දේශීය සංචාරකයින්ට මත්තල ගුවන්තොටුපොළ හරහා ගුවනින් ගොස් දකුනේ වැදගත් ස්ථාන නැරඹීමට විශේෂ සංචාරක සේවයක් මෙරට දේශීය සංචාරක සමාගම් විසින් ආරම්භ කර ඇත.
කෑගල්ල ප‍්‍රදේශයේ දේශීය සංචාරකයින් කණාඩායමක් ඊයේ උදෑසන ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 119 දරණ ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මත්තල බලා පිටත්ව ගියහ.
එම කණ්ඩායමට පිරිමින්, කාන්තාවන් සහ ළමයින් 60 දෙනෙක් ඇතුලත් වූහ. සංචාරක චාරිකා සමාගමක් විසින් මත්තල ගුවන්තොටුපොළට යාමට සංවිධානය කළ පළමු චාරිකාව මෙය වේ.
දේශීය සංචාරකයින්ට මත්තල ගුවන්තොටුපොළ හුරුකිරීම සහ ගුවන් ගමනක අසිරිය විඳ ගැනීමට අවස්ථාව සැලසීම මෙහි අරමුණ වේ.
කෑගල්ල සමගි දඹදිව වන්දනා චාරිකා සමාගම මෙය සංවිධානය කර තිබිණි. දේශීය සංචාරකයින්ට මත්තල ගුවන්තොටුපොළ හුරුකිරීම මෙහි අරමුණ වේ.
මෙම කණ්ඩායම මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට වරාය සහ කතරගම ඇතුළු දකුනේ ස්ථාන රැුසක් නැරඹීමට යාමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ පිටිසර ගම්වල අයට ඒ අයගේ ආසාවන් ඉටු කරදෙන එකත් පිනක්. ගුවන් යානායක් දැකලවත් නැති අය තවම ඉන්නවා. එනිසා දුප්පත් මිනිස්සු ගැනත් හිතන්න. තමන්ගේ රට ගැන ආඩම්බර වෙන්න.(නදී)
එච්චර තම අඩුවෙලා තිබුනේ අපිට. දැන් ඒකත් හරි. (නි)
ආඩම්බරකාර වැඩ .... (නි)
කවුරුවත් පක්ෂ පාට භේද බලන්න අවශ්‍ය නැහැ. කවුරුහරි රටට වැඩදායක වැඩක් කරනවා නම් සතුටු වෙන්න. (නි)
මම දන්නෙ නැති නිසා අහන්නේ. කෑගල්ලේ ඉදලා මත්තලට ගියේ ආස්යන්තරේ ද? බස් එකේද? එතකොට මත්තල තියන්නේ දකුණේ නෙමේද? (නි)
මායා, ඔයාගේ ඔය කුහක කන්නාඩි කුට්ටම ගලවන්න. හොදට ඇස් ඇර බලන්න ඔබ ඉපදුන රට දිහා (නි)
මායා ඔබ නිවැරදියි , ඔබට බනින අයද ලීදේ ඉදන් කතාකරන බව අපි දනී. රට දියුණු කිරීමට රටට පලදායි , අර්ථිකයට පලදායි සුදුසු තැන් වල , යටිතල පහසුකම් සැදිය යුතුයි. රට දියුණු කිරීමට රට මුල් කරගෙන වැඩ පිළිවලක් තිබිය යුතු මිසක් ගමක් මුල් කරගෙන නොවේ.(නදී)
මය යන්න බැරි පැතිවලට යන්න තමයි සියල්ල සැදුවේ. බොරුවට විරිත්තන්නේ නැතිව ගිහින් සිරි නරඹන්න.(නදී)
ඕනෑම නම් කොග්ගල,පලාලි,රත්මලාන, ගෘහස්ත තොටුපොල ටිකක් දියුණු කරලා ගන්න තිබුන. නුවර දිහාටත් ගෘහස්ත එකක් දෙන්න තිබුනා. කටුනායක වගේ 10 ගුණයක් විතර ලොකු සහ ඊට වඩා දියුණු බස් නැවතුම් තියනවා ලෝකේ. දැන් කරන්න දෙයක් නෑ.හුල්ලමු.(නදී)
මෙන්න තවත් බොරු වැඩක් , කටුනායක ඉඳල මත්තලට ට යන්න විනාඩි 15ක් විතර යයි , ඕකට ගුවන් යානාවක් උඩ නග්ගල අපහු බිමට බාන එකම කොච්චර පාඩුද ?(නදී)
