ළමුන්ට පහරදීම ඔවුන් ප්‍රචණ්ඩවීමට හේතුවක් බව ඇමෙරිකාවේ සිදුකළ පරීක්ෂණයකින් තහවුරු වී ඇත. ඔවුන් පවසන්නේ දෙමාපියන් හා වැඩිහිටියන් දරුවන්ගේ විනය ඇතිකිරීමට ගන්නා ක්‍රියාමාර්ග දරුණු ලෙස ළමයින් බලපාන බවයි. පසුකාලීනව දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාව කොතරම් හොඳ වුවත් මේ මුලින් තරවටු කිරීම පසුව ද අහිතකර ලෙස බලපාන බව පර්යේෂකයෝ කියති.
පරීක්ෂණය සිදුකළ මිචිගන් විශ්වවිද්‍යාලයේ සමාජ සේවා කටයුතු සම්බන්ධ සහකාර මහාචාර්ය ෂවනා ලී පවසන්නේ පොදු විශ්වාසයට අනුව දෙමාපියන් හා ළමයින් අතර ධනාත්මක හා හොඳ සම්බන්ධතාවක් තිබීම ළමයින් අහිතකර තත්ත්වයන්ගෙන් අත්මුදවා ගැනීමට හේතුවක් වන බවයි.
මව සිය දරුවන් හා හිතවත්කමින් සිටීමෙන් වඩා වැදගත් ප්‍රතිඵල අත්කැරගත හැකි බව ද පර්යේෂණයේ දැකවේ. මහාචාර්ය ෂවනා ලී මහත්මිය මෙසේ පවසයි.
'' ළමයින්ට අතුල් පහර දීමෙන් ඔවුන්ගේ ප්රචණ්ඩත්වය ඉහළ යනවා. ශාරීරික දඬුවම් මේ තත්ත්වය ඉහළ යාමට බලපානවා. අපි මේ අධ්‍යයනයට සුදු ජාතික ඇමෙරිකානු හා අප්‍රිකානුවන් සහ එම භාෂා කතාකරනු ලබන පවුල්වල ළමුන් 3200ට වඩා යොදාගත්තා. වයස අවුරුදු 1-5 දක්වා වයස් කාණ්ඩයන්ගේ දත්ත භාවිතා කරමින් අපි මේ පර්යේෂණය කළා. මෙහිදී අප අවධානය යොමු කළා ළමයින්ට පහරදුන්නා ද ? කොතරම් කාලයක් ළමුන් සමග හිතවත්ව කටයුතු කළා ද යන්න සම්බන්ධයෙන්. "
ඔවුන් සිදුකළ තවත් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ යොවුන් වියේ ළමුන්ට තරවටු කිරීම හෝ තර්ජනය කිරීම මගින් ඔවුන් අවපීඩනය වැනි මානසික ආබාධ වලට ගොදුරුවන බවයි. නව යොවුන් වියේ හා යොවුන් වියට පිවිසි තම දරුවන්ට බැන වැදීම, තරවටු කිරීම සහ පරිභව කිරීම හේතුවෙන් ඔවුන් මානසික ආබාධ වලට ගොදුරුවීම වැළැක්විය නොහැකියැයි ද මේ පරීක්ෂණයෙන් හෙළි වී ඇත.
