හඳුන්වාදෙන ඩයලොග් ව්‍යාපාරික පැකේජ මගින් පාරිභෝගිකයන්ට එකම ගාස්තුවක් යටතේ ඇමතුම් සහ ඩේටා සේවා ලබාගත හැකි අතර, ව්‍යාපාරික සම්බන්ධතා අතර අසීමිත ඇමතුම් සමඟ අමතරD2D/D2ND මිනිත්තු හිමිවේ. මේ තුළින් ව්‍යාපාරවලට සන්නිවේදන පහසුකම් වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය කැපී පෙනෙන අයුරින් අවම කරන බව එම සමාගම සඳහන් කරයි.
රු. 277 සිට ආරම්භ වන ඩයලොග් ව්‍යාපාරික පැකේජයෙන් සමාගමක සම්බන්ධතා අතර අසීමිත ඇමතුම් D2D මිනිත්තු 1000 ක්, D2D SMS 1000 ක් සහAnytime data GB 1.5 ක් හිමිවන අතර, රු. 1777 ක පැකේජයෙන් අසීමිතD2D ඇමතුම් සමග D2ND මිනිත්තු 500 ක්, D2D SMS 1000 ක් සහ Anytime data GB 20 ක්සමඟ සමාගමේ සම්බන්ධතා අතර අසීමිත ඇමතුම් ලබාගැනීමේ හැකියාව ඇත. මෙම විශේෂ ව්යාපාරික පැකේජයත් සමඟ අමතරව රු.100ක ගාස්තුවටකට තවත් පෞද්ගලික ඩයලොග් අංක 2 ක් අතර අසීමිත කතා කාලයක් ලබාගැනීමට හැකිවීම තවත් විශේෂ වාසියක් වේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන් ඇතුළුව ඕනෑම ව්‍යාපාරික හිමිකරුවකුට මෙම සුවිශේෂී ප්‍රතිලාභය ලබාගැනීමේ හැකියාව ඇත.
මොබයිල් ව්‍යාපාරික පැකේජ හඳුන්වාදීමට අමතරව ව්‍යාපාරික අවශ්‍යතාවලට ගැළපෙන විශේෂ ස්ථාවර දුරකතන පහසුකම් සහ ඩිජිටල් රූපවාහිනී පහසුකම් සපයනු ලබයි. මේ වන විට ඩයලොග් සමාගමට අයත් ආයතනික ගනුදෙනුකාර භවතුන් BixCare වෙබ්අඩවිය තුළින් බලගැන්වීමට පියවර ගෙන තිබෙන අතර, මේ හරහා ඔවුන්ට සිය සන්නිවේදන කටයුතුවලට අදාළ කාර්යයන් ඕනෑම තැනක, ඕනෑම වේලාවක පහසුවෙන් කරගැනීමට හැකියාව සලසයි
2025 නොවැම්බර් මස 04
767
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2408
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ඩයලොග් ව්‍යාපාරික පැකේජ