IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීමට විශේෂ වැඩසටහනක්

( තිළිණි ද සිල්වා )
 
විදෙස් සංචාරකයින්ගේ පැමිණීම් පහළ  යන අවස්ථාවන්හී දි එම සංචාරකයින්  ශ්‍රී ලංකාවට වැඩිපුර ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙරට  ප්‍රධාන සංචාරක පාර්ශ්වකරුවන් සමඟ එක්ව විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇතැයි එම කාර්යාංශය කියා සිටී.
 
මෙම නව ප්‍රවර්ධන වැඩසටහන හරහා සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවලදී  දිවයින පුරා ඇති සංචාරක හෝටල් මගින් සංචාරකයින්ට විශේෂ වට්ටමකින් ඇමෙරිකා ඩොලර් ඩොලර් 99 ක වැනි අඩු මුදලකට දින 4 ක විශේෂ සංචාරක පැකේජයක් ලබා දීමට සැලසුම් කර ඇතැයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
 
මෙම නව සංචාරක පැකේජය දැනට පවතින ගාස්තු අනුව  සියයට 40 - 50 අඩු කිරීමක් බවත් ල ඊට  ශ්‍රී ලන්කන්, එමිරට්ස් හා කටාර් ගුවන් සේවාවන් විසින්ද සංචාරකයින්ට විශේෂ වට්ටම් ලබා දීමට අදහස් කර ඇතගමෙම ප්‍රවර්ධන වැඩසටහනේ පළමු අදියර ඉන්දියාවල චීනය හා මැද පෙරදිග ඉලක්ක කර ක්‍රියාත්මක කිරීමට නියමිතය.
 
මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ගැන අදහස් දැක්වූ සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානු කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටියේ මෙය කර්මාන්ත පාර්ශවකරුවන්ගේ ක්‍රියාකාරී සහායත් සමග අප රටේ පවත්වන ප්‍රථම සැලසුම් සහගත හා පුළුල් ප්‍රවර්ධන වැඩසටහනයි.


 අපගේ අරමුණ සංචාරක පැමිණීම් අඩු සැප්තැම්බර් හා නොවැම්බර් මාස හා අප්‍රේල් හා ජුනි මාස අතර සංචාරක පැමිණීම් ඉහළ මට්ටමකට ගෙන ඒමයි. නමුත් එම වැඩිවීම ක්ෂණිකව සිදු වේ යයි අප අපේක්ෂා නොකළ යුතු බවය.


සිංගප්පූරුවල ඩුබායි වැනි රටවල් මෙවැනි වැඩසටහන් සාර්ථකව හදුන්වා දී ඇති අතර  ශ්‍රී ලංකාවේ මම ප්‍රවර්ධන වැඩසටහනේ සාර්ථකත්වය අනුව තදුරටත් එහි වෙනස් කම් සිදුකරමින් සාර්ථක කර ගැනීමට කටයුතු කරනවා” යැයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා තව දුරටත් පැවසීය.



අදහස් (3)

සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීමට විශේෂ වැඩසටහනක්

chathuri Sunday, 23 September 2018 12:45 PM

සංචාරකයින් නරඹන විශේෂ ස්ථානවල වැසිකිලි සැදීම, ඒවා නැරඹීමට අයකරන මුදල සාධාරණ මුදලක් වියයුතුයි. මන්ද අපිට වැඩිය හොඳට භාෂාව දන්නා නිසා දිය නාන තැන් ආරක්ෂා කිමිදුම් කරුවකු සිටිය යුතුයි. ඔවුන්ට මග පෙන්වන්න මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් නොවිය යුතුයි. මංකොල්ලකරුවන්ට අවුරුදු 30 සිර දඬුවමක් දිය හැකිනම් විදේශිකයෝ ඕනෑතරම් එ්වි...

:       0       50

de silva Thursday, 27 September 2018 12:07 PM

පහුගිය කාලේ රටට එන සංචාරකයන්ට නිකන් දුන්න වීසා එකට දැන් ඩොලර් 40 ගන්නවා, ඒක ඩොලර් 80 කට විතර වැඩි කරලා, ඔය සිගිරිය වගේ ස්ථාන නරබන්න ගන්න මුදලත් දෙගුණයක් කරන්න, ඔය ස්ථාන වල තිබෙන පරණ වැසිකිලි වගේ දේවල් අලුත්වැඩියා කරන්න එපා, සංචාරකයෝ එන්නේ ඒවත් බලන්න, ඔය ඉන්න සංචාරක ඇමති සහ නියෝජ්‍ය ඇමතිට අමතරව තව ඇමතිවරු දෙන්නෙක් විතර පත්කරලා ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රාඩෝ වැනි පහසුකමුත් දෙන්න, එතකොට ලංකාවට එන සංචාරකයන්ගේ ප්‍රමාණයත් දෙගුණයක් වේවි

:       0       0

de silva Thursday, 27 September 2018 02:27 PM

ලංකවේ සංචාරක හෝටලයකට මත්පැන් බලපත්‍රයක් ලබාගැනීම ඉතා සංකීර්ණ දුෂ්කර මිල අධික ක්‍රියාවලියක්, එම නිසා ලංකාවේ සංචාරක හෝටල් වලින් 75% මත්පැන් විකුනන්නේ සුරාබදු නිලධාරීන්ට පගාව දීලා, කරුණාකර සරල ක්‍රියාවලියකින් සාධාරණ මිලකට මෙම බලපත්‍ර ලබාදෙන්න කටයුතු කරන්න. එහෙම කලොත් විශාල බදු ආදායමක් රජයට ලැබෙන අතර , සංචාරක ව්‍යාපාරයේ දියුණුවට ඉවහල් වෙනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31125 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13255 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 47 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site