ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විනාශයත් සමග අතහැර දැමූ ප්‍රදේශ දැන් සොබාදහමේ ගොදුරක් වී ඇති ආකාරය පෙන්වන අපූරු ඡායාරූප රැසක් මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබේ. 2011 සුනාමි තත්ත්වයක් ද ඇතිකරමින් සිදුවූ භූමිකම්පාවකින් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට හානි සිදුවිය. මේ හානියත් සමග ඒ අවට කිලෝ මීටර 12.5ක් දක්වා ජනතාව වහාම ඉවත් කැරිණි. ඔවුන් ඒ වනවිට භාවිතා කරමින් සිටි සියලු උපකරණ ඇතුළු දේපල සියල්ල දමා ආරක්ෂිත ස්ථාන වෙත යැවිණි.
එදා අතහැර දැමූ සියල්ල දැන් සොබා දහම විසින් ගිලගනිමින් පවතින බව එම ප්‍රදේශයේ ඡායාරූප රැසක් සනාථ කරයි. එමගින් මැවී ඇත්තේ අපූරු පරිසරයකි. නවීන යන්ත්‍ර සූත්‍ර ඇතුළු වාහන රැසක් ද පරිගණක සහිත කාර්යාලය, පොත්පත් සහිත පුස්තකාල පවා දැන් වනයෙන් වැසී යමින් පවතී. මහා මාර්ග ද වනාන්තර වෙමින් පවතී.




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුචිත්ත ගේ කතාව හරි ඔය කළු පාට මලුවල දාල ගොඩ ගසා තියෙන්නේ ටොන් දහස් ගණනක ව්කිරණ අපද්‍රවය ඒ වගේම දවසකට ගන මීටර400 පමණ අපද්‍රවය සහිත ජලය මෙම බලාගාරයෙන් පිට කරනවා ඒවා විශාල ටැංකි වලට පුරවා පසුව පිරිසිදු කර මුහුදට පිට කරනවා ඒ වගේම මෙම බලාගාරය කේන්ද්‍ර කොට කිලෝමීටර් 70 ප්‍රදේශයක ජනතාව ඉවත කරනු ලදී. ඒ මිනිසුන් තවම තවකාලික නිවාස වල පදිංචි කර ඇත. තමන්ගේ සියලු දේ දමලා ජීවිතය බේරා ගැනීම සදහා එම පළාතින් ජනයා පිටවූවේය අද මේ සියලු දෙනාට වන්දි ලබා දීමට තීරණය කර ඇත. තව වසර 30 කාලයක් පසු වෙනතුරු මෙම ප්‍රදේශය මොනම දෙයකටවත් සපුරා තහනම් කලාපයකි. (ර) ර
යුක්රේනයේ චර්නොබිල් වගේමයි.....(රේ)
ජපානේ ඇවිත් වාහන උස්සන කල්ලි ගොඩක් ඉන්නවා ...මෙතෙන්ට යන්න දෙන්නේ නැති හින්ඳ තමා මේ වාහන මෙහෙම ඉතුරුවෙලා තියන්නේ (බ)
විශාල අපරාධයක්... (නි)
අනේ ෂෝක් කාර් ටික... දුකේ බැහැ. ජපන් කාර්නෙ අනේ! අයියෝ මගේ පපුව! (නි)
තාක්ෂණයේ වරදක් නෙමෙයි, භාවිතා කරන ක්‍රමයේයි වරද (නි)
මේවා දැක්කම බයත් හිතෙනවා. තාක්ෂනේ එපා වෙනවා. (ර)
ගයාන්, මට නම් එකපාරටම මතක්වුණේ ජුරසික් පාර්ක් නෙමෙයි, බැද්දේගමේ සිලිඳුගේ ගෙදරට අන්තිමේදී වුණ දෙය (නි)
බල ශක්තිය ජන ජිවිතයට අත්‍යවශ්‍ය දෙයක් වුනත් න්‍යෂ්ටික බලාගාර රටක දියුණුවට යොදාගැනීම අනාගත පරපුරට කරන තර්ජනයකි. ස්වභාව ධර්මය අපට සියලු දේ ලබා දී තිබියදීත් අනවශ්‍ය පරිදි බල තණ්හාවට යාම නිසා මනුෂ්‍ය වර්ගයා කර ගන්නේ තමන්ගේ වල තමන් විසින්ම කැප ගැනීමය. (බ)
අපරාදේ! (නි)
'ජුරාසික් පාක්' චිත්‍රපටය මතක් වෙනවා. (ර)
ලංකාවට යකඩ ගොඩවල් සහ ජපානයේ සියලුම කුණු පටවන අය හෝ ගල දැන් ෆුකුෂිමා යනවා ඇති (බ)
ජීව, නොදන්න දෙයක් අහල දැනගන්න එක හුඟාක් වටිනවා නොදන්නා දේ දන්නවා වගේ ඉන්නවට වඩා . (ර)
ආනන්දගේ කතාව හරියට හරි. (ර)
අපේ අයට අවස්ථාව ලැබුනොත් මේවා ලංකාවට පටවයි විකිරනත් සමග. (ර)
සියල්ල අනිත්‍යයි කියන බුදු වදන සනාථ කරන්න මේවා හොද උදාහරණ. (ර)
ලංකාවෙ ජනතාවගෙන් වැඩියෙන් ඉන්නෙ නදීකලා වගේ අය තමයි. (ර)
නදීකා,ඔය ප්‍රදේශයේ විකිර්ණ තත්වය ගොඩක් වැඩියි. එවාට අනාවරණය වුණොත් දිර්ඝකාලින බලපැම් ඇති කරන්න පුලුවන්. එනිසා තමයි තමන් මහන්සිවෙලා හම්බ කරගත්ත දේවල් පවා අතඇරලා ගිහින් තියෙන්නෙ (නි)
මේවා ජාතික අපරාධ (නි)
මම ජපානයේ ඉන්නේ. ඔය පැත්තට කිසිම කෙනෙකුට යන්නේ දෙන්නේ නැහැ. ජපන් භාෂාව ඉගෙනගන්න කියලා ඇවිල්ලා හොරෙන් ඉන්න අය ඔය පැතිවල සුද්ධ කරන රස්සාවට යනවා. කුණු ගොඩවල්, අතහැරපු ගෙවල් වල බඩු ලංකාවට පටවන්න හදලා කට්ටියක් අල්ලලත් තිබුනා. (නි)
ඉතින් ඇයි මේ අතහැර දැමූ වාහන එහෙම නැවත ගෙනල්ලා පාවිච්චියට ගන්න බැරි? (නි)
මිනිසා විසින් විනාශ කරනු ලබන සුන්දර පරිසරය සොබාදහම විසින් නැවතත් සෙමින් සහ ක්‍රමානුකූලව යථා තත්වයට පත්කරනු ලබන බවට හොඳ උදාහරණයකි මෙය. (නි)