IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ලංකාව කලාපීය නවෝත්පාදන මධ්‍යස්ථානයක් ලෙස ඔසවා තබන ජාතික මහෝත්සවය Disrupt Asia 2025

ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය වේගවත් කරන්නට යෝධ පියවරක් තබමින්, දකුණු ආසියාවේ ප්‍රමුඛතම නව ව්‍යවසායක සමුළුව සහ නවෝත්පාදන වැඩසටහන වන Disrupt Asia 2025, සැප්තැම්බර් 17 සිට 20 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. දින හතරක වැඩසටහනක් වන මෙය, හුදෙක් නව නිපැයුම් ප්‍රදර්ශනයකින් ඔබ්බට ගොස්, නවෝත්පාදන මෙහෙයවීම, ගෝලීය අවස්ථා හිමි කරදීම සහ දිගුකාලීන ප්‍රතිපත්ති සහ තාක්ෂණය මත පදනම් වූ පරිවර්තනයට බලපෑම් කිරීම කෙරෙහි අවධානය යොමු කළ ජාතික වැඩපිළිවෙළක් ලෙස ද හඳුන්වා දිය හැකිය.
වර්තමානය වන විට, රාජ්‍ය ආයතන, ක්ෂේත්‍රයේ හවුල්කරුවන් සහ ගෝලීය වශයෙන් සම්බන්ධ ආයතනවල සහාය ද ඇතිව, ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායක පරිසරය, මින් පෙර නොවූ වේගයකින් වර්ධනය වෙමින් පවතින බව දැකගන්නට ඇත. 
Disrupt Asia 2025 සමුළුවේ ප්‍රධාන අරමුණු අතර, ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම, ජාත්‍යන්තර ආයෝජකයන්, නව ව්‍යවසායකයන් සහ පහසුකම් සලසන පාර්ශව මෙරට වෙළෙඳපොළ වෙත පහසුවෙන් ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම යන කරුණු විශේෂයෙන් කැපී පෙනෙයි. ගෝලීය වශයෙන් උපායමාර්ගික සම්බන්ධතා ගොඩනගමින්, Disrupt Asia 2025 ලංකාව කලාපීය නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම සඳහා ප්‍රබල සාධකයක් ලෙස ඉස්මතු වෙමින් සිටී.
මේ වන විට, Disrupt Asia  2025 සුවිශේෂී වැඩසටහන් මාලා හා උපායමාර්ගික සංචාර හරහා ගෝලීය සම්බන්ධතා පුළුල් කොට ඇත. එමෙන්ම, ගෝලීය උපායමාර්ගික වැඩසටහන් හරහා මෙරට ප්‍රධාන වෙළෙඳපොළවලට සැලකිය යුතු බලපෑමක් ඇති කරන්නට සමත් වී තිබේ. එපමණක් නොව, දිනෙන් දින වෙනස්වන ශ්‍රී ලංකාවේ තාක්ෂණික පරිසරය වර්ධනය කරමින්, මෙම වසර අගදී පැවැත්වෙන දිවයිනේ ප්‍රමුඛතම නව ව්‍යවසායකත්ව සමුළුව සඳහා ශක්තිමත් පදනමක් ද නිර්මාණය කරන්නට Disrupt Asia සමත්ව ඇත.
නවදිල්ලියේදී පැවති, ඉන්දියාවේ නව ව්‍යවසායක වැඩසටහන වූ Mahakumbh 2025 හිදී, ICTA නියෝජිත පිරිස ලංකාවේ දැක්ම දහස් ගණනක් වූ ව්‍යවසායකයන් සහ ආයෝජකයන් වෙත ප්‍රදර්ශනය කරන්නට සමත් විය. ඇමරිකාවේ ඉන්දියානා හි පැවති ගෝලීය ව්‍යවසායකත්ව සම්මේලනයේ නව ව්‍යවසායකත්වය පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික හමුවට සහ GEN  ආයෝජන සංසදයට ද මෙම කණ්ඩායම සහභාගී වූ අතර, සිංගප්පූරුවේ Echelon 2025 හිදී, ශීඝ්‍ර ඩිජිටල් වර්ධනයක් අත්පත් කරගෙන සිටින ජාතියක් ලෙස ලංකාව නියෝජනය කරමින් nVentures සමගින් ද එක් විය.
