මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශ මූල්‍ය අංශය පීඩනයකට ලක්වූයේ යැයි මහ බැංකුව සඳහන් කරයි.
වෙළෙඳ හිඟය පුළුල් වීම සහ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම හේතුවෙන් විවිධ කෙටිකාලීන ආයෝජන ආපසු රැගෙන යෑම්, මෙම මාසයේදී ගෙවුම් තුලනය කෙරෙහි අහිතකර බලපෑ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
සැප්තැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව එම කරුණු පෙන්වා දී තිබේ.
අඛණ්ඩව සිව්වැනි වරටත් සැප්තැම්බර් මාසයේදී අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්මවා ගියත් අපනයන ආදායම වර්ධනයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම වර්ධනය වී ඇත.
ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ ශක්තිමත් වීම හමුවේ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් විදේශීය ආයෝජන රැගෙන යෑම් වාර්තා වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. සැප්තැම්බර් මාසය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ද විදෙස් ආයෝජන නැවත රැගෙන යෑම් දක්නට ලැබුණු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් පෙන්වා දී ඇත.
055
2025 දෙසැම්බර් මස 04
653
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
538
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
444
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාවේ විදේශ මූල්‍ය අංශය පීඩනයක