පිස්සු හැදෙනවා කියන්නේ මේවටනේ. රටක ජීවත් වෙන මිනිස්සුන්ට අත්‍යවශ්‍ය වන ස්ථානයක් හෝ සේවාවක්නම් ඇයි ඒක ඒ මිනිස්සුන්ට 'හුරු කරන්න' උවමනා? මේකෙන්ම තේරෙනවනේ මේ වැඩෙන් සාමාන්‍ය ජනයාට උන යහපතක් නැති වග. විවේචනය කරනවා නෙමේ. මේකයි පැහැදිලි යථාර්තය. (නදී)
මෙහෙමනේ... ජාඩියට මුඩිය වගේ මේවට හුරේ දාන අය තම මෙතනත් මේ සෙට් වෙලා ඉන්නේ. ඕක මේ රටේ හැමදාම තියන සාපෙනේ. ජිවන වියදම වැඩි උනාට පාරට බැස්සේ නැති උනත් පල්ලියක් හැදුව කිවම පාරේ හු තියන්නේ එකයි.(නදී)
දැන් විදිය හොද නැන්නම්, මත්තල දියුණු කරගන්න ක්‍රම/යෝජනා ප්‍රතිචාර හරහා දමන්න. මේවා දේශපාලකයින්ට නොවේ අපටමනේ කරගහන්න වෙන්නේ. (නි)
ඉපදෙන දරුවෝ ලක්ෂ 3 හමාරක් එක්ක ඉපදෙද්දී මේ මිනිස්සු කොහොම හිතකින් හුරේ දානවද. සුද්දෝ ගිය දා ඉදන් 2005 වෙනකන් ගත්තු නය මෙන් හතර ගුණයක් 2005 සිට මේ දක්වා අරන්ලු. අම්මප ගෙවන්නේ සක්කරයද?(නදී)
එදා සේනානායක මහත්මයා ගල්ඔය ව්‍යාපාරය කරනකොට වාමාංශික අය සහ විපක්ෂය කිවුවේ, වනාත්තරයේ සල්ලි වල දානවා කියලා. නමුත් අද කවුරුත් දන්නවා එහි වටිනාකම. යහලුවනේ, මත්තල සහ හම්බන්තොට ඔබට නොවෙයි. එය ඔයාගේ මුණුපුරාටයි , මිනිපිරියටයි අනාගතයට දෙන දායාදයක්. (නි)
අපේ රටේ බොහෝ දුම්රිය හරස් මාර්ග වල ආරක්ෂක ගේට්ටු නැහැ. ජීවිත කීයක් අහිමි වෙනවද? ඒවා ගැන සිතන්න කවුරුත් නැහැ (නි)
රට තුල සැහැල්ලු ගුවන් යානා සඳහා අවශ්‍ය වෙන්නේ අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් මිසක් ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් වලට නෙවෙයි. මෙහෙම ගියොත් මේවා නඩත්තු කරන්න සල්ලි හොයන්න වෙන්නෙත් ඔය හුරේ දාන අයටම තමයි. කරුණාකර දැනගන්න මිත්‍රවරුනි, මේවායේ නඩත්තු සඳහා කෝටි ගණන් රුපියල් ඕනෑ කියලා. (නි)
මේ ම්නිස්සු කොහේද යන්නේ යාල වනොත්දය බලන්න වෙන්න ඇති. බලන්න ලස්සන.(නදී)
පාළු සුසානේ ........ ප්‍රේම පුරාණේ ........ (නි)
කෑගල්ලේ සිට කටුනායකට - පැය 1.5 ගුවන් යානයට නැගීමට පොරොත්තු කාලය - පැය 2 (අවම) ගුවනින් මත්තලට - පැය 1 සම්පුර්ණ කාලය - පැය 4.5 ගාස්තුව (එක මගියකුට) - රු. 12,000 කෑගල්ලේ සිට දකුණේ නැරඹිය යුතු ස්ථාන වලට වාහනයකින් - පැය 4.5 ගාස්තුව (මගින් 8 දෙනෙකු ට) - රු. 8,000 අනේ, කාට කියනවද මේ බයිලා ?(නදී)
ගුවන්තොටුපොළ, වරාය හදල තියෙන්නේ නරඹන්න පමණද? කෝ නැව්? කෝ ප්ලේන්?(නදී)
මීට කලින් රේල්පාර වල් හදන්න. (නදී)
හැබැයි සත්තු ගම් වැදිලා මිනිස්සු වල් වදින කාලය ඉතා ළඟයි. (නි)
අනේ මෙහෙමත් පිස්සු ආණ්ඩුවක් .(නදී)
ලංකාවට තව ගුවන් තොටුපලක් තියන අක හොදයි. ඒත් කටුනායක එකටවත් හරියට ගුවන් යානා නැතුව තව එකක් මොකටද? කටුනායක ගුවන් තොටුපල හොදට හැදුවා නම් හරිනේ. (නි)