බොව්ලින් ග්‍රීන් සරසවියේ මනෝ විද්‍යා මහාචාර්ය ඇනටි මැහොනි පවසන්නේ මව හෝ පියා වචනයෙන් බැන වැදීම හෝ කෑ ගසා පහර දීම දෙමාපියන් විසින් ළමුන්ට කරන හානියක් බවයි. ළමුන්ට දඬුවම් කිරීමෙන් ඔවුන් තවත් දරුණු වන බව මහාචාර්ය මැහොනි වැඩිදුරටත් කියා සිටියි. ඔහු පවසන්නේ කැගසම්න් හා පහර දෙමින් තම ළමුන් මට්ටු කිරීමට නොයන දෙමාපියන්ගේ දරුවන් මානසික ආබාධ වැළඳීමේ අනතුරුදායක තත්ත්වයෙන් මිදී සිටින බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට ඇතිවන තරහට අපි දරුවන්ට දඩුවම් නොකළ යුතුයි. ආදරය හා කරුණාව සිත්හි තබාගෙන දඩුවම් කල යුතුයි.(නදී)
මම ඉන්නෙ පොලොන්නරුවේ ...ජිවිතේ හැමදාම එපාවෙන තැනකයි මම ඉන්නෙ . මගෙ තාත්තා මට හරියට වෙනස්කම් කරනවා. මං වෙනුවෙන් රුපියලක්වත් වියදම් කරන කැමති නැ. මං මොනවා හරි ඉල්ලුවොත් (ඒවා වැඩක් නැ,සල්ලි වියදම් වෙන වැඩ ) කියලා මට පොඩි කාලෙ ඉදලම කිවුවා. අපේ තාත්තාට සල්ලි නැ කියලා හිතන්න එපා.එයා රට ඉන්නෙ . මම පොඩිකාලෙ ඉදලම රට .ලංකාවට එනවා,ආයෙ යනවා. මට දැන් වයස 19යි. මේ කාරනාව නිසා මම හැමදේම ඉල්ලන්නෙ අම්මාගෙන්. අම්මත් ජොබ් එකක් කරනවා , තාත්තා මට ඇදුමක්වත් ගන්න සල්ලි දෙන්නෙ නෑ,කන්න කැමති කැමක් ඇරන්දිලා නැ. එයා මට සලකන්නෙ නැති නිසා මම දැන් තත්තාගෙන් කිසිම දෙයක් ඉල්ලන්නෙ නැ, මට යාලුවෙක් හම්බවෙන්නවත් නැ. අම්මට කියලා ගෙදරින් එලියට ගියත් තාත්තා කෝල් කරලා බනිනවා තම පුතා සමග යහලුවෙක් මෙන් සිටිනා පියවරුන් දකිනකොට මට ඉරිසියයි. මං අසරණ වෙලා ඉන්නෙ. මන් මොනවා කියලා කරන්නද.හිතට එන කේන්තිය උපරිමයෙන් ඉවසන් ඉන්නෙ . කවදාවත් මගේ දරුවන්ටනම් මම මේ විදිහට සලකන්නේ නෑ, (බ)
සරත්, ඔයාගේ කතාවම යු ටියුබ් එකේ වීඩියෝ එකක තිබුනනේ. එකනම් පිටරට හදපු එකක් ඇත්තටම නෙවි නිකම් පණිවිඩයක් දෙන එකක්. කමක් නෑ හොද උත්සහයක්නේ...(දිල්)
ජයතිලක, ඔබේ සංවේදී පිළිතුරට ගොඩක් ස්තුතියි, ඔබ කියූ දෙයට මට හිත රිදුනේ නැහැ, මම උත්සහ කළේ මම විඳි අත්දැකීම මේ විදිහට කියලා හැම දෙනෙකුටම මේ ගැන අවබෝධ කරවන්නයි.(දිල්)
සරත්ගේ කතාවට මට කඳුළු ආවා. මටත් කියනවා නම් කියන්න ගොඩක් කතා තියෙනවා. දරුවන් ඉන්න දෙමව්පියන්ට මේ දේවල් වැටහේවා කියල ප්‍රර්ථනා කරනවා.(දිල්)
ගාල්ලේ ගමක කාර්යාලයක වැඩ කල මහත්මයෙක් සැහෙන කලෙක ඉඳන් තමාගේ හිතේ තිබ්බ සිහිනය සබැ කරමින් ගෙදරට වාහනයක් ගත්තා. වාහනය ගත්තත් ඔහු කාර්යාලයට ගියේ බස් එකේ. දවසක් ගෙදර එන විට පුංචි දරුවා කාර් එකේ යම් කිසි සීරීමක් කරලා තිබුණා. වැඩ නිමවී ගෙදර පැමිණි ඔහුට මේ සිද්දිය සැලවූ සැනින් දරුවා සමග කෝපවී එළියේ තිබු ගලක් ගෙන දරුවාගේ අතට කොටා මේ වගේ වැරදි කරන්න එපා කියමින් අවවාද කලා. වේදනාව දර ගත නොහැකි උන දරුවා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව දරුවාගේ ඇඟිලි දෙකක් කපා ඉවත්කොට තිබෙනවා. මේ කිසිත් නොසිතු පියා තමා කල වරදට පසුතැවෙමින් රෝහලට ගිය මොහොතේ දරුවාගේ ඇගිලි කපා ඇති බව දැනගත් ඔහු මර හඬ නගමින් අඩන්නට විය. එය දුටු තමාගේ දරුවා පියාට කිවේ අඩන්න එපා තාත්තේ ඇගිල්ල ඉක්මනට වැවේවි කියාය. දරුවාගෙන් පසුව විමසීමේදී දැනගන්නට ලැබුනේ කාර් එකේ ඔහු කුරුටු ගා තිබුනේ "තාත්තා" කියාය. දරුවන්ගේ මනස තේරුම් ගන්න දරුවන්ට ගහල හදන ක්‍රමය වෙනස් කරන්න.(නදී)
ඉන්දු මෙල්බන්, ඔබ සමාව ඉල්ලීම මම ඉතාමත් අගය කරනවා. ඒ වාගේම මාගේ අදහසින් ඔබට සිත් තැවුලක් සිදු වූවානම් ,මා දහස් වාරයක් ඒ පිලිබදව ඔබගෙන් සමාව ඉල්ලනවා. කරුණා ඔබගේ අදහසට උත්තර දීමට මට අවශ්‍ය නැත. වරදක් වූ විට සමාව ඉල්ලීම සහ කෙනෙකුට සමාව දීම මනුෂ සහ දේව ගතිය.(නදී)
ඉන්දුගේ අත්දැකීම මටත් ඒ විදිහටම තියනවා.(නදී)
දයාන්, ඔබගේ අදහසට ගොඩක් ස්තුතියි. මමත් හිතනවා මගේ දෙමව්පියන්ගේ හිතේ ආදරය තියෙන්න ඇති. නමුත් එයාල ඒක හරියට ආයෝජනය නොකළ නිසා එයාලට හරියට ප්රතිලාභ ලැබෙන්නේ නැහැ.(නදී)
සමාවෙන්න ජයතිලක, හැම දෙමව්පියෙක්ම මගේ දෙමව්පියන්ගේ මට්ටමෙන් මම මනින්නේ නැහැ. ළමයින්ට ආදරය කරන, ළමයිත් එක්ක යාලුවෝ වගේ ඉඳගෙන ආදරෙන් හොඳ නරක කියල දෙන දෙමව්පියන් මම දැකල තියෙනවා. මම පුංචි කාලේ ඒ වගේ මව් පියවරු ලබපු මගේ වයසේ ළමයි ගැන මට ඊර්ෂ්‍යා හිතිලා තියෙනවා. පහු කාලයේදී අධ්‍යාපනය සහ සමාජයෙන් ලද අත්දැකීම් නිසා හැම දෙයක් දිහාම සමබරව බලන්න මට හැකි උනා. (නදී)
ළමයාට ළමා ලෝකය දකින්න දෙමව්පියෝ බුද්ධිමත්ව ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්න ඕනා. දඩුවම දිය යුත්තේ දඩුවම අවශ්‍ය වේලාවේදීය.(නදී)
ජයතිලක, ඔයාගේ දෙමව්පියන්ගේ මට්ටම කව්රුවත් ඇහෙව්වේ නෑනේ. ඔයා ඉන්දුට කියපු කතාව හරි නැහැ. ඔයාගේ දෙමව්පියෝ ඔයාව දඬුවම් කරලා පීඩනයට පත්කළ නිසා තමා ඔයා අද අනුන්ට අපහාස කරන්නේ. තේරුනාද? (නදී)
