‘ආලෝකෝ උදපාදි‘ චිත්‍රපටයේ ප්‍රචාරක පටය මාධ්‍යයට නිකුත් කිරීම වැල්ලවත්ත සැවොයි සිනමා හලේ දී සිදු කැරිණි.
ක්‍රිස්තු පූර්ව 89 දී වළගම්බා රජුන්ට දේශීය හා විදේශීය බලකාමී හමුදා විසින් තර්ජන ඇති කිරීමත්, දැඩි නියඟයක් නිසා දොලොස් අවුරුද්දක් ලක්වාසීන් පිඩා විඳීමත්, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම ආදී සිද්ධින් කිහිපයක් අළලා මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.
චිත්‍රපටය නිශ්පාදනය කර ඇත්තේ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේන මහතාය. චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ තිරනාටක රචනය හා උපදේශන අධ්‍යක්ෂණය කළේ සමන් වීරමන් මහතාය.
භාරත ගිහාන් හෙට්ටිආරච්චි සම අධ්‍යක්ෂවරයා ය.
චිත්‍රපටය ගැන වැඩි විස්තර හා ඡායාරූප - http://www.alokoudapadi.com/home.html

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රචාරක ටය නම් හොඳයි. (ත)
මේ වගේ ෆිල්ම් එකක් බලලවත් අපේ මිනිස්සුන්ගේ ජාතික ආලේ වැඩෙනවා නම් හොදයි..(ම)
ඉතා උසස් මට්ටමේ වර්ණ ගැන්වීමක් දැකිය හැකි අතර රාමු අතර සමාන වර්ණ ගැන්වීමක් තිබුනා නම් කියා හිතුනා. (ම)
අද සිනමාව සහ පුරාවිද්‍යාවේ වෙනසක් තිබේද.? (ර)
ලංකාවේ ජාත්‍යන්තර චිත්‍රපට ගණයට වැටෙන බොහොම අගේ කළ යුතු කලාත්මක අත්දැකීමක් වගේ. (බ)
ප්‍රචාරක පටය අනුව නම් හොඳයි වගේ. ඒ වගේම මාතෘකා කීපයක් ඔස්සේ යන නිසා නියං කාලයකට පසු ආ වර්ෂාවක් වගේ "සම්භාව්‍ය" ගණයට වැටෙන්න ඉඩතිබෙනවා. නමුත් සම්පුර්ණයෙන් බලන්නේ නැතුව කියන්න අමාරුයි. නිෂ්පාදනයෙන්, අධ්‍යක්ෂණයෙන්, කැමරාවෙන්, රංගනයෙන්, පසුතල නිර්මාණයෙන්, තාක්ෂණයෙන්, අනෙක් කාර්යන්ගෙන් මේ සඳහා දායක වූ සැමට මගේ සුබ පැතුම්. (නි)
කාලයේ අවශ්‍යතාවය අනුව වටිනා සිනමා නිර්මාණයක්. (නදී)
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් බිහිවූ ඉතාමත් වටිනා ඉහළ නිර්මාණය මෙය බව විශ්වාසයි. තුසිත විජයසේන මහත්මයා මේිකට වියදම් කරාට ඒක නාස්තිවෙලා නෑ කියල මේ පුංචි වීඩියෝ පටය දැක්කාම කියන්න පුළුවන්.. ඒ මහත්මයා කරගෙන තියෙන්නේ ජාති ජාතිත් පින් අයිති වෙන, සහ මේ හැදෙන සාමාන්‍ය චිත්‍රපටි බලල හෙම්බත්වෙච්ච අපිට නැවුම් අත්දැකීමක් එක්කර දීමක්. බුද්ධාගම පර සතුරන්ගෙන් ආරක්ෂා කරගත් විධිය සහ අනාගත පරම්පරාව ගැන හිතල රට වෙනුවෙන් කර වටිනා කාර්යයක්. ඒ වගේම සමන් වීරමන් මහත්තයට මේ වගේ දක්ෂ පුතෙක් ලංකාවේ සිනමාවට දායාද කරාට බොහෝම පිං. මේ පුංචි රටට ඔබේ පුතා ගොඩක් වටිනවා.. ඔහු ආරක්ෂා කරගන්න.ඒ වගේම මෙම නිර්මාණයට දායක වුන සෑම දෙනාටම ගොඩක් පිං.ඉක්මනින් අපිට මේක බලන්න දෙන්න කියල නැවතත් ඉල්ලමින් සෑම දෙනාටම ජයෙන් ජයම ලැබේවා මේ කරල තියෙන පිනෙන් ජාති ජාතිත් සතුටක්ම ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.(බ)
හොද දේ හොදයි කියන්නත් නරක දේ නරකයි කියන්නත් පැකිලෙන්න හොද නැහැ ,ට්‍රේලර් එක නම් නියමයි ,තවත් එක රජ කතාවක් නොවේවා කියා පතමි (බ)
ලොකු වෙනසක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.(හේ)
ප්‍රචාරක පටයෙන් පැහැදිලියි මේ චිත්‍රපටිය ලංකාවේ ජනප්‍රියම චිත්‍රපටිය වන බව.(හේ)
මෙම චිත්‍රපටිය ලොකු වෙනසක් සිදු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.(හේ)
සිංහල දෙමල ජාතික සමගියට මෙයින් බාධාවක් විය හැකි නිසා මෙම චිත්‍රපටය තහනමට ලක්රීමට යහපාලනයේ නාමයෙන් මෙම රජය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි..(ම)
චිත්‍රපටිය බලලම මේ සම්බන්ධයෙන් විචාරයක් ලබා දෙන්නම්.(හේ)
බලමු මේ වැඩේ හොදද කියලා.(හේ)
හොද චිත්‍රපටියක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.(හේ)
ලංකාවේ නිෂ්පාදනය වුන අද්විතිය චිත්‍රපටයක් වෙයි මේක.(හේ)
ලංකාවේ නිෂ්පාදන කළ අද්විතිය චිත්‍රපටයක් වෙයි මේක. තුසිත විජයසේන මහත්මයාගේ වැඩක්ලු. (අ)