තුසිත සමන් බලල තියෙන්නේ නිල් පාට කන්නාඩි වලින්. (නදී)
අපේ ලොකු අම්මා කිව්වා මේ මාසේ අන්තිමට එයාගේ පැන්ෂන් සල්ලිවලින් මට ටිකට් අරන් දෙනවා කියලා මත්තලට ගුවනින් යන්න. පසු ගිය කාලේ දකුණු පළාතේ දරුණු අපරාධ සිදුඋනා ඒ තැන් නරඹලා එන්න.(නදී)
මාලදිවයිනේ සිට කටුනායකට එන 'දණ්ඩ නීති සංග්‍රහය' යටතේ අනිවාර්යයෙන් මත්තල නවත්වන ගුවන් යානයට රජයට සම්බන්ධ කීප දෙනෙක් කොළඹට යන්න නගිනවාලු ටිකට් නැතුව. ඉන්පසු ඉතිරි විනාඩි විස්සේ හැකි පමණ ආණ්ඩුවේ ලොක්කන්ගේ නම් විකුණමින් විස්කි ඉල්ලගෙන බොනවලු. අදාළ නිලධාරීන් කරුණාකර මේ ගැන සොයා බලන්න.(නදී)
සමන්;... ඔයා මොන පාට කණ්ණාඩි දාගෙන බලනවද කියලා මම දන්නේ නෑ හැබැයි ඇස් දෙක ඇරගෙන බලන නිසා තමයි කියන්නේ අපිත් ඉපදුනු රටේ මේ වගේ අපරාධ හා බොර් මවා පෑම් වෙද්දි අපිටනම් දුකයි.(නදී)
ඔය මත්තලත් රටේ අනෙක් ප්‍රාදේශීය ගුවන් තොටවල් වගේ හදලා ඒ ප්‍රාදේශීය ගුවන් තොටවල් ටික තව වැඩි දියුණු කළා නම් ඔය සල්ලි වලින් ඔය කටුනායකට එන අයට එතන ඉදන් ඕනෑ ඕනෑ තැනට ගුවනින් යන්න පහසුකම් දුන්නා නම් ඔය වැඩේ ඔයිට වඩා හොඳට කරන්න තිබුනා නේද? කටුනායකටවත් ඕනෑ තරම් ගුවන් යානා නැතුව මත්තලට කොහෙන් හොයන්නද? දැන් ඉතින් මත්තල ප්‍රදේශීය ගුවන් තොටක් වගේ ක්‍රියා කරයි. අනික කටුනායක තව පුළුල් කළා නම් මීට වඩා රටට වැඩක් වෙනවා. (නි)
මෙතන ප්‍රතිචාර දක්වන විදිහෙන් පේනවා අපේ රටෙ මිනිස්සුන්ගෙ තරම. මෙයාලා ලොකු මුදලක් දීලා යන්නෙ ගුවන් ගමනක පලපුරුද්දක් ලබා ගන්න. නැතුව 8000ක් දීලා වාහනයක යන්න පුලුවන් කියලා නොදන්නකමකට නෙමෙයිනෙ.කවුරුත් සල්ලි ගොඩක් දීලා ගුවන් තොටුපලක් බලන්න යන්නෙ නැහැනෙ.මෙතන ප්‍රතිචාර දක්වපු ගොඩක් අය ගුවන් ගමනක් ගියපු අය නෙමේ පේන විදිහට. (නි)
අනේ වාසනාවන් දෙයියනේ.(නදී)
ඇඳලා ඉන්න හැටි බැලුවාම පේන්නේ එයාලා එදිනෙදා ජීවිතයේ පොඩි රස්සාවක් කරගෙන කාලා බීලා ජීවිතය ගැටගහගෙන ඉන්න දුප්පත් මිනිස්සු විදියටයි. මාසෙ පඩියම වියදම් කරලා එක්දිනක ගුවන් ගමනක් ගිහින් ඇයි ණය වෙන්න හදන්නේ? (නි)
මත්තලට ගුවනින් යන්න අපි ගාල්ලේ ඉදගන කටුනායක යන ගමන්.(නදී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ ඔය ෆ්ලිඝ්ට් එකේ ගිය කට්ටියට අං එහාම තියෙනවද දන්නේ නෑ.(නදී)
හොද ආරම්බයක් !සැහැල්ලු ගුවන්යානා ඇවිත් නගරාන්තර දක්වා දියුණු වේවා! අනතුරු අඩු කාලය ඉතුරු , වේගවත් ගමනක් අපිට යන්න පුළුවන්. හණමිටි අදහස් වෙනස් වේවා! (නි)
ලංකාවේ මිනිස්සුන්ට මේ එදා වේල කන්න බැරුව ඉන්නවා. දැන් ගුවන් සවාරි... (නි)
නාස්තිය, ප්‍රෝඩාව , ඇස්බැන්දුම් , නොමග යැවීම , බොරුකීම, මුලා කිරීම මේ හැම ගුනන්ගයක්ම දැන් ඉන්න පාලකයා තුල තියෙනවා. ඔබටත් ඉගෙන ගන්න අවශ්ෂ නම් එයාගේ අස්ට්‍ර්ට්‍රොලොගේර් (කේන්දර බලන්නා) හමු වෙන්න.(නදී)
යන මිනිස්සුන්ට යන්න ඇරලා තමන්ගේ වැඩක් බලාගන්න.(නදී)
ස්ටීව් ,ඔබ හරි. මේක සංවර්දනය කියල දකින්න බැ දන්නා කෙනෙකුට, කටුනායක තව ටිකක් පහසුකම් දීල පුළුල් කරනම් මීට වඩා හොදයි. මේ මගින් 60 දෙනාට 5000*60 =ලක්ෂ 3ක මුදලක් වැය වෙලා තියෙනවා. ගුවන් ගමනට විතරක්,ඔය ටික හොද සුකොපබෝගී බස් දෙකක ගෙන ගියානම් ගානකුත් ඉතුරුයි. මේක සංවර්දනය දියුණුව කියල උගන්නන්න එන්න එපා සමන් ,තුසිත,ඔයාලට තමයි දැන් මේවගේ නාස්තිකර වඩා දියුණුව කියල දකින්න වෙලා තියෙන්නේ ,දියුණුව හැටියට , එක පුද්ගල අදායම වැඩි වෙන්න ඕන ,නැතුව මෙහෙම විකාර නෙවේ.(නදී)
ලාබද ඒ වැඩේ (දී)
මීට වඩා කරන්න හොඳ දෙයක් කියන්නද? කොළොඹ - හම්බන්තොට දක්වා නාවික පැකේජ් සේවයක් ආරම්භ කළා නම් අපේ අයත් යයි. සුද්දොත් යයි. සංචාරක කර්මාන්තයට ද පිටුවහලක් වෙයි. (නි)
ලෝක සිතියම අරන් බලන්න ලංකාව පිහිටලා තියන තැන. කවුරු ආණ්ඩු කළත් මේවා කරන්න ඕනෑ. පක්ෂයට පෙර රට ගැන හිතන්න. හොරු හැම පැත්තේම ඉන්නවා. එහෙම කියලා මේවා නොකර ඉමුද? (නි)
අයි මිට කලින් මත්තල දැකල නැද්ද?(නදී)
රජය කරන ඕනෑම දෙයක් අපිට පිළිගන්න වෙනවා. මොකද අපිට පැහැදිලි විපක්ෂයක් නෑ සතන් කරන්න.(නදී)
අපි ඕවාල වැරදි පෙන්නුවොත් අපි දේශද්‍රෝභියෝ කියයි. (නි)
රටක දියුනුව ගැන හිතන්න ප්‍රතිචාර දන්නා ඉස්සැල්ලා. හැමදාම අපේ රට පරණ තත්වේ තියෙන්න හොඳ නැහැ. අළුත් දේවල් වෙන්න ඕනේ.(නදී)
මත්තල කටුගේ බලන්න ජනතාව එනවා කියන්නේ. අනේ මෙහෙම රටක් අපි වැරදි පෙන්නුවොත් අපි දේශද්‍රෝභයෝ.(නදී)
එක බොරුවක් වහගන්න තව 100 කියන්න ඔනවගේ එක මෝඩ කමක් වහගන්න තව ගොඩක් කරන්න ඕනේ.. අනේ මන්ද අපේ රටට වෙන දේ ?(නදී)
මෙයා ඔබගේ හිත ඇතුලෙ කළුපැල්ලම්ද? (නදී)
ඔයාලා හිතනවා නම් කැලෑ එළි කරලා, අභයභූමී විනාශ කරලා, සතුන්ගේ නිදහස නැති කරලා රටක් දියුණු කරන්න පුලුවන් කියලා ඔයාලගේ බුද්ධි මට්ටම හිතා ගන්න පුලුවන්.. ඔයාලා මම අපි හැමෝගෙම ප්‍රාර්ථනාව සුභවාදී හා යහපත් දියුණුවක් මිස බල්ලෝ මරා හෝ සල්ලී හම්බකිරීම නොවෙයි. අප සංවර්ධනය කරා යා යුත්තේ අදියරෙන් අදියර මිස එක රැයකින් නොවේ. (නි)
ඕක එක හදපු එක ගොඩක් හොද දෙයක් රටේ දියුණුවට. (නි)
සල්ලි ඇති කෙනා ගුවනින් යයි, සල්ලි නැති කෙනා බසයෙන් යයි, බලය තියෙන කෙනා රට කයි, බලය නැති කෙනා කෑගහයි, මේක තමයි මේ සිරි ලංකාවේ හැටි. (නි)
ඉස්සර කටුනායක ගුවන් තොටුපළේ තදබදයක් ඇති උනාම අපි පිහිට පැතුවෙ චෙන්නායි ගුවන් තොටුපල. නිකම් නොවෙයි නවතන ගුවන් යානා වලට පැයකට ගානක් ගෙවලා. දැන් ඒ සඳහා අපේම කියල ගුවන් තොටුපලක් තියනවා. ජයලලිතාගේ විරෝධතාවලට ඒකත් එක හේතුවක් වෙන්න ඇති. ගුවන් තොටුපලවල් හා වරාය හරහා ඇතිවන දියුණුව ක්ෂනික නූල්ඩ්ස් වගේ නෙවි. දීර්ඝ කාලීනයි. එන්න හම්බන්තොට බලන්න. ආයෙත් වසර දහයකින් ඇවිත් ඔබේ අදහස කියන්න. කවුරු කළත් රටට අවශ්‍ය දේ අවශ්‍යමයි. පසුගිය එක් රජයක් වැල්ලවායේ මෙය ඉදිකිරීමට සැලසුම් කල බව සමහරුන්ට අමතකයි. (නදී)
කව්රුත් එන්නෙ යන්නෙ නැති කැලෑවක ගුවන් තොටුපොලවල් හදලා දැන් ඉතින් ලැජ්ජාව වහ ගන්න අනික් පැති වලින් මිනිස්සු අද්දනවා.(නදී)
ඒ ගමන්ම දඹදිවත් වැදගෙනම එන්න සැලස්සුව නම් හොදයි.(නදී)
ජීවන වියදම ඉහලට ගමන් අරඹන්නේ කොහොමද?(නු)
මේ අය මොන තරම් සතුටින්ද ඉන්නේ බලන්න. අපේ ජනාධිපතිතුමාට පින්! (නි)
සමීර, ඇයි හොඳ විපක්ෂයක් නැත්තේ? නැවකට හොද කට්ටිය ඕනැතරම් ඉන්නේ. (නි)
අරගොල්ලන්ගේ කටුගේ දැක්කද දන්නෙ නැහැ නේද? (නි)
වෙන මොනවා කරන්නද? ඇත්තෝ උඩින් යති. නැත්තෝ බිමින් යති. රට යන අත එයයි. (නි)
1948 න් අවුරුදු හැට ගාණකට පස්සේ තමයි අපිට බලන්න ලැබුණේ මෙහෙම අපේම කියලා ගුවන් තොටුපළක්. (නි)
මෙයාලට ගුවන්නොටුපලත් තේ කඩයක් කියලද හිතන්නේ. අහස් යානා එන්න ටිකක් කල්යනවා.(නදී)
මෙයාලා අර කියන ඇමතිවරයාගේ නෑයොද? බලනකොට නම් ඒ වගේ.(නදී)
සුභපැතුම් (දී)
මායා, මේ මුළු ලෝකෙම ඉස්සර මහා කැලයක් තමයි.ඔයා හිතන විදියට හැමෝම හිතුවා නම් තවම ලෝකේ එතනමයි. ඇයි ඔයාලා වගේ මෝඩ අය මේ ලංකාවටම ඉපදෙන්නේ? තමන්ගේ රට දියුණු වෙනකොට සතුටක් නැති අය මේ ලංකාවට වැඩක් නැහැ. (නි)
මටත් හරි ආසයි වනන්තරයකට ගිහින් තේ කඩයක් දාගෙන ඉන්න.(නදී)
ඔහොම ගියොත් බත් පැකට් එකයි අරක්කු බාගේටයි මිනිස්සු අදියි මත්තල පුරවන්න..(නදී)
රට දියුනු වෙන්න ඕනෑ. පාරවල් හැදෙන්න ඕනෑ. නමුත් තුවන් තොටුපළවල්, වරායවල් හදන්න ඉස්සර තියෙන ඒවා දියුණු වෙන්න ඕනෑ. රටක දේශීය නිෂ්පාදනය වැඩි වෙන්න ඕනෑ. නමුත් වරායවල් , ගුවන් තොටුපළවල් වගේ හදනකොටත් තනි තීරණ නැතුව අවශ්‍ය අයගේ දැනුම භාවිතා කලා නම් මහජන මුදල් මීට වැඩිය යහපත් විදියට සහ ලාබ ලබන විදියට යොදවන්න තිබුණා. (නි)
මේ ගුවන් තොටු පොලෙන් කෙටිකාලීන ප්‍රයෝජනයක් නැහැ . මෙය අනාගතේට වැදගත් වෙයි. මෙය ගාල්ලේ සැදුවා නම් මීට වඩා ප්‍රයෝජනවත්. එසේ නැත්නම් කටුනායක පුළුල් කළා නම් මීට වඩා හොදයි. මෙය දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ කරන්න තිබුනා. (නි)
සම්පත්...ගෙදරට එන අමුත්තාට ඉස්සර වගේ කිරි තේ එකකින් සංග්‍රහ කරගන්නවත් වත්කමක් නැති මේ රටේ දැන් යමුකෝ සැහැල්ලු ගුවන් යානා වලින් නෑගම්. (නි)
මේ හැමෝම කියන දේවල් දිහා බලලයි මෙහෙම කියන්නේ. රටකට ගුවන් තොටවල් 2 ක් වැඩි නැහැ. ඒත් මත්තල කියන්නේ ඒකට සුදුසුම තැන නෙමෙයි කියලා ඕනෑ කෙනෙකුට තේරෙනවා නේද? (නි)
