භානුක අමරසිංහ
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල් මාසයේදී ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසයි.
වසරේ සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට නොපැමිණෙන කාලසීමාවේදී සංචාරකයන් ආකර්ෂණය කරගනිමින් වසර පුරාම මෙරට වෙත සංචාරකයන් ගෙන්වා ගැනීමට කටයුතු කිරීම එහි අරමුණ බව ඒ මහතා අවධාරණය කරයි.
“අපේ රට වෙත සංචාරකයන් අඩුවෙන් පැමිණෙන, නමුත් යම් විභයක් සහිත වෙළෙඳපොළ වෙත පිවිසීම මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අරමුණයි. ඒ හරහා සෑම මාසයකම සංචාරකයන් 250,000ක් ගෙන්වා ගැනීමේ ඉලක්කයක් පවතිනවා.” සභාපතිවරයා පැවසීය. මේ අතර, මෙරට ප්‍රධාන නගර සංචාරකයන් සඳහා වඩාත් ආකර්ෂණීය ස්ථාන බවට පත් කිරීම සඳහා City Branding ව්‍යාපෘතිය මැයි මාසයේදී ආරම්භ කරන බවද ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව එහි පළමු අවස්ථාව ලෙස කොළඹ නගරයේ මැරීන් ඩ්‍රයිව් ආශ්‍රිතව රාත්‍රී ක්‍රියාකාරකම් සහිත Night Market සංකල්පයක් ආරම්භ කරන බව ඒ මහතා පැවසීය. “මේ වසරේදී මෙරටට සංචාරකයන් මිලියන 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීමේ අරමුණක් අපේ තිබෙනවා. ඒ වගේම සංචාරකයකු දිනකට වියදම් කරන මුදල් ප්‍රමාණයේ සාමාන්‍ය ඩොලර් 171 ක් පමණ වෙනවා. එය ඩොලර් 200කට විතර වැඩි කරගන්නේ කොහොමද කියන දේ අපි කල්පනා කරනවා.”
මෙම City Branding සංකල්පයත් සමගින් සිදු කරන හඳුන්වාදීම් හරහා සංචාරකයන්ට මෙරට තුළ කළ හැකි කටයුතු වැඩි කරන්න පුළුවන් තත්වයක් ඇති කිරීම අපේක්ෂාව බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක්