ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ආර්ථික දර්ශක ඉහළ ගොස් ඇති බව ජගත් ආර්ථික සංසදයේ අධ්‍යයනයකින් කියතියි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කියයි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නියෝජිතායතනය කියයි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පදනම් කොට ගත් ජාලගත ආර්ථිකයකට ශ්‍රී ලංකාවේ ඇති මනා සූදානම මෙමගින් කදිමට හෙළිදරව් වන බවක් එම නියෝජිතායතනය ප්‍රකාශ කරයි.
එම අධ්‍යයනයට අනුව 2015 ශ්‍රී ලංකාවේ සබැඳුම් සූදානම් දර්ශකය (නෙට්වර්ක් රෙඩිනස් ඉන්ඩෙක්ස්) හැටපස් වැනි (65) ස්ථානයට පැමිණ ඇත. හැත්තෑහය වැනි (76) ස්ථානයේ තිබුණ මෙම දර්ශකය ස්ථාන එකොළහකින් මෙසේ ඉදිරියට පැමිණ ඇත.
තොරතුරු තාක්ෂණ ශිල්පීය ඥානය රජයේ ආයතනයන්හි තොරතුරු තාක්ෂණ භාවිතය සහ තොරතුරු තාක්ෂණ සමාජ භාවිතය සඳහා මෙවර ශ්‍රී ලංකාව ඉහළ ලකුණු ලබාගෙන සිටියි. ඊට අමතරව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විවිධ ව්‍යාපෘති දර්ශකය ඉහළ යාමට හේතුවී ඇත.
ඒ අතරින් නීති පැනවීමේ ආයතනයන්හි කාර්යක්ෂමතාවය, තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ සම්මත හා ක්‍රියාත්මක වන නීති තිබීම, බුද්ධිමය අයිතීන් සුරැකීම යනාදී කාරණා රැසක්ද අයත්ය.
නොමිලේ ‘වයිෆයි‘ කලාප ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිරියේ සැලකිය යුතු වර්ධනයකට ශ්‍රී ලංකාව පාත්‍රවන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අපේක්ෂාවයි.
මෙම සමීක්ෂණය සඳහා නියැදි සේ භාවිත කරනු ලබන රටවල් 143 අතරින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ සිංගප්පූරුවයි.
සමීක්ෂණයට අනුව දකුණු ආසියා ආර්ථිකයේ ඉහළම තැන ලබාගන්නා රට බවට ශ්‍රී ලංකාව පත්වන අතරම අටවැනි ස්ථානය දිනාගන්නා ආසියානු රට බවටද පත්වන බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.
ජගත් ආර්ථික සංසදයේ කළමනාකාර අධ්‍යක්ෂක ලෙස එස්පෙන් බාත් අයිද් කටයුතු කරයි. ජගත් වාර්තාවේ සම කර්තෘ සෞමිතා දත්තා ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට තව හුගක් දුර යන්න තියෙනවා. රාජ්‍ය අංශයේ දියුණු කළ යුතු අංශ බොහොමයි (බ)
දැනුම බලය වේ, බලය මුදල වේ (නි)
නිදි කිරා වැටෙන රජයේ සේවකයින් හොඳට ඇස් ඇරගන්න වෙයි (බ)
රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණය දියුණු කරනවා කියලා සමාගම් පෝෂණය කරනවානම් එය වැරදියි. රාජ්‍ය ආයතන වල එතුළින් බිහිවන ව්‍යාපෘති වලට තර්ජනාංගුලිය දිගු කර එයම හෝ එයම වෙනත් ආකාරයකින් ව්‍යාපෘති බවට පත් කරන්නේ නම් නොහොබිනා වැඩකි. ආරම්භ කරන ලද ව්‍යාපෘති වලට සහ අවසන් කළ ව්‍යාපෘති සහ වැය කළ මුදල සහ නාස්තිය ගණන් බලා වගු ගත කරන්නේ නම් මැනවි (බ)
රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණය දියුණු කරනවා කියලා සමාගම් පෝෂණය කරනවානම් එය වැරදියි. රාජ්‍ය ආයතන වල එතුළින් බිහිවන ව්‍යාපෘති වලට තර්ජනාංගුලිය දිගු කර එයම හෝ එයම වෙනත් ආකාරයකින් ව්‍යාපෘති බවට පත් කරන්නේ නම් නොහොබිනා වැඩකි. ආරම්භ කරන ලද ව්‍යාපෘති වලට සහ අවසන් කළ ව්‍යාපෘති සහ වැය කල මුදල සහ නාස්තිය ගණන් බලා වගු ගත කරන්නේ නම් මැනවි (බ)
ආසියාවේ අසිරියට පිවිසුමක් (ත)
ආසියාවේ අසිරියට පිවිසුමක් (ත)
කාගේ කාගේත් ආදායම නම් සරුයි ?! IT භාවිතය හා උපයෝගිතාවය සදහා වන ජාතික මෙහෙයුම සදහා යෙදවන මුදල් උපරීම ලෙස ජනතා අභිවෘද්ධිය සදහා පමණක් යොමු වීම තුලින් දුෂණය සදහා යෙදවෙන මුදල් ප්‍රමාණය බේරාගත හැකියි.!! (බ)
කාගේ කාගේත් ආදායම නම් සරුයි ?! අයිටී භාවිතය හා උපයෝගිතාවය සදහා වන ජාතික මෙහෙයුම සදහා යෙදවන මුදල් උපරීම ලෙස ජනතා අභිවෘද්ධිය සදහා පමණක් යොමු වීම තුළින් දුෂණය සදහා යෙදවෙන මුදල් ප්‍රමාණය බේරාගත හැකියි.!! (බ)
කාගේ කාගේත් ආදායම නම් සරුයි. තොරතුරු තාක්ෂණය භාවිතය හා උපයෝගිතාවය සදහා වන ජාතික මෙහෙයුම සදහා යෙදවන මුදල් උපරීම ලෙස ජනතා අභිවෘධිය සදහා පමණක් යොමු වීම තුළින් දුෂණය සදහා යෙදවෙන මුදල් ප්‍රමාණය බේරාගත හැකියි. (ම)
කාගේ කාගේත් ආදායම නම් සරුයි. අයිටී භාවිතය හා උපයෝගිතාවය සදහා වන ජාතික මෙහෙයුම සදහා යෙදවන මුදල් උපරීම ලෙස ජනතා අභිවෘධිය සදහා පමණක් යොමු වීම තුලින් දුෂණය සදහා යෙදවෙන මුදල් ප්‍රමාණය බේරාගත හැකියි.!(හේ)
කාගේ කාගේත් ආදායම නම් සරුයි. (හේ)
කාගේ කාගේත් ආදායම නම් සරුයි ?! අයිටී භාවිතය හා උපයෝගිතාවය සදහා වන ජාතික මෙහෙයුම සදහා යෙදවන මුදල් උපරීම ලෙස ජනතා අභිවෘද්ධිය සදහා පමණක් යොමු වීම තුලින් දුෂණය සදහා යෙදවෙන මුදල් ප්‍රමාණය බේරාගත හැකියි.!! (බ)
කාගේ කාගේත් ආදායම නම් සරුයි ? අයිටී භාවිතය හා උපයෝගිතාවය සදහා වන ජාතික මෙහෙයුම සදහා යොදවන මුදල් උපරීම ලෙස ජනතා අභිවෘද්ධිය සදහා පමණක් යොමු වීම තුළින් දුෂණය සදහා යෙදවෙන මුදල් ප්‍රමාණය බේරාගත හැකියි.!! (බ)
ආසියාවේ අසිරියේ ප්‍රතිපල.(හේ)
ආසියාවේ අසිරියේ -ප්‍රතිඵල (බ)
2005 සිට පැමිණි ගමනක්ද (බ)
ඊ මේල් එකක් යවලා එකට පිළිතුරු ඊ මේල් එකකින් අවශ්‍ය වැඩේ කර ගන්න හැකියාව ප්‍රාලේ කාර්යාලයකින් ලැබෙනවානම් එදාට සතුටු විය හැකිය. (ර)