තමන්ගේ රට දියුණු වෙනකොට සතුටක් නැති ඔයාලා වගේ මෝඩ අය මේ ලංකාවටම ඉපදෙන්නේ ඇයි?.(ස)
දැන් ඉතින් බැනලා වැඩක් නැහැනේ. හදපු ගුවන් තොටුපල ප්‍රසිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. එච්චරයි (නි)
උදෙන් යන්න ඇත්තේ නැත්නම් දවල්ට ගුවන් යානා නැහැ.(නදී)
අයියෝ! ප්ලේන් වල යන්න තියා බස් වල යන්නවත් කොහෙන්ද සල්ලි ලංකාවේ දුප්පත් මිනිසුන්ට? දැන් ලයිට් බිලත් වැඩි කරලා ඒ මදිවට... (නි)
මායා , ඔය නොතේරෙනව වගේ කතාකරන තොත්ත බබාලට ඔයා ඔයා කියල ආමන්ත්‍රණය කරන්න එපා. බබාලට තේරෙන්නේ වෙන ආමන්ත්‍රන. ඒ ආමන්ත්‍රන වලින් ආමන්ත්‍රනය කරන්න.(නදී)
ඉරිසියාවේ බැහැ මට නම්. (නි)
ප්‍රසාද් ගේ කතාව ඇත්ත. ඒක තමයි දැන් ලංකාවේ පවතින තත්වය.(නදී)
මේ කට්ටිය කවදාවත් අහස් යාත්‍රාවක ගිහිල්ලා නැතුව ඇති. කමක් නැහැ. ආසාවනේ. (නි)
මෙහෙම ආවොත් තව එකක් හදන්න පුළුවන් වෙයි (නි)
නෙලා ගන්න බැහැ..... මගේ අත දිග නැහැ.... අනේ එත් තව මල් පිපියන් !(නදී)
මෙහෙම දේවල් වලට තමියි අතින් දීල හරක් බලනවා කියන්නේ.(නදී)
මත්තල බලන්ඩ අහස යන්තරෙන් යන්නේ කවුද මෝඩයෙනේ. ආණ්ඩුව විලිවසා ගන්ඩ දඟලන තරමක්. යකෝ මේවට තමියි කියන්නේ මුන්ගේ පරම්පරා ගානකට හෙන ගහන්න ඕනා කියලා. මිනිස්සු එදා වේල කාගන්ඩ බැරුව දුක්විඳිනවා. මුන්ගේ කසි කබල් නම් පතුරුවාගන්ඩ දඟලනවා.(නදී)
මායා ඉන්න ලිඳේ වතුර ගොඩාක් තිබුනද.? (නි)
අපේ දරුවන්ට හොඳ අවස්ථාවක් ගුවන් ගමනක් යාම සඳහා. (නි)
විරාජ්, ඔබගේ කතාවට මමත් එකඟයි. මම ලඟදි උතුරු මැද පළාතේ ගමකට ගියා වුවමනාවකට. අනේ ඒ පැත්තේ මිනිස්සු ලයිට් නැතුව, වතුර නැතුව, අලින්ගෙන් වෙන හිරිහැර දරාගෙන ජීවත් වෙන්න විඳින දුක දැක්කහම මේ ලංකාවේද කියලා මට හිතුනා. (නි)
ශ්‍රීලන්කන් එකට වෙන දේ ළඟදීම බලාගන්න පුළුවන්.(නදී)
හම්බන්තොට කටුගෙවල් නැරබීමට ඔබටත් අවස්ථාවක්.(නදී)
ගුවන්තොටුපොළවල් දෙකක් තියෙන එක හොදයි හදිසි අවස්ථාවක පාවිච්චි කරන්න පුළුවන්.(නදී)
පිස්සෝ නෙමේ පිස්සන්ගේත් පිස්සෝ.(නදී)
අපි බලාගෙනෙ ඉදිමු මොකද වෙන්නෙ කියලා. අවුරුදු හතරක් පහක් ගියාම ඔය බනින මිනිස්සුම තමා වරාය, ගුවන්තොටුපල, අධිවේගි මාර්ග, හෝටල් වැඩිපුරම පාවිච්චි කරන්නෙ. (නි)
අදිවේගී මාර්ගය හදද්දීත් ලංකාවේ අය කිව්වේ අපි නම් ඔය පාරවල් වල යන්නේ නැහැ කියලා. එහෙම කියපු අය දැන් යස අපුරුවට අදිවේගී මාර්ගයේ යන්නේ. මත්තල ගුවන්තොටුපොළ අපේ රටට සම්පතක්. ලංකාවේ මිනිස්සුන්ගේ මෝඩ කමි දුර්වල කමි තමයි වැඩියෙන් තියෙන්නේ. මොනවා හරි කතා කියවනවා.(නදී)
මේවා මගේ රටේ අනාගතයයි. මේවාට ඊර්ෂ්‍යා කරන්න එපා. පෙට්ටි කඩයක් වුණත් දියුණූ වෙන්න කල් යනවා. (නි)
තියෙන තරඟයත් එක්ක රටක් දියුණු වෙන්න ඕන. ඒත් එක්කම පැවති ප්‍රවාහන ක්‍රමවල අඩු පාඩු සම්පූර්ණ වෙන්නත් ඕන. (ස)
මේකේ ප්‍රතිචාර බලපුවම කට්ටියක් කියල තියනවා "ගුවන් යානයක ගිහින් අත්දැකීම් ලබන්න හොඳ අවස්ථාවක්" කියලා. මොන තරම් මෝඩ ප්‍රකාශයක් ද? ලංකාව දියුණු වෙනවට අපිත් කමතියි. ඒ වුණාට මේ කරලා තියෙන්නේ ලොකු අපරාධයක්. කොළඹින් මත්තලට ගියයි කියලා අමුතුවෙන් ලංකාවට සල්ලි එන්නේ නැහැනේ. ලංකාවේ මිනිස්සුන්ගේ ළඟ තියන සල්ලිම තමයි වියදම් වෙන්නේ. (නි)
මායා.. අපිට නම් ඔයා ගැන දුකයි. ඔයත් ඔයා ගැන දුක් වෙන්න. කවුරුවත් උදව් කරන්නේ නැතිනම් තනියම හරි ළිඳෙන් එළියට එන්න බලන්න. .(ස)
මායා,පෝරා, එයාර් ඇරබියා එකෙන් සාජා සිට මත්තලට මැයි මාසෙටම ගුවන්යානා තියෙන්නේ 4 යි. 16,23,26 සහ 30 වෙනිදට පමණි. ඒකත් ඩිරාම් 399 ට දීලාවත් ආසන පුරවා ගන්න බැරිව දගලනවා. කාට කියන්නද?(නදී)
අනුර, ඉපදින්න ඉන්න දරුවත් ලක්ස 3.5 ක ණයක් අතේ මිට මොලවාගෙන දැන් ඉපදෙන්න වෙලා තියෙන්නේ. (නි)
පව් අනේ. කෑගල්ලේ ඉදන් මේ ගොල්ලෝ කටුනායකට අවේ මොකේද? (නි)
මමනම් හිතන්නේ අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ.අපි හැමෝම මේ රටට ආදරෙයි සහ දියුණු වනවට කැමතියි . නමුත් මේ රට දියුණුව කරා යන විදිහයි වැරදි. අනික අප " හරි " දෙයට හරියි කීමටත් " වැරදි " දෙයට වැරදියි කීමටත් අවශ්‍යය. (නි)
නියම වැඩේ තමයි. (නි)
අවුලක් නැහැනේ අපි මත්තල ජාත්‍යන්තර එක මත්තල ගෘහස්ත කරමු. වෙන කරන්න දෙයක් නැ. ගහපු ගැහිලි දැන් ගහල අහවරයි නේ. තමුන්ට හිතේ මනාපෙට වැඩක් කරනවට වඩා අදාල විෂයන් සම්බන්දව විද්වතුන්ගේ උපදෙස් පිළිනොපැදීම නිසා අපේ රටේ මිනිස්සුන්ට බදුවලින් හැම පාපයක්ම ගෙවන්න වෙනවා.(නදී)
මම හිතන්නේ මේක ජාත්‍යන්තර නෙමෙයි ජාතික ගුවන් තොටුපොළක්.(නදී)
විරාජ්, මේ අය තමන්ගේ මුදල් වියදම් කරගෙන යන්නේ ගුවනේ අසිරිය බලන්න. ඔය ගමන ඔය කියන විදියට බස් එකේ යන්න පුළුවන්. ඒ වුණත් ගුවනේ අසිරිය බලන්න බස් එක උඩින් යන්නේ නැහැනේ. (නි)
සමන්, ලංකාවේ ඉන්න ඔහෙලා වගේ අයට පෙන්වන්න මම හොද ෆොටෝ ටිකක් එකතු කරගෙන තියෙනවා. හොදට ඇස් හැර බලන්න ඔබ ඉපදුන රට දිහා. (නි)
යමෙක් හොඳ වැඩක් පටන් ගන්න හදන කොට තව කට්ටියක් කරන්නේ මුලින්ම අකුල් හෙලන එක. කඩා කප්පල් කරන්න උත්සාහ කරන එක. ඊ ළගට වැඩේ සාර්ථකව කෙරුණ පසු දෙවනුව කරන්නේ විවේචනය කරන එක, වැරදි හොයන එක, ලෝක ස්වභාවය ඒකයි.(නදී)
මිනිසුන් උඩින් ගියත් බහුතරයකට ජීවත්විම අපහසුයි .(නදී)
මත්තල ගුවන්තොටුපොළ එයාර් ඒසියා එකය කුලියට දෙන්න. එයාලා කරයි හරි ගානට.(නදී)
මොන බම්බුවක්ද මන්දා?(නදී)
