පසුගිය රජය සමයේ ආරම්භ කළ මහා පරිමාණයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් නුදුරේදීම නැවත ආරම්භ කෙරෙනු ඇති බව රජය පසුගියදා සහතික කළේය.
නව රජය බලයට පත්වූ වහාම එම ව්‍යාපෘතීන් අත්හිටුවීමට කටයුතු කෙරුණේ හිටපු රජය ව්‍යාපෘතීන් ආරම්භ කර තිබුණද අයහපත් ආර්ථික ප‍්‍රතිපත්ති වල ප‍්‍රතිඵලයක් ලෙස එම ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරන රටවලට හා කොන්ත‍්‍රාත්තුකරුවන්ට ඩොලර් බිලියන 28 ක පමණ මුදලක් ගෙවීම අතපසු කර තිබුණු නිසාවෙන් බව මහාමාර්ග හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.
තමන් භාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීමකට අනුව ව්‍යාපෘති නැවත කි‍්‍රයාත්මක කිරීම සදහා දැන් ක‍්‍රමයෙන් මුදල් නිදහස් කෙරෙමින් පවතින බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වන දිගුවේ වැඩ කටයුතු ජූලි මස 4 වෙනිදා ආරම්භ කිරීමටත්,කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු තවත් දෙසතියක් ඇතුළත ආරම්භ කිරීමටත්,කොළඹ රත්නපුර යෝජිත අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සදහා තරඟකාරී ටෙන්ඩර් කැදවීමක් සිදුකිරීමටත් සැළසුම් කර තිබෙන බව අමාත්‍යවරයා කීය.
ග‍්‍රාමීය මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව තිබෙන බව කී අමාත්‍යවරයා එම කටයුතු වෙනුවෙන් දැනට රුපියල් ලක්ෂ 300 ක මුදලක් වෙන්කර ඇතැයි ද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කරත් කමක් නෑ, විධිමත් ටෙන්ඩර් පටිපාටි ඔස්සේ කොන්ත්‍රාත් ප්‍රදානයට ක්‍රමයක් ස්ථාපිත කිරීමයි පළමුව සිදුවිය යුත්තේ, ජාතික ප්‍රසම්පාදන කොමිසමක් ස්ථාපිත කරානම් ඔය ප්‍රශ්න එකක්වත් නැහැ.(හේ)
කරුණාකර හම්බන්තොටට අධිවේගී මාර්ගය හදන්න ඉස්සෙල්ල දක්ෂිණ අධිවේගී මාර්ගය කොළඹ කටුනායක මාර්ගයට සම්බන්ධ කරන්න. එතකොට මාර්ග තද බදය විශාල ලෙස අඩුවේ. මාතර සිට හම්බන්තොටට හොඳ මාර්ගයක් ඇත. වාහන තද බදයක්ද නැත. ඒවා පස්සේ හදාගන්න පුළුවන් (නදී)
සංවර්ධන කටයුතු ඉක්මන් වෙනවා නම් ගොඩක් හොදයි.(හේ)
ජය වේවා.(හේ)
මැද පෙරදිග ගිහින් බිමට දාන කාර්පට් හොරකම් කළා (බ)
මැද පෙරදිග ගිහින් බිමට දාන කාර්පට් හොරකම් කරපු අය ලංකාවේ පාරට දාන කාර්පට් හොරකම් නොකර ඉඳීවිද කියලා (අ)
රෝහණ ඔබ හරි ! ඒක නේද වුනේ ? (බ)
රෝහණ ඔබ හරි ! ඒක නේද වුනේ ? (බ)
රාජපක්ෂලා කළේ 100 ණයට අරන් 75 සාක්කුවේ දාගෙන 25 ක වැඩ කරන එක ඒ අය සැප වින්දේ අපේ සල්ලි වලින් අන්තිමට හරි එ්ක ලංකාවේ අයට තේරුන එක ගැන සතුටුයි. (බ)
කාපට් කන්නද කියලා අහපු අයත් ඉන්නවා මේ රටේ. (නි)
කවුරු කළත් කමක් නැහැ. විධිමත් ටෙන්ඩර් පටිපාටි ඔස්සේ කොන්ත්‍රාත් ප්‍රධානයට ක්‍රමයක් ස්ථාපිත කිරීමයි පළමුව සිදුවිය යුත්තේ. ජාතික ප්‍රසම්පාදන කොමිසමක් ස්ථාපිත කළා නම් ඔය ප්‍රශ්න එකක්වත් නැහැ. (නි)
කවුරු කරත් කමක් නෑ, විධිමත් ටෙන්ඩර් පටිපාටි ඔස්සේ කොන්ත්‍රාත් ප්‍රදානයට ක්‍රමයක් ස්ථාපිත කිරීමයි පළමුව සිදුවිය යුත්තේ, ජාතික ප්‍රසම්පාදන කොමිසමක් ස්ථාපිත කරානම් ඔය ප්‍රශ්න එකක්වත් නැහැ.(අ)
බොරු වැඩ.(හේ)
කවුරු කරත් කමක් නෑ, හරියට කෙරෙනවා නම්.(හේ)
කෙරෙනවානම් හොද වැඩක්.(හේ)
ජාතික ප්‍රසම්පාදන කොමිසමක් ස්ථාපිත කරානම් ඔය ප්‍රශ්න එකක්වත් නැහැ.(හේ)
එහෙම වෙනවා නම් හොදයි.(හේ)
වෙන්නේ නැති වැඩ ගැන කතා කරලා වැඩක් නෑ.(හේ)
අනේ අපේ පාරවල් ටිකත් කාර්පට් කරන්න ඕනේ නෑ තාර ටිකක් දාලා දෙන්න.(හේ)
ජය වේවා.(හේ)
මොන දේ වුනත් කමක් නෑ පාරවල් ටික හැදෙනවා නම් ලොකු දෙයක්.(හේ)
කවුරු කරත් කමක් නෑ, විධිමත් ටෙන්ඩර් පටිපාටි ඔස්සේ කොන්ත්‍රාත් ප්‍රදානයට ක්‍රමයක් ස්ථාපිත කිරීමයි පළමුව සිදුවිය යුත්තේ, ජාතික ප්‍රසම්පාදන කොමිසමක් ස්ථාපිත කරානම් ඔය ප්‍රශ්න එකක්වත් නැහැ.(හේ)
විධිමත් ටෙන්ඩර් පටිපාටි ඔස්සේ කොන්ත්‍රාත් ප්‍රදානයට ක්‍රමයක් ස්ථාපිත කිරීමයි පළමුව සිදුවිය යුත්තේ, (හේ)
කවුරු කරත් කමක් නෑ, විධිමත් ටෙන්ඩර් පටිපාටි ඔස්සේ කොන්ත්‍රාත් ප්‍රදානයට ක්‍රමයක් ස්ථාපිත කිරීමයි පළමුව සිදුවිය යුත්තේ, ජාතික ප්‍රසම්පාදන කොමිසමක් ස්ථාපිත කරානම් ඔය ප්‍රශ්න එකක්වත් නැහැ.(අ)