IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින සංචාරක ආයතන අසාදු ලේඛනයට

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාව සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු, සංචාරකයන් ගෙන්වීමේ සිට ආපසු යාම දක්වා කාලය තුළදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලු සංචාරක ආයතන හා පුද්ගලයන් අසාදු ලේඛන ගතකරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද( 12) පැවසීය.

කිසිවෙකු මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය  කලහොත් එය සංචාරක ව්‍යාපාරයේ අනාගතයට දැඩි ලෙස බලපාන හෙයින් මෙම තීරණය ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ජනවාරි 21 දා සිට රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් සංචාරක නියෝජිත ආයතන, හෝටල් හිමියන් සංචාරක මඟ පෙන්වන්නන්, සංචාරක රියදුරන් දැනුවත් කිරීම සඳහා පැවැති රැස්වීමකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

සංචාරකයන්ට නැවත රට විවෘත කිරීමෙන් පසු ඔවුන් මෙරටට ගෙන්වීමේදී සංචාරක ආයතන විසින් සංචාරක සංවර්ධන අධිකාරියේ පූර්ව අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බවත් සංචාරකයන් ගමන් කරනු ලබන ස්ථාන සම්බන්ධයෙන් අධිකාරියට පූර්ව දැනුම් දීමක් සිදු කළයුතු බවත් ඇමතිවරයා මෙහිදී කීවේය.

එම දැනුම් දීම කළවිට සංචාරකයන් මෙරටට පැමිණීමේ සිට ඔවුන් මෙරට සංචාරය කරනු ලබන ස්ථාන හා ඔවුන්ගේ පිටවයාම දක්වා අධිකාරිය පූර්ණ අධීක්ෂණයකට ලක්කරන බවත්, මේ වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක් සංචාරක සංවර්ධන අධිකාරියේ ස්ථාපිත කරන බවද ඇමතිවරයා කිවේය.

කටුනායක හා මත්තල ගුවන්තොටුපල 21 වන දින සිට ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ද ඇමතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

සංචාරකයන් දිවයිනට පැමිණීම වෙනමත්, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රි ලාංකිකයන් දිවයිනට පැමීණීම  වෙනමත් සිදුකිරීමට කටයුතු යොදා ඇතැයි පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපලේදී හෝ රට තුලදී සංචාරකයන් මෙරට වැසියන් හා මුහු නොවීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයිද කීවේය.

කොවිඩ් කමිටුව හෝ සෞඛ්‍ය බලධාරීන් අනුමත නොකරන කිසිදු රටකින් සංචාරකයන් ගෙන්වීමේ කිසිදු සූදානමක් නැතැයිද ඇමතිවරයා  කීවේය.

සංචාරකයන්ගෙන් මෙරට වැසියන්ටත්, මෙරට වැසියන්ගෙන් සංචාරකයන්ටත් කොවිඩ් ආසාදනය වීම වැළැක්වීම වෙනුවෙන්   ගතහැකි ගතයුතු සියලු පියවර රජය ගෙන ඇති බවද ඇමතිවරයා කීවේය.



අදහස් (0)

සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින සංචාරක ආයතන අසාදු ලේඛනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 81 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 356 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 370 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site