රටේ දියුණුවට මේ වගේ සංවර්ධන වැඩ කරන එක හොඳයි. ඒත් ප්‍රශ්න ගොඩක් මේ සංවර්ධන හින්දා උදා වෙලා කියලයි මට හිතෙන්නේ. පළමු කාරණය මෙම ගුවන්තොටුපල නිර්මාණය කිරීමේදී දේශීය තාක්ෂණය යොදා ගත්තාද? මම තාම මත්තල ගුවන් තොටුපලේ හරි ෆොටෝ එකක් අන්තර්ජාලයෙන් දුටුවේ නැහැ. මෙහි ගෘහ නිර්මාණය ප්‍රසිද්ධ නොකරන්නට තරම් හේතුවක් තිබේද? අප රට දියුණු කිරීමට බුද්ධිමත්, විෂයට අදාල පුද්ගලයන් ඒකරාශීව කළ යුතු දෙයක්. කරන්නම් වාලේ කරලා හරියන්නේ නැහැ. (නි)
මේවා හොඳ වැඩ . නුවරත්, අනුරාධපුරෙත් දාන්න. ජය වේවා ලක්මවට! (නි)
මීට වඩා මූලිකත්වය දෙන්න තිබුණා මහනුවර කොළඹ අධිවේගී මාර්ගයට. දැන් නුවර යන්න පැය 5 ක් විතර යනවා.(නදී)
ලෝකේ තියන අඩුම ප්‍රවාහන ක්‍රමය දුම්රිය. කොරියාව සංවර්දිත රටවල මේ ක්‍රමය යොදා ගන්නවා. ලංකවේ හැමතැනකටම දුම්රිය පහසුකම් සලසනවානම් ලක්වැසි ජනතාවට කරන විශාල සේවයක් වේවි.(නදී)
සෙනග එන්නේ නැත්නම් පුද්ගලික බස් කොන්දොස්තර කෙනෙකුට වැඩේ භාරදෙන්න. මත්තල**************රු 500 නගින්න***************** (නි)
මේක එහෙනම් දේශීය ගුවන් තොටුපොලක්? (නි)
ස්ටාෆ් එකට හරි වැඩ ඇති නේද? ස්ටාෆ් එක ලොකු සේවයක් කරන නිසා සතුටින් ඇති නේද? (නි)
රටක දියුණුවකට මහාමාර්ග ගුවන්තුටුපලවල් දියුණු වරායවල් අවශ්‍යයි. කළු විදුරු කන්නාඩි වලින් නොබලනු මැනවි සිංහලයනි (නි)
රටක යටිතල පහසුකම් දියුණු වීම හොදයි.හැබැයි ඒවා ඇති වෙන්න ඕනෑ හොදට අධ්‍යයනය කරලා අවශ්‍ය තැන් වල. (නි)
හැමෝගෙම අතේ තියෙන්නේ එකම ජාතියේ කෙළයත්. මේක පිනට ලැබුන සවාරියක්ද දන්නේ නැහැ. මාධ්‍ය සංදර්ශනයක් සදහාද?(නදී)
මේවට අකැමැති අය නොයා ඉන්න නමුත් බොරු කියන්න එපා. තව දෙයක් ඔයාලා ඔය කියන තරම් මිනිස්සුන්ට අමාරු නම් මොකද ඔච්චර වියදම් කරගෙන කෑගල්ලේ ඉදලා ආවේ. ඔයාලා හැම වෙලේම අපේ රටේ අඩු පාඩු දකිනවා විතරයි. කවදාවත් සතුටු වෙන්නේ නැහැ. කරුණා කරලා ඔයාලගේ ගෙවල් වලට කියන්න ඔය වගේ අනවශ්‍ය වියදම් නොකර සල්ලි ඉතුරු කරගන්න කියලා.(නදී)
හා,,හා ,, මේ අර පොඩි ළමයට අකුරු හුරු කරනවා වගේ මහා ජනතාවට හද්ද කැලේ මත්තල යන්න පොලොවබනවා , මුන්ට කන්න දෙන්න තියෙන්නේ බත් නෙමේ තණකොළ .(නදී)
මාතර කතරගම දුම්රිය මාර්ගයද පිලිසකර කරන්න.(නදී)
මායා, ඔබ වගේ අය ලෝකෙන් අතුරුදහන් වුණ දාට තමයි ලෝකය දියුණු වෙන්නේ. (නි)
මායා, ස්ටීව්, මම මොන පාට කන්නාඩියෙන් බැලුවත් බලලා තියෙන්නේ මම ඉපදුන රට දිහා. මෙම රට පාලනය කරපු සැම දේශපාලන පක්ෂයකින්ම අප රටට හොඳ සහ නරක දෙකම වෙලා තියනවා. හොද වැඩ ඉතුරුවෙලා නරක වැඩ නැති වේවි (නි)
මේ මත්තලට වියදම් කරපු මුදල් වලින් විදුලි බිල වැඩිකරන්නේ නැතුව විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගන්න තිබුනා නේද? (නි)
මමත් මත්තල හරහා මලේ ආවේ. කැලේ කපපු එක නම් හොඳ මදි නේද? (නි)