මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශ මූල්‍ය අංශය පීඩනයකට ලක්වූයේ යැයි මහ බැංකුව සඳහන් කරයි.
වෙළෙඳ හිඟය පුළුල් වීම සහ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම හේතුවෙන් විවිධ කෙටිකාලීන ආයෝජන ආපසු රැගෙන යෑම්, මෙම මාසයේදී ගෙවුම් තුලනය කෙරෙහි අහිතකර බලපෑ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
සැප්තැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව එම කරුණු පෙන්වා දී තිබේ.
අඛණ්ඩව සිව්වැනි වරටත් සැප්තැම්බර් මාසයේදී අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්මවා ගියත් අපනයන ආදායම වර්ධනයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම වර්ධනය වී ඇත.
ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ ශක්තිමත් වීම හමුවේ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් විදේශීය ආයෝජන රැගෙන යෑම් වාර්තා වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. සැප්තැම්බර් මාසය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ද විදෙස් ආයෝජන නැවත රැගෙන යෑම් දක්නට ලැබුණු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් පෙන්වා දී ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd