කොළඹ දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ පෙළට (අවුරුදු 18-30) සදහා නොමිලේ වෘත්තිය පාඨමාලා හැදැරීම සදහා මොහාන් ලාල් ග්‍රේරු පදනමෙන් අවස්ථාව ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කැර ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා කියයි.
පදනමට අනුබද්ධිත වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ දී විදුලි කාර්මික,මෝටර් රථ කාර්මික,ගෘහ විදුලි උපකරණ අලුත් වැඩියාව,පරිගණක ,ගුවන් විදුලි හා ඉලෙක්ට්‍රොනික්,ඉංග්‍රීසි ,රූපලාවන්‍ය ,විද්‍යානූකූල ඇඳුම් කැපීම සහ මැසීම සුපවේදය යන පාඨමාලා පුහුණු නොමිලේ හැදැරීමට අවස්ථාව හිමි වේ.
‘මොහාන් ලාල් ග්‍රේරු පදනම ,අංක 207/01/01, ගාලුපාර ,රත්මලාන’ ලිපිනයට දෙසැම්බර 15 වැනි දිනට පෙර අයදුම්පතක් යොමු කළ යුතු බවත්
011 4 216 591 දුරකතන අංකයට සතියේ දිනයන්හි උදෑසන 9 -2 අතර අමතා වැඩි විස්තර ලබා ගත හැකි බවත් පදනම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රේරු මහතානෙනි, ඔබ අප රටට කරන අනගි මෙහෙවර කෙසේ නම් අගය කරන්නද? (නදී)
ඉතාම හොඳ වැඩක්. අගය කල යුතුයි.(නදී) .
මෙන්න ආදර්ශවත් දේශපාලකයන්.ග්‍රේරු මහතා රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන කෙනෙක්, ඒ අතරේ තමුන්ගේ දිස්ත්‍රික්කයේ තරුණ පිරිස අමතක නොකිරීම ගැන ආඩම්බර වෙමි.සමහරු පක්ෂ මාරු කළේ තමුන්ගේ වාසියට.ඔබ එහෙම නොවන බව අපි දන්නවා.මෙම වැඩපිළිවෙල තරුණ ඔබට සුබ අනාගතයක් එක් කරාවි.හොඳ වැඩක්, ඇත්තටම. (ස)
ඉතාම අගය කරන අතරම ලංකාව පුරා ව්‍යාප්ත කරන මෙන් ඉල්ලා සිටිමි. (නි)
කුමාරි, ලංකාව පුරා ව්‍යාප්ත කරන්න ඉන්නේ ග්‍රේරු මහත්තයා විතරක් නෙමෙයි.ඔහු රට වෙනුවෙන් ලොකු මෙහෙයක් කරන කෙනෙක්.කොහොම වුනත් අපේ ඡන්ද වලින් ආපු තව 224 ක් ඉන්නවා නේ. ඒ අයත් තමුන්ට පුලුවන් තරමින් මේ වගේ වැඩයක් කරනවා නම් ඉබේම තව මධ්‍යස්ථාන රට පුරා බිහි වෙනවා.මෙන්න ආදර්ශවත් දේශපාලකයන්. (ස)
තිහ පැන්නා විතරයි. (ස)
මෙයාලව රැකියා පුහුණුවෙන් පසු රැකියා ලබාදෙන්න පුද්ගලික ආයතන සහ අනිත් වගකිව යුත්තන්ද දායකත්වය ලබා දෙත්වා.(නදී)
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා කර ඇත්තේ ඉතාමත් අගය කළයුතු ප්‍රශංසනීය කාර්යයකි. දුමින්ද දක්වා ඇති අදහසද ඉතා වැදගත් දෙයකියි මටද සිතේ. එපමණක් නොවේ වෘත්තිය පාඨමාලාව අවසානවීමට පෙර පුහුණුවන කාලයේදී පවා පුද්ගලික ආයතන ආදිය සමගද එකමුතුව ක්‍රියා කළහොත් මෙයින් තවත් උසස් ප්‍රතිඵල ලබාගත හැකිය. පාඨමාලාව හදාරන අයට එලෙස ඒ ඒ ආයතන වලද සුළු වශයෙන් හෝ ප්‍රායෝගික පුහුණුවක් ලබාගැනීමට අවස්ථාවක් ලැබෙන බැවින් පාඨමාලාව හොඳින් අවසාන් කිරීමෙන් පසු ඒ ආයතනවල ඔවුනට රැකියාවක් ලබාගැනීමට එය එක්තරා සුදුසුකමක් වේ.අද අපි ජීවත්වන්නේ ඉතාමත් කරඟකාරී ලෝකයක බැවින් විශේෂයෙන්ම පුද්ගලික ආයතන සොයන්නේ වැඩිම සුදුසුකම් ඇත්තෝය. ලෝකයේ දියුණු කාර්මික රටවලද මෙවැනි ක්‍රම යොදාගෙන ඇත. (නි)
මෙම වැඩ සටහනට රැකියා නැති පිරිමි සහ ගැහැණු ළමෝ උනන්දුවෙව කියා පතමි. මෙවැනි ක්‍රියා තුලින් අපර ටේ විරැකියාව තුරන් කිරීමට කහි වනු ඇත. පාඨමාලා අවසන් කරන යට රැකියා ලබා දීමට බොහෝ දෙනා ඉදිරිපත් වෙනු නොඅනුමානය. සැමට ජය වේවා. ලංකාදීපයට ස්තුති කරමු. (නදී)
මමත් ඉගෙන ගත්තෙ මේකේ. අපෙ ගෙවල් ලඟ තියෙන්නේ. ගොඩක් කට්ටිය එනවා ඒකට ඉගෙන ගන්න. අපෙ ස්කොලෙටත් ගේරු ඇමතිතුමා කරන්නේ ලොකු කාර්යක්. ඔබතුමාට තවත් මෙවැනි කටයුතු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. (ස)
මෙය හොඳ දෙයක්. ලංකාව පුරා ව්‍යාප්ත කරන්න. (ස)
සුභ පැතුම්(දිල්)
රටේ තරුණ පරම්පරාවේ අනාගතය වෙනුවෙන් යමක් කරන්න එක මනුස්සයෙක් හරි ඉන්න එක සතුටුයි . .සුබ පැතුම්.(දිල්)
ඔබගේ වටිනා මෙහෙවර අගය කරමි.(නදී).