මෙම සුවිශේෂී වැඩසටහන් මාලාව අවසන් වූයේ යුරේසියානු කලාපයේ ප්‍රමුඛතම නව ව්‍යවසායක ජාලයක් වන AsiaBerlin ජාලයේ කාල් රේනර් හාර්ට්ලයින් මෙරට සංචාරයක් සඳහා පැමිණීමෙනි. කොළඹ කේන්ද්‍ර කරගත් මෙම සංචාරයේදී ICTA, ඩිජිටල් ආර්ථික ආයෝජන කමිටුව, Hatch Works, උදරනි, කොළඹ වරාය නගරය, ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සහ TRACE Expert City සමඟ සම්බන්ධ වෙමින් දේශසීමාවන්ගෙන් එපිට නවෝත්පාදන අවස්ථා ගවේෂණය කිරීම සඳහා අවස්ථාව සැලසීම විශේෂයෙන් කැපී පෙනුණි. මෙම සංචාරය සඳහා පහසුකම් සලසනු ලැබුවේ AsiaBerin ජාලයේ මෙරට තානාපති මනෝරි උනම්බුවේ විසිනි. 
”‍ශ්‍රී ලංකාව, වෙනස්වන නව ව්‍යවසායක පරිසරයක් සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා ඇති, ශක්තිමත් මෙන්ම නවෝත්පාදන ජාතියක් ලෙස කැපී පෙනෙන රටක්. මෙහි ඇති ක්‍රියාකාරී නවෝත්පාදන මධ්‍යස්ථාන සහ විශිෂ්ටත්වයෙන් පිරි ශක්තිමත් සංස්කෘතිය සමඟ, හුවමාරුව, සහයෝගීතාව සහ ඉදිරිගාමී අදහස් පෝෂණය කරමින් ආසියාව තුළ මධ්‍යස්ථ මැදිහත්කරුවකු ලෙස සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරනවා.”‍
මෙම සමුළුවට ජනාධිපති අනුර කුමාර දිසානායක, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක සහ ICTA සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ඇතුළු රජයේ ඉහළ පෙළේ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතය. ආචාර්ය සංජීව වීරවර්ණ, භානුක හරිස්චන්ද්‍ර, පද්මජා රූපරෙල්, රාජන් ආනන්දන්, ක්රේග් ඩික්සන් වැනි ක්ෂේත්‍ර පිළිබඳ ජාත්‍යන්තරය තුළ කැපී පෙනෙන පුද්ගලයන් රැසක් ද මෙම සමුළුවට සහභාගී වනු ඇත.
ඉන්දියාවේ ඩිජිටල් ගෙවීම් පුරෝගාමියා වන Paytm හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විජේ ශේකර් ෂර්මා විසින් Disrupt Asia 2025 ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.
ලංකාව නව ව්‍යවසාය සඳහා හිතකර ව්‍යාපාරික පරිසරයක් හැඩගස්වා ගන්නේ කෙසේද? සහ ගෝලීය නවෝත්පාදකයන් රට තුළ තම ව්‍යාපාර ස්ථාපිත කිරීම ගැන සලකා බැලිය යුත්තේ ඇයි? යන කරුණු මෙම සමුළුවේදී ගවේෂණය කෙරෙනු ඇත.
ගෝලීය වශයෙන් පිළිගත් නිර්මාතෘවරුන්, නවෝත්පාදන පරිසර නිර්මාණකරුවන් සහ දකුණු ආසියාවේ නවෝත්පාදන ක්ෂේත්‍රයේ ඉහළ වර්ධන අවස්ථා සොයන ජාත්‍යන්තර ආයෝජකයන් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.



අදහස් (0)

ලංකාව කලාපීය නවෝත්පාදන මධ්‍යස්ථානයක් ලෙස ඔසවා තබන ජාතික මහෝත්සවය Disrupt Asia 2025

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 350 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16570 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 627 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site