IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සංචාරක සංවර්ධන අධිකාරිය-නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක්

(හර්ෂණ තුෂාර සිල්වා)

සංචාරක ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාගැනීම වේගවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමකට අද (15) අත්සන් තැබිණි.


එහිදි ශ්‍රී ලංකා සංවාරක සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති කාවන් රත්නායක හා නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති ආචාර්ය ජගත් මුණසිංහ යන මහත්වරු අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

සංචාරක ව්‍යාපෘති සහ ආයෝජනවලදී අදාළ ව්‍යාපෘතිවලට අනුමැතිය ලබාගැනීම කඩිනම් කිරීම මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ ප‍්‍රධාන අරමුණ වී තිබේ.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය මෙම කි‍්‍රයාවලියේදී තාක්ෂණික සහාය දක්වයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සිවු අවුරුදු සංචාරක ක‍්‍රමෝපාය  සැලැස්ම සහ  ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය මෙරට ආයෝජන වැඩි කිරීමේ අරමුණින් දියත් කරන වැඩසටහනට සමගාමීව මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි. 



අදහස් (0)

සංචාරක සංවර්ධන අධිකාරිය-නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site