(රංජන් කස්තුරි)
වාණිජ බැංකු මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබාදෙන 15%ක ස්ථාවර තැන්පතු පොලී අනුපාතයේ කිසිදු වෙනසක් කර නැතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව වයස අවුරුදු 65 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔවුන්ගේ ස්ථාවර තැන්පතු සඳහා 15%ක විශේෂ පොලී අනුපාතය 2015 වසරේ මාර්තු 13 වැනි දින සිට කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක කරන බවද එම අමාත්‍යාංශය පවසයි.
මීට අමතරව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම වසරකට රුපියල් ලක්ෂ 15 දක්වා රදවා ගැනීමේ බද්දෙන් නිදහස් කර ඇති බවද මුදල් අමාත්‍යංශය කියයි.
වාණිජ බැංකු ස්ථාවර තැන්පතු සඳහා පොලී අනුපාත අඩුකර ඇත්තේ වයස අවුරුදු 65ට අඩු අනෙකුත් තැන්පත්කරුවන්ගේ ඉතුරුම් සඳහා පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වාර්ථාවට අනුවනම් පොලිය අඩු කර ඇති බවක් පේනවා. 2015 සිට 2019 දක්වා සියයට 15 ක පොලියක් ගෙව්වේ වයස අවුරුදු හැටට වැඩි අයටයි. මෙම වාර්ථාවෙන් කියන්නේ හැටපහට වැඩි අයට සියයට 15 ක පොලියක් ගෙවනවා කියලයි.
අඩුකරලා බැහැනේ... පාර්ලිමේන්තුවේත් බාගෙකට වඩා ඉන්නේ ඔය කියන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ම නේද?
පොලිය අඩු කරන්න එපා. වයස වැඩි කරන්න. තව ටික දවසකින් කියාවි අවුරුදු අසූවට වැඩි උදවියට කියලා. මරු මොලේ...
65 ට වැඩිවුවන්දගේද රු ලක්‍ෂ 15 ඉක්මවන ස්තිර තැන්පත් සදහා වාණිජ බැංකු වසරක පොලිය 8.25% දක්වා අඩුකර ඇත.