රටේ ආර්ථිකයට උරදෙන ප්‍රධාන පෙළේ සේවා ස්ථානවල ක්‍රියාත්මකවෙන යන්ත්‍රවල දෝස ඇතිවූ වහාම එම දෝෂය හඳුනාගෙන එය කුමක්දැයි එසැණින් දැනුම්දෙන ‘‘අයිමොනි සිස්ටම්‘‘ නමැති පද්ධතියක් නිර්මාණය කළ බව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලිය සංදේශ අංශයේ මහාචාර්ය දිලීකා ඩයස් මහත්මිය පැවසුවාය.
මෙම පද්ධතිය හේතුවෙන් එක ස්ථානයක සිට හටගන්නා දෝෂය හා එයට හේතුව හඳුනා ගැනීමට පිළිවන. එවිට ඒ සඳහා අප්‍රමාදව වහාම අවශ්‍ය පියවර ගැනීමට අදාළ බලධාරීන්ට හැකිවෙයි.
මෙම පද්ධතිය ජංගම දුරකථනයට ආදේශ කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට මේ දිනවල පර්යේෂණ සිදුවෙමින් පවතී.
මේ අනුව විදුලිය සංදේශ අංශය යටතේ ඩයලොග් ජාලයේ ඇතිවන යම් සුළු හෝ ගැටළුවක් එසැණින් නිරාකරණය කරදීමට මෙම පද්ධතිය නිසා හැකියාව ලැබී ඇත.
මෘදුකාංගයක් සහ දෘඩාංගයක් සහිතව මෙම පද්ධතිය නිර්මාණය කර ඇත.
මෙවන් නිර්මාණයක් ශ්‍රී ලංකාවේ බිහිකළ ප්‍රථම අවස්තාව මෙයයි. මෙම උපාංගය පිළිබඳව සෙසු දුරකථන සමාගම්වලට හෝ ආයතනවලට දැන ගැනීමට අවැසිනම් මොරටුව විශ්ව විද්‍යාලයේ 2650634 දුරකථන අංකයෙන් විමසිය හැකිය.
මෙම නිර්මාණය බිහිකළේ මොරටුව විශ්වවිද්‍යාලය තුළ ස්ථාපිත කර තිබෙන ඩයලොග් පර්යේෂණ ආයතනයයි. ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබාදුන්නේ ඩයලොග් ආයතනයයි.
මෙවන් පද්ධතියක් ආනයනය කළේ නම් ඩොලර් මිලියන ගණනක් වැය කළ යුතුය. ඊට අමතරව නඩත්තුව වෙනුවෙන්ද ඩොලර් ලක්ෂ ගණනින් වැය කළ යුතුය.
මොරටුව විශ්ව විද්‍යාලය දැරිය හැකි සාධාරණ මුදලකට මෙම පද්ධතිය නිර්මාණය කර දීමට සැදී පැහැදී සිටී.
ඩයලොග් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරිය ලෙස ක්‍රියාකරන මහාචාර්ය දිලීකා ඩයස් මහත්මියගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ ලංකා විජේසිංහ, රත්න ප්‍රසාද් , පර්යේෂණ ඉංජිනේරුවරු ඇතුළු කණ්ඩායමක් නිර්මාණය බිහිකිරීමට දායක වූහ.
කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ආර්ථික මර්මස්ථාන දොස් නිවාරණ යන්ත්‍රයක්
හරීන්ද්‍ර Monday, 02 March 2015 12:20 PM
අනේ නයනිගේ මොනිටර් කරන්න තියන දේවල් ටික මට දෙන්න. මොනිටර් කරලා දෙන්නම් (නදී)
නයනී Friday, 27 February 2015 06:52 AM
මගේ ගොඩක් ඒවා මොනිටර් කරගන්න තියෙනවා.(නදී)
ලක්විඳු Sunday, 01 March 2015 04:12 AM
මම දන්නා තරමින් නම් ඕකට හොඳම යන්තරේ තියෙන්නේ වැලිකඩ.(නදී)
දුමින්ද Monday, 02 March 2015 05:37 AM
ලක්විඳු ඔබ හරි, තීන්දු තීරණ ගන්න අයගේ දොස් බංගකිරීම හරිම වැදගත් (නදී)
විකී Thursday, 05 March 2015 01:27 PM
බොහොම අගය කළයුතු වැඩක්.. හැබැයි කාගේත් හාස්‍යට ලක්වීම ගැන කනගාටුයි.. පර්යේෂණ වලට පමණක් සීමා නොවී, ඒවායේ ප්‍රතිපල රටට දයද කෙරීම අප ලබනා මහඟු ආර්ථික ජයක්. ඒවගේම හරියට වැරදි දේටත් මේවා ප්‍රයෝජනයට ගත හැකියි. (බ)
සත්‍යපාල Friday, 27 February 2015 11:05 AM
නයනි ඔයා හිතන දේවල් මේකෙන් මොනිටර් කර ගන්න බැරි වේවි !(හේ)