අපි දරුවෝ හදන්න ඕනේ සමාජයට යහපතක් වෙන විදියට. අපේ පවුලත් බොහොම බරපතල එකක්. නමුත් එදා ඒ ගුටි කනකොට තරහ ගියාට අද අපි දන්නවා ඒ ගුටිය තමයි අද සමාජයේ අපිට හොද තැනක් ලබා දුන්නේ කියල. ළමයෙකුට ගහනවා කියන්නේ දරුණු වද දෙන එක නෙමෙයි.(දිල්)
අවවාදයට, දඬුවමට වඩා ආදර්ශය තමයි වැදගත්. හැම දේටම ලේසි කෙටි ක්‍රම හොයන අයටයි ලිව්වෙ. (නදී)
ළමයි හොඳ නරක තේරෙන මිනිස්සු කරන එක ලේසි නෑ. මෙහෙමයි කියල ක්‍රමයක් කියන්නත් බෑ කොච්චර පරීක්ෂණ කරත්. දෙමව්පියන් ආදර්ශයක් වෙලා හැසිරුණ ගෙවල් වල තමයි ගොඩක් වෙලාවට ළමයිනුත් හොඳට හැදිලා තියෙන්නෙ. ඒක හින්දා දෙමව්පියන් ආදර්ශයක් වෙනවා මිසක් ගහල හදනවද නොගහ හදනවද කියා කියා තර්ක කර කර කාලේ කන්න ඕන නෑ. (නදී)
කතාව සහතික ඇත්ත. ඒත් ඕක අපේ සමහරු තේරුම් නොගන්න එකේ වැරැද්ද.(නදී)
ඇමරිකාවේ කරන පරීක්ෂණ ඒ ආකාරයෙන්ම අපිට ගැලපෙන්නේ නැහැ. ආසියානු රටවල අම්මල තාත්තල ළමයින්ට ගහන්නේ ආදරයට. එහෙම කලා කියල වැරදිච්ච අය ඉන්නේ බොහොම අඩුවෙන්. ඒගොල්ලෝ එක එක කාලෙට එක එක ඒවා කියනවා. ඒවා ගන්නකොට ටිකක් පරිස්සමෙන් අපිට ගලපාගන්න ඕනේ.(නදී)
දරුවන්ට ආදරය කරනවා වගේම අවශ්‍යම මොහොතක පුංචි තරවටුවක් කරන්න වෙනවා කාටවත් නොපෙනෙන්න. වෙන කෙනෙක් දැක්කම ළමයට ලජ්ජා සිති පෞර්ෂයට හානි වෙනවා. අපේ ළමයින්ගේ අඩුපාඩු අපි හැදුවේ නැත්නම් සමාජය ඒක හදනවා අපේ ඇස් වලත් කඳුළු පනින්නම.(නදී)
වැරැද්ද කරපු වෙලාවේ ගහල හැදුවම එකේ ජිවිත කාලයටම මතක තියනවා. දෙමව්පියන් දරුවන්ට ආදරය කරන්න ඕන දරුවන්ට හොරෙන් (දිල්)
ඉන්දු මෙල්බන්, අපේ දෙමව්පියෝ අපිට ගහල බැනලා හදපු නිසා තමයි අද අපි රටේ හොද නීති ගරුක පුරවැසියන් හැටියට ජීවත් වන්නේ. හැම දෙමව්පියෙක්ම ඔබගේ දෙමව්පියන්ගේ මට්ටමින් මනින්න එපා.(නදී)
මොහොමෙඩ් කියන දේ හරි. හැම දේකම සීමාවක් තියෙනවා. දරුවෝ දෙයක් කරන්න ආස හිතුනම ඒක කරනවා කරන්න යන දේ හරිද වැරදිද කියල වැටහීමක් නැතුව. එතකොට වැඩිහිටියෙක් දරුවට ඒක තේරුම් කරලා දෙන්න ඕනේ ආදරෙන් මිසක් තරවටු කරලා නෙමෙයි. එතකොට දරුවට තේරිලා දරුවා ඒක නොකර ඉන්නවා. ඒත් අපි හිතමු කොච්චර තේරුම් කරත් දරුවා ඒ වැරැද්දම කරන්න හදනවා නම් පොඩි දඩුවමක් දිලා දරුවව හදන්න ඕනේ එහෙම නේද? (නදී)
ඔය කිරි හොදි හැඳි ගාන්න කැමති අයට මම අයෙත් සැරයක් මතක් කරන්නේ, දරුවෙකුට ආදරෙන් කියල දෙන දේ වටිනවා දඬුවමක් කරල කියල දෙනවට වඩා. නොකරම බැරි අවස්ථාවකදී දඬුවම් කිරීම කමක් නැහැ, නමුත් කිරි හොද්ද රස වෙන්න හැඳි ගානනම ඕන වගේ දරුවෙක් යහමගට ගන්න ඒ දරුවට දඬුවම් කරන්න, හැබැයි වද දෙන්න ඕනි නෑ(දිල්)
ඉන්දු මෙල්බර්න්, ඔයාගේ නිර්වාජ අදහස හරිම සංවේදියි. මතුපිටින් නොපෙන්නුවත් ඔයාගේ දෙමාපියන් ද ඔයාට ආදරය කරලා තිබෙනවා.එයාලගේ ලෝකය වන්නට ඇත්තේ, ඔයාගේ හෙට දවස යහපත් කිරීමයි. (දිල්)
මම නම් හිතන්නේ ආදරයි තරවටුවයි දෙකම ඕන කියල. (දිල්)
දරුවන්ට දැනෙන්නට ආදරය කරන්න,(දිල්)
නොගහා හදන ළමයත් හැදි නොගා හදන කිරිහොද්ද වගේ කියලා කියන්නේ ඇයි? අපේ දෙමවුපියෝ අපිට හොද හැටි දඩුවම් කළ නිසා අපි වැරදි මග ගියේ නැහැ. (නි)
මගේ මව සහ පිය මට ගහල නැහැ .සහෝදරයෝ 8 දෙනෙක් මම එකම හොදට හැදුණා .විවාහ උනාට පස්සේ උනත් මගේ සැමියා මට හොදින් සැලකුවා. අපි දරුවන්ට ශාරීරික දඩුවම් කෙරුවේ නැහැ .මගේ සැමියා අකාලේ මියගිය නමුත් මමත් දරුවනුත් සමගියෙන් ආදරෙන් ඉන්නවා (දිල්)
සමහර දියුණු රටවල නීතියේ හැටියට දෙමව්පියන්ට තමුන්ගේ දරුවන්ට දඩුවම් කිරීම කෙසේ වෙතත් තරවටු කිරීමක්වත් කරන්න නීතිමය අවසරයක් නැහැ. ඒ පිලිබදව දරුවෙකු හෝ පාසලේ ගුරුවරයෙකු පොලිසියට පැමිණිලි කල හොත් සමහර විට දෙමව්පියන්ට හිරේ විලංගුවේ වැටීමටත් සිදු වේවි. නමුත් මගේ පුද්ගලික අදහස නම් සුළු දඩුවමක් හෝ නොදී හදන දරුවා හැදී නොගා හදන කිරිහොද්ද වගෙයි කියලයි. (නදී)
200% එකඟයි. මම පොඩි කාලේ ඉතාමත් පුංචි වැරැද්දකට පවා දැඩි දඬුවම් ලබපු කෙනෙක්. දෙමව්පියන්ගෙන් එක්කෙනෙක්වත් ආදරයක් ලැබුනේ නැහැ. නමුත් මම ඒ දෙන්නට ගෞරව කරනවා මාව මේ ලෝකයට බිහි කලාට සහ මට හොඳින් උගන්වා සමාජයේ හොඳ තැනකට මාව ගෙනාවට. මගේ දෙමව්පියන් ගැන මට ලොකු බැඳීමක් නැහැ. නමුත් මට ගොඩක් ආදරය කල මගේ පුංචි සහ ආච්චි අම්මට අසනීපයක් හැදුනත් මට ඉවසන්න බැහැ. මගේ පෞද්ගලික අත්දැකීම ප්‍රසිද්ධියේ කීවේ දරුවන් ඉන්න දෙමව්පියන්ට මේ ගැන මීට වඩා හිතන්න ඕන කියන පණිවිඩය දෙන්නයි. (නදී)
මම නම් මගේ දුවට කවදාවත් පාරක් ගහල නැහැ. එයට ඇඟිල්ල දික් කලත් ඇති අඩන්න ගන්නවා. එයා අඬනකොට මට හරියට දුකයි.(නදී)