විමුක්ති එස් රුද්‍රිගු
මෙරට පුළුල් බදු සීමා අඩු කිරීමට මෙන්ම සරල කිරීමටද ශ්‍රී ලංකාව පියවර ගත යුතු යැයි ඇඩ්වොකාටා ආයතනය ප්‍රකාශ කළේය. එමගින් මෙරට වංචා හා දූෂණ අවම කරගත හැකි බවත්, නිදහස් වෙළෙඳ ගිවිසුම් මාර්ගයේදී ඉන්දියාව සහ අනෙකුත් රටවල් සමග ශ්‍රී ලංකාව සබඳතා තරකර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් ඇඩ්වොකාටා ආයතනය පැවැසුවේය.
‘‘අන්‍යෝන්‍ය බදු ක්‍රමය” යටතේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44 ක තීරු බද්ද, වසර 20 කට පමණ පෙර ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ඉහළ මට්ටමේ ආරක්ෂණවාදයේ ගැටලුවක් අනාවරණය කර ඇතැයි ඇඩ්වොකාටා ආයතනය ප්‍රකාශ කළේය. ඒ අනුව ශ්‍රී ලංකා වෙළෙඳ තරගකාරීත්වය ශක්තිමත් කිරීමටත්, ජනපති ට්‍රම්ප් පැනවූ තීරු බද්දෙන් ශ්‍රී ලංකාවට ඇති වන බලපෑම අවම කිරීමටත් ඇඩ්වොකාටා ආයතනය පහත නිර්දේශ ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකාව ලෝකය සමග වෙළෙඳාම් කිරීමට ඇති විවෘතභාවය සංඥා කරමින් ආනයන සඳහා වන සියලුම පැරා-තීරුබදු ඉවත් කිරීම.සාධාරණ වෙළෙඳ තත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙරට ඇමෙරිකානු ආනයනමත පනවා ඇති තීරු බදු මට්ටම සහ ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා පනවා ඇති තීරු බදු මට්ටම පිළිබඳ ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීම. වෙළෙඳාමට පහසුකම් සපයන සහ දූෂණයට ඇති ඉඩකඩ ඉවත් කරන වඩාත් ඒකාබද්ධ සහ සරල කළ ගාස්තු ක්‍රමයක් කරා ගමන් කිරීමට වන වැඩසටහන් වේගවත් කිරීම.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වංචා - දූෂණ අවම කිරීමට පුළුල් බදු සීමා අඩු කරන්න - ඇඩ්